Life
වියළි කාලගුණයකදී මතුවන ලෙඩ රෝග
මෙහිදී ජලය පමණක් පානය කිරීම ප්‍රමාණවත් නැහැ. ශරීරයෙන් පිටවන සෝඩියම් සහ
ක්ලෝරයිඩ් නැවත ලබාගැනීම සඳහා ලුණු සහිත පාන වර්ගයක් ද ගත යුතුයි.
මේ දිනවල අප බොහෝ දෙනා තුළ අධික පිපාසාවක් නිතර මතුවේ. ඊට හේතු වී ඇත්තේ පවතින වියළි කාලගුණික තත්ත්වයයි.
සාමාන්‍යයෙන්
පැවතිය යුතු උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 01 ත්a 02 ත්a අතර අගයකින් ඉහළ
ගොස් තිබීම නිසා මුළු දවස පුරා අපට දැඩි උණුසුමක් දැනේ.
කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව කොළඹ නගරයේ පවතින සාමාන්‍ය උෂ්ණත්ව
අගය සෙල්සියස් අංශක 31.8 කි. නමුත් එය සෙල්සියස් අංශක 32.3 දක්වා ඉහළ
ගොස් ඇත.
අනුරාධපුරයේ පැවතිය යුතු සාමාන්‍ය උෂ්ණත්වය වන සෙල්සියස්
අංශක 34.3 පවතින වියළි කාලගුණය නිසා සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගොස්
තිබිණි.
වෛද්‍යතුමනි, මෙලෙස පරිසර උෂ්ණත්වය ඉහළ ගිය විට සාමාන්‍ය ජනතාවට ඇතිවන අපහසුතා මොනවාද?
මිනිසුන්
වන අපගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වන්නේ නැහැ.
සාමාන්‍යයෙන් අපගේ ශරීර උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 37 ක් හෝ
µeරන්හයිට් අංශක 98.4 කි. මෙම අගය පවත්වාගෙන යැම සඳහා ශරීරය අභ්‍යන්තරය
විසින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබනවා.
පරිසර උෂ්ණත්වය ඉහළ යන විට ශරීරය විසින් දහදිය පිටකරමින් ශරීරය සිසිල් කරගැනීමට උත්සාහ ගනු ලබනවා.
නමුත් දහදිය අධික ලෙස පිටවන විට ශරීරය අභ්‍යන්තරයේ ඇති ජලය ප්‍රමාණය සහ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වන සෝඩියම් සහ ක්ලෝරයිඩ් පිටවෙනවා.
එවිට අපට පිපාසය, තෙහෙට්ටුව, වෙහෙසකර බව වැනි අපහසුතා මතු වෙනවා.
මෙම
තත්ත්වයෙන් මිදෙන්න අප දිනකට පානය කළ යුතු පිරිසිදු ජලය ලීටර 3 ක ප්‍රමාණය
හෝ ඊට වැඩිපුර ප්‍රමාණයක් පානය කිරීමට යොමුවිය යුතුයි.
මෙහිදී ජලය
පමණක් පානය කිරීම ප්‍රමාණවත් නැහැ. ශරීරයෙන් පිටවන සෝඩියම් සහ ක්ලෝරයිඩ්
නැවත ලබාගැනීම සඳහා ලුණු සහිත පාන වර්ගයක් ද ගත යුතුයි. එහිදී පලතුරු යුෂ
පානයකට ලුණු මිශ්‍ර කර හෝ තැඹිලි වතුර පානයකට ලුණු මිශ්‍ර කර පානය කළ
හැකියි.
කෙසේ වෙතත් අප වැඩි අවධානයක් යොමුකළ යුත්තේ පවතින අධික උණුසුම සහිත හිරු එළියට නිරාවරණය වීමේ ඇති අවස්ථා හැකිතාක් සීමා කරගැනීමයි.
විශේෂයෙන්ම පාසල් දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කටයුතුවලට යොමුකිරීම සීමා කළ යුතුයි.
අත්‍යවශ්‍ය අවස්ථාවකදී ක්‍රීඩාපිටියට දිවා කාලයේ යොමු කරන විට හිස් වැසුම් පැළඳීම අනිවාර්ය කළ යුතුයි.
අධික
උණුසුමක් සහිත කාලගුණයක් පවතින අවස්ථාවක අධික ලෙස ශරීරය වෙහෙසවීමෙන්
සිදුවන්නේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යැමයි. එවිට මොළයේ
ක්‍රියාකාරිත්වය අධික වී සිහිසුන්ව (Heaඑ Sඑරදනැ) ඇතිවීමට පිළිවන.
වෛද්‍යතුමනි, මෙවැනි අධික උෂ්ණත්වය නිසා කුඩා දරුවන්ට ඇතිවිය හැකි අපහසුතා මොනවාද?
කුඩා
දරුවන්ටත් අධික ලෙස දහදිය පිටවී විජලනය ඇතිවිය හැකියි. එසේම පවතින උණුසුම
දරාගැනීමට තරම් ඔවුන්ගේ ශරීරයේ මෘදු සම හැඩගැසී නැති නිසා දහදිය බිබිලි සම
මත දද කුෂ්ට ආදිය මතුවීමේ ඉඩකඩ වැඩියි.
මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් මත ඊට අදාළ ප්‍රතිකාර ලබාගැනීම කළ යුතුයි.
එසේම දුහුවිලි සහිත පරිසරයක් පවතින නිසා දරුවන් තුළ ශ්වසන රෝග මතුවීමේ ඉඩකඩ වැඩියි.
නිතර කැස්ස පැවතීම, හුස්ම ගැනීමේ අපහසුතා මතුවීම සිදුවේ. මෙවැනි අවස්ථාවකදීත් නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගැනීම වැදගත්ය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks