Life
වියළි ශාක කොටස් ගේ ඇතුළේ තබන්න එපා
නිවෙසක් තැනීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මුදල්, කාලය, වගේම ශ්‍රමයත් වැය කරන්න සිදුවෙනවා. එනිසාම නිවෙසක් තනාගැනීමට අපේ ජීවිතයෙන් විශාල කැපකිරීමක් කළ යුතුවෙනවා. වාස්තු විද්‍යාත්මක කරුණු සෑම සියලු දෙයක් පිළිබඳම අවධානය යොමුකරමින් නිවෙසක් තැනීමේදී ඇතිවන වාස්තු දෝෂ අවදානමෙන් මිදෙන්න අපි උනන්දු වෙනවා. වාස්තු දෝෂ රහිතව නිවෙසක් තැනූ ඔබ නිවෙස අලංකාර කිරීමට භාවිත කරන දේවල් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වනවා වන්නට පුළුවන්. නමුත් මෙසේ නිවෙස අලංකාරවත් කිරීමට යොදාගන්නා දේ එය නිවෙසේ පිහිටුවා ඇති ආකාරය නිවැසියන්ටත්, නිවෙසටත් බලපෑම් කරන බව අමතක කරන්න එපා.
කුකුළා ලාම්පුව
කුකුළා සහිත ලාම්පුව ඔබේ නිවෙස්වල තිබෙනවා ඔබ දැක ඇත. එය නිවෙසට සෞභාග්‍යය කැන්දන සංකේතයක්. නමුත් හිතුමනාපයේ නිවෙසේ ඕනෑම තැනකින් එය තැබීමෙන් සෞභාග්‍යය ළඟාකරගන්න බැහැ. ඔබේ නිවෙසේ ප්‍රධාන ෙදාරේ සිට බලන විට කුකුළා සහිත පිත්තල ලාම්පුව වැරැදි අන්දමට පිහිටා තිබීම නිවෙසේ සෞභාග්‍ය පලවාහැරීමට හේතු වන්නක්, නිවෙසට අමුත්තන් නොපැමිණෙන අතර, නිවෙස පාළුවීමට පවා බලපානවා. එනිසා එකී දෝෂ මඟහරිමින් පිත්තල ලාම්පුවේ කුකුළාගේ හොට ප්‍රධාන ෙදාර දෙසට පිහිටන ලෙස තැබිය යුතුයි. එවිට ඔබේ නිවෙසේ සතුට සෞභාග්‍යය නිරන්තරයෙන් රැඳී පවතිනවා.
වියළි ශාක
වියළී ගිය ශාක කොටස් නිවෙසේ සුන්දරත්වයට තබා ඇති ආකාරය අපි ඕනෑ තරම් දැක තිබෙනවා. වියළි ශාක අතු, මුල්, පත්‍ර, මල් ආදිය මෙහිදී යොදාගන්නවා. නමුත් එය නිවෙසකට අසුබ සංකේතයක්. නිවෙසේ පාළුව, භයංකර බව, ගුප්ත ස්වභාවය ඇතිවීමට හේතුවක්.
යක්ෂ මුහුණු
යක්ෂ මුහුණු, නිවෙසේ තැබීම සුදුසු නැහැ. ඉදිකරන නිවෙසක ඇස්වහ, කටවහ, වෙනත් බාහිර බලපෑම්වලින් මිදීමට එසේ යක්ෂ මුහුණු එල්ලා තැබීමට අවශ්‍ය නම් නිවෙසේ පිටත එල්ලා තබන්න. නිවෙස ඇතුළත යක්ෂ මුහුණු එල්ලා තැබීම නිවැසියන් භේදභින්න වීමට හේතුවක්.
ඡායාරූප
දෙමහල් නිවෙසක පඩිපෙළ ආශි‍්‍රතව ඡායාරූප හෝ පින්තූර තැබීමේදී ඒවා පොළොවට සමාන්තරව තැබීමට කටයුතු කරන්න. නිවෙසේ ප්‍රසන්න බව, ප්‍රියමනාප බව ගිලිහී යනවා. ඒවාගේම උමතු මානව රූප, ශෝකී බව ගැබ්වූ රූප නිවෙසේ තැබීමෙන් වළකින්න. ඡායාරූප නිවෙසේ තැබීමේදී බිම නොතබා උස් වූ මතුපිටක් මත තබන්න.
හිස් මල්පෝච්චි
හිස් මල්පෝච්චි තැබීමෙන් නිවෙසටද එකතු වන්නේ හිස්බවක්. කටු සහිත ශාක සිටුවා මල් බඳුන් නිවෙස ඇතුළත මෙන්ම නිවෙස ඉදිරිපිටද තැබීමෙන් වළකින්න.
ආගමික ස්ථානය
සීවලී පින්තූරය, රත්නාවලී යන්ත්‍රය නිවෙසේ උස් ස්ථානයක තැබීමෙන් නිවැසියන්ට සෞභාග්‍යය, ආරක්ෂාව ළඟා කර ගැනීමට හේතුවෙනවා. නිවෙසේ තිබෙන වාස්තු දෝෂ පවා භංග කරනවා. එමෙන්ම තුන්පත් රෑන, අශ්වලාඩම් ද නිවෙසට සෞභාග්‍යය ඇති කරමින් වාස්තු දෝෂ භංග කිරීමට සමත් සුබදායී සංකේතයන්.
ලාම්පු
අමුත්තන් පිළිගන්නා ස්ථානයේ පොකුරු ලාම්පු තැබීමෙන් නිවෙසට ශි්රයාකාන්තාව පැමිණීමට හේතුවක්. තමන්ගේ කායික, මානසික සතුටට හේතුවන පරිදි විසිතුරු පින්තූර සහ වෙනත් උපකරණ තැබිය යුතුයි. නිවෙසේ සුන්දරත්වය ගැන සිතා ඔබේ ඇස් යන සියලු දේ හිතුමනාපයට තැබීමෙන් වළකින්න. මන්ද එය නිවැසියන්ට අවැඩ පිණිස හේතු වන්නක් වීමට පුළුවන්. එනිසා වාස්තු විද්‍යානුකූලව නිවෙසක් ගොඩනැඟූ ඔබ වාස්තු විද්‍යානුකූලව නිවෙස සුන්දර කිරීමටත් කටයුතු කරන්න.
ඔබට බාහිර පෙනෙන සුන්දරත්වය නිවෙසට හානියක් ඇති කරන්නේ නම් ඒ නිෂ්ඵල දෙයක් බවට පත්වෙනවා. එනිසා නිවැරැදි ශාස්ත්‍රානුකූලව නිවෙසේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වීමෙන් බාහිර සුන්දරත්වය වගේම සෞභාග්‍යයත් ළඟා කරගන්න පුළුවන්. නිවෙසේ පිළිවෙළ, පිරිසුදුකම ගැන සැලකිලිමත් වෙමින් සතුට, සැනසුම, සෞභාග්‍ය ළඟා කර ගැනීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමටත් අමතක කරන්න එපා.
අපි සිතා හෝ නොසිතා, දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව නිවෙස සුන්දර කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග අපේ මුළුමහත් ජීවිතයම අසුන්දර කිරීමට හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා වාස්තු විද්‍යානුකූලව නිවෙසක් තැනීම වගේම වාස්තු විද්‍යානුකූල කරුණු නිවෙසේ එදිනෙදා කටයුතුවලදීත් භාවිතයට ගන්න අමතක කරන්න එපා. එසේ වාස්තු විද්‍යානුකූල කරුණු නිවැරැදි මඟ පෙන්වීමක් යටතේ අනුගමනය කිරීමෙන් සෞභාග්‍යය ළඟා කරගන්න.
Wmqgd .ekSu taIshka