Beauty
වියලි සම ඔබටත් ප්‍රශ්නයක්ද? එසේනම් ඔබට ව්සදුම් මෙන්න.
වියලි සම බොහෝ දෙනෙකුට ඇති ප්රශ්නයකි. එය ජිවිතයේ කුමන කලකදී වුව මතුවිය හැක. මෙය රෝගයක්ම නොවූවත් සමහරක් දෙනා එයින් මානසික පීඩාවකට පත්වේ. එමෙන්ම අධිකව සම වියලීම නිසා නිරෝගී සමක පෙනුම නැති වී අවලස්සන පෙනුමක් ඇතිවේ. සම කොරල ස්වභාවයක් ගනී. සම මතුපිට ඉරි වැනි ස්වභාවයක් ඇතිවිය හැක.වියලි සමක් සහිත අය උණු වතුරින් මුහුණ සේදීම නොකළ යුතුයි. මේ අතර වියළි සම තෙතමනයෙන් තොරයි, රළු ස්වභාවයක් ගනී .
ශාරීරික රෝග නිසා ඇතිවන වියලි සම බොහෝවිට මුළු ශරීරයටම බලපායි. එහිදී ශාරීරික රෝග ලක්ෂණද සමග ඒ සමග බොහෝවිට දක්නට ලැබේ.උදාහරණ ලෙස විවිධ සර්වාංග රෝගී තත්වයන් නිසා ඇතිවන වියලි සම.ශරීරයේ ඇති විවිධ රෝග නිසා වියලි සම ඇතිවිය හැක.තයිරොයිඩ් හෝමෝනයේ අඩු හෝ වැඩි බව.අක්මාවේ රෝගී තත්වයන්.වකුගඩු රෝගී තත්වයන්.විටමින් ඌනතා වැනි දේවල් ගන්න පුළුවන්. සමහර කාලගුණ තත්ව, විශේෂයෙන්ම තද සුළං පවතින සීතල කාලගුණයේ දී සම ඉක්මනින් වියලී යන අතර ඉරි තැලීම සිදුවේ. නිරෝගී පැහැපත් සමකට විටමින් සහ විවිධ ඛනිජලවන ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන්ම විටමින් A සහ විටමින් ක ඌනතාවය නිසා අවපැහැ වියලි සමක් ඇතිවේ.
වියලි සමට ප්‍රතිකාර
පිපිඤ්ඤා ගෙඩියක් පොඩිකර මුහුණ, නළල, ඛෙල්ල ආදී ස්ථානවල ආලේපකර විනාඩි 20කට පමණ පසුව සෝදා හරින්න. මෙයින් සමේ වියළි බව තුරන් වේ. කුරුලෑ, ලප, කැළැල් ආදිය ඉවත් වෙයි.
තයිරොයිඩ් අබාධයක් හදුනාගතහොත්, ඒ සදහා ප්‍රතිකාර කිරීමෙන් වියලි සම නැතිකර ගත හැක.එසේ නොමැති අවස්ථා වල ප්‍රධාන වශයෙන් සිදුවන්නේ, වියලි මොයිස්චරයිසර් ක්‍රීම් භාවිතා කිරීමයි.
කොට්ටම්බා ඇට, අමු රෝස කැකුළු එළකිරෙන් අඹරා ආලේප කරන්න. මේ මගින් සම පිරිසුදු වේ. සමට පෝෂණය ලැබේ. සම වියළීම වළක්වා තරුණ පෙනුම ලබාදෙයි.
මෙම රෝගීන් සබන් වෙනුවට ඤAටබදමි කරු්ප %වැනි ක්‍රීම් වර්ගයක් භාවිතා කල යුතුය. (මෙම ක්‍රීම් ඕනෑම ෆාමසියකින් ලබා ගත හැක.) මිට හේතුව බොහෝ සබන් වලින් වමේ ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි ස්රාවයන් සෝදා හරින අතර එයින් සම ක්ෂණිකව වියලි තත්වයකට පත්වේ.
ඒ හැරුණු විට සමේ ඇති වියලි ස්වභාවය සහ කොරල ස්වභාවය මත විවිධ ආලේපන ඇත.
අධික වශයෙන් වියලි සමක් පවතින යට විශේෂ ක්‍රීම් වර්ග වෛද්‍ය උපදේශනයකින් පසුව නිර්දේශ කෙරේ. මෙම ක්‍රීම් මිල අධික නොවන අතර නිතර නිතර භාවිත කල යුතුය.
එසේම මෙම ක්‍රීම් ගැල්වීමේදී ශරීරයේ රෝම වර්ධනය වන පැත්තට පමණක් ආලේප කල යුතුය. උදාහරණ වශයෙන් කකුලේ උඩ සිට පහලට පමණක් පිරිමදිය යුතුය. එසේ නොමැති වූ විට සමේ ආසාදන ඇතිවිය හැක.
මෙම ක්‍රීම් වර්ග වලින් තමන්ට හොදින්ම ගැලපෙන ක්‍රීම් වර්ගය දිගු කාලීනව භාවිතා කල යුතුය. එසේම යහපත් ප්‍රතිපල ලබා ගැනීම සදහා සම සේදීමෙන් පසුව පිසදමා වහාම ක්‍රීම් ආලේප කල යුතුය.
ඉහත ප්‍රතිකාර මගින් ඔබට සම වියලිමෙන් ඇති වන ප්‍රශ්න මග හරවා ගන්න පුළුවන්.වෛද්‍ය උපදෙස් මත ක්‍රීම් වර්ග භාවිත කරන්න.සම පිරිසිදු කර වියලි බව තුරන් කර තරුණ පෙනුමක් ඔබටත් ලබා ගන්නට මෙම ලිපිය උපකාරී වනු නොඅනුමානයි.
curtesy :wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)