Health
වැඩිහිටි පිටගැස්ම
දරුවකු මෙලොව බිහි වූ දා සිට ආරක්ෂිතව හදා වඩා ගැනීමට මව්පියවරුන්ට මෙන්ම සෞඛ්‍ය අංශයට ද මනා වගකීමක් පැවරේග එබැවින් අවශ්‍ය කාල නිර්ණයන් අනුව එන්නත් කිරීම ඉතාමත් වැදගත් කාරණයකිග ඒ අනුව බැලූ කල පිටගැස්ම සඳහා ලබා දෙන එන්නත සම්බන්ධයෙන් මව්පියවරුන් මෙන්ම දරුවන් රැක බලා ගන්නා සියලු පාර්ශවයන් දැනුවත් විය යුතු බව එන්නත් හා වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය පෙන්වා දෙනවාග වෛද්‍යවරියගේ අදහස් විමසුමෙන් පිටගැස්ම එන්නත භාවිතා කළ යුතු ක්‍රමවේදය කවරේ ද යන්න පහදා ගත හැකියග
පිට ගැස්ම කියන්නේ බැක්ටීරියාවක් මඟින් වැළඳෙන රෝගයක්ග එය ස්නායු පද්ධතියට සංවේදීතාවයක් ඇති කරයිග ඉන් පසු මාංශපේශිවල තද ගතියක් ඇති වී ගැස්මක් ඇති වේග කොන්ද ආශ්රිත මාංශ පේශිවල ගැස්මක් ඇතිවීම හේතුවෙන් මෙය පිට ගැස්ම ලෙස සලකනු ලබයිග සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ පිට ගැස්ම එන්නත දරුවන්ට ලබා දෙන ත්‍රිත්ව එන්නතට ඇතුළත් කර තිබෙනවාග ඒ අනුව දරුවකුට මාස 2ල 4ල 6 සහ 18 ලෙස ත්‍රිත්ව එන්නතත් සමග ලබා දෙනවාග
පිටගැස්ම විෂබීජය තිබෙන්නේ පස තුළයිග යම් පුද්ගලයකුට තුවාලයක් වූ පසු තුවාලය හරහා මෙකී බැක්ටීරියාව ශරීරයට ඇතුළු වී විෂක් ඇති කරවීමට සමත් වෙනවාග ඒ මගින් රෝග ලක්ෂණ පහළ විම ආරම්භ වෙනවාග මාස 18 දී පිට ගැස්ම එන්නතෙහි 4 වැනි මාත්‍රාව ලබා දුන් පසු නැවතත් එම ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා අවුග 5 දී ද්ව්ත්ව එන්නත සමග පිටගැස්ම එන්නත ලබා දීම සිදු කරනවාග
ඊට පසු අවුග 10 ජ් 13ත් අතර කාලයේ දී නැවතත් ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා එන්නත ලබා දීම සිදුකරනවාග මෙය සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය මගින් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහනක් අනුව සිදු කරන්නකිග පාසල් සමයේ දරුවන් එතරම් සැලකිල්ලක් තැකීමක් සෞඛ්‍ය සම්බන්ධයෙන් නොමැති නිසා මෙය ක්‍රියාත්මක කරයිග බොහොමයක් දරුවන්ගේ ක්‍රියාශීලීත්වය අනුව වැටීම්ල තැලීම්ල සීරීම් සිදුවිය හැකි අතර ඒ මගින් විෂබීජය ඇතුළු වීමේ අවදානමක් ද ඇතග එම අවදානම අවම කරවීමේ අරමුණෙන් මෙම එන්නත් කිරීම සිදුකරනු ලබයිග
මෙලෙස දෙවරකදී ලබා දෙන පිටගැස්ම එන්නත් සංඝටකයේ වෙනසක් නොමැතග එහෙත් වැඩිහිටි පිටගැස්ම එන්නත ඒඛ්ච් ලෙස හඳුන්වනවාග මේ තුළ ගලපටල රෝගයේ සංඝටකයකුත් ඇතග ළදරු කාලයේ ලබා දෙන ත්‍රිත්ව එන්නතෙහි සංයුතියෙහි වෙනසක් සිදු වන්නේ ගලපටල සංඝටක ප්‍රමාණය අඩුවීම යග අවුග 10 දී එන්නත ලබා දුන් පසු නැවත අවුග 20 වනතුරු දරුවකුට කිසිම අවස්ථාවක පිටගැස්ම එන්නත ලබා දීම සුදුසු නැතග
විශේෂයෙන් දක්නට ලැබෙන කාරණයක් වන්නේ අවුග 10ට පසු එන්නත ලබා දී ඇති දරුවාට අවුග 20ට පෙර එන්නත ලබා දෙන අවස්ථා තිබීමයිග එය සිදු වන්නේ නොදැනුවත්කම නිසා විය හැකියිග පාසලේ දී දරුවාට අනතුරක් වූ විට වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමේ දී වෛද්‍යවරයා නොදැනුවත් වුවොත් එන්නත ලබා දීමේ අවදානමක් තිබෙනවාග එනිසා මේ පිළිබඳ සැලකිල්ලක් දැක්වීම අත්යවශ්යයිග කෙසේ නමුත් අවුග 10 සීමාවේ දී එන්නත ලබා නොගත් දරුවන්ට පමණක් යම් අනතුරක් සිදු වූ අවස්ථාවක එන්නත ලබාදිය යුතුයිග
අනවශ්‍ය ආකාරයට එන්නත ලබා දීමෙන් අතුරු ආබාධ මතුවීමේ ඉඩකඩක් ද තිබේග එනිසා වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගැනීම අත්යවශ්යයිග පිටගැස්ම එන්නත කුඩා දරුවකුට ලබා දීමේ දී කලවට ලබාදිය යුතුයිග එය දරුවාගේ අතේ උඩ බාහුවට නොදිය යුතුයිග
නිවැරැදි ක්‍රමයට එන්නත් නොකිරීම තුළත් ආබාධ මතුවිය හැකියිග දියර එන්නතක් ලෙස සැලකෙන පිටගැස්ම එන්නත අයිස් වන තුරු නොතැබිය යුතුයග අවශ්‍ය උෂ්ණත්වය එන්නතට ලබාදිය යුතුයිග එසේ නොවුණහොත් එන්නතේ ක්‍රියාකාරීත්වය ද අඩුවිය හැකියිග ගර්භණී අවස්ථාවේ දී මාස 3 පසු වූ පසු එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙනවාග ඒ මගින් උපදින්නට සිටින දරුවාට හොඳ ආරක්ෂිත ආවරණයක් ලැබෙනවාග එනිසා පිටගැස්ම තත්ත්වය ළදරුවන්ගෙන් වාර්තා වන්නේ නැතග
Wmqgd .ekSu