Health
වැස්සත් එකයි - පෑව්වත් එකයි ස්වසන රෝගවලින් නම් අඩුවක් නැහැ
කාලයේ හැටියට ජිවත් වෙන්න ඕනෑ කියන එක සාමාන්‍යයෙන් මිනිස්සු අවබෝධ කරගත් රටාවක්. ඇඳුම් පැළඳුම් කතා බහ යාන වාහන කාලයත් එක්ක වෙනස් වෙද්දී ඒවා දෝතින්ම වැළඳගන්න අපේ අදවිය බොහොම සමත්. නමුත් ලෙඩක් දුකක් හැදුනාම ඒ ලෙඩේට ගැලපෙන ආකාරයට කටයුතු කරන්න බොහොමයක් දෙනා උනන්දු වෙන්නම නෑ. මේ නිසා ලෙඩේ තවදුරටත් වැඩිවෙනවා.
අව්ව වැස්ස අතරේ මේ දවස්වල ගෙවෙන කාලගුණය නිසා වැළඬෙන ඇතැම් ලෙඩ රෝග ඇත්තටම තේරුම් ගන්නත් බැරි තරම්. කලින් දැනගෙන හිටියොත් පුංචි හරි ගැලවීමක් තියෙන නිසා මේ කාරණා සියල්ලම කොයිකාටත් වැදගත්. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණගතිය නිතර නිතර හැදෙන නිසා මේ ගැන අලුත් පණිවිඩයක් ලබා දෙන්නේ, මහනුවර ශික්ෂණ මහ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතායි.
ර්‍ණකැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උණ මේ දිනවල සුලබව දක්නට ලඛෙන ලෙඩ රෝග අතරේ ප්‍රධාන තැනක් ගන්නවා. වැස්ස වැඩි උණත් අව්ව වැඩි වුණත්, මේ කාලගුණ තත්ත්වයන් දෙකම ස්වසන පද්ධතියට අහිතකරයි. එහෙම වුණත්, අව්ව වැස්ස අපට මග අරින්න බෑ.
ස්වසන පද්ධතියේ රෝග තිඛෙන බවට හඳුනාගෙන තියෙන උදවිය කුමන කාලගුණික තත්ත්වයකදී වුවත්, තමන්ගේ ආරක්ෂාව නිරෝගීභාවය ගැන හිතන්න ඕනෑ. සාමාන්‍ය පරිසරය ජලවාෂ්ප සහිත සීතල වුවත් වියළි අධික උෂ්ණත්වය සහිත වුවත්, විෂබීජ ව්‍යාප්ත වෙනවා.
තද පෑවිල්ලක් එහෙමත් නැතිනම් අව්ව පෑවිල්ල සහිත කාලගුණ තත්ත්වයක් නම්, මිනිස් සිරුරේ ශ්ලේශ්මල පටලය වියලි ස්වභාවයක් ගන්නවා. මේ නිසා කැස්ස ඇදුම වැනි රෝග තත්ත්ව තවදුරටත් වර්ධනය වෙනවා.
වැස්ස වැඩිවන විට පරිසරය සීතල වෙමින් ජලවාෂ්ප ප්‍රමාණය වැඩිවෙනවා. මේ පරිසර තත්ත්වය තුළදී මිනිස්සු ආශ්වාස කරන්නේ, සිසිල් ජලවාෂ්ප මේ අනුව, ස්වාසනාලිකා සංකෝචනය කරනවා. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව කියන රෝග තත්ත්වයන්ට ලක් වෙනවා. මේ සමඟම විෂබීජ ශරීර ගත වූ විට උණ ගතියක් ඇති වෙනවා.
සාමාන්‍යයෙන් කැස්ස, පීනස වැනි රෝග ඇති පුද්ගලයෙකුට නම්, රෝග තත්ත්වයන් වැඩි වී නිව්මෝනියාව දක්වා රෝගය උඩු දුවනවා.
කිවිසුම්, නාසය හිරවීම, ඔලුවෙ කැක්කුම, කන් කැක්කුම, ඇස, නාසය, උගුර කැසීම වැනි පීනස රෝග ඇති අය වර්ෂා කාලයේදී විශේෂයෙන්ම නිවසින් බැහැරට යාමේදී උණුසුම් ඇඳුම් භාවිතා කළ යුතුයි. වියළි කාලගුණ තත්ත්වයේදී දූවිල්ලෙන් ආරක්ෂා වීම පිණිස මුව ආවරණයක් හෝ පැළඳිය යුතුයි.
අප නොදැනුවත්වම අපේ නිවසේ විෂබීජ වර්ධනය වෙනවා. කාමරවල බිත්ති නිතර තෙතමනයෙන් යුක්ත නම් සීතල නම්, බිත්තිවල දිලීර වර්ධනය වෙනවා. මේවා ස්වසන පද්ධතියට අහිතකරයි. ඇතැම් නිවෙස්වල ජනෙල් දොරවල් නිතර වසා තබනවා. මෙවැනි අවස්ථාවකදීත් නිවස තුළ දිලීර වර්ධනය වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා කිවිසුම් යාම හරහා අපට අඟවන්නේ නිවස තුළ විෂබීජ වර්ධනය වී ඇති බවයි.
ළමයි ලෙඩරෝග වලින් ආරක්ෂා කරගන්න වැඩිහිටියෝ නොකරන දෙයක් නැහැ. නමුත් වැඩිහිටියෝ කළ යුතු ගැන හොඳ අවබෝධයක් නැහැ. ස්වසන ආබාධ ඇති අය හෝ නැති අය පොදුවේ සියලු දෙනාම, නිතර පිරිසිදුව සිටීම නිවෙස් පිරිසිදුව තබා ගැනීම, උණුසුම් ආහාර ගැනීම, සීතකළ ආහාරවලින් වැළකී සිටීම, ආදී කරුණු අවබෝධ කරගත යුතුයි. පරිසරයට නිරාවරණය නොවී සිටිය යුත්තේ, තමන්ගේ සිරුර නිරෝගීව තබා ගැනීම පිණිසයි.
තමන්ට කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උණ වැළඳි ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමුවිය යුත්තේ, දැන් දැන් බොහෝදෙනා සිරුරේ ආරක්ෂාව නිරෝගි බව පිළිබඳ සිතමින් කටයුතු නොකරන නිසයි.
Wmqgd .ekSu