Life
වැඩිපුර පාඩම් කිරීමෙන් භින්නෝන්මාදය ඇති වෙනවාද?
උණ සෙම්ප්‍රතිශ්‍යාව හෘදයාබාධ දියවැඩියාව වැනි අපට වැළඳෙන බොහෝ රෝග
ගණනාවක් තිබෙන බව කවුරුත් දන්නා දෙයකි. මේ අතර මානසික රෝග ද ගණනාවකි.
නමුත් මානසික රෝග ගණනාවක් තිබෙන බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි. ෂCD නමින්
හැඳින්වෙන මානසික රෝග වර්ගීකරණ පොතෙහි සඳහන් විධියට විවිධ ආකාරයේ මානසික
රෝග දස දහස් ගණනාවක් තිබේ. ඒවා අතර සුළු මානසික රෝග මෙන්ම මධ්‍යම සහ
බරපතළ මානසික රෝග වෙන් කර ගත හැකියි. එයින් අපේ සමාජයේද දැකිය හැකි බරපතළම
මානසික රෝගය කුමක්දැයි යන්න ගැන සාකච්ඡා කිරීමට මෙවර අප අදහස් කළෙමු.
ඔබතුමා
මනෝ වෛද්‍ය ක්ෂේත්රයේ මෙරට මෙන්ම විදෙස් රටවලත් බොහෝ අත්දැකීම් බහුල
මනෝ වෛද්‍යවරයෙක් අපට කියන්න ලොව තිබෙන බරපතළම මානසික රෝගය කුමක්ද?
ඔබ හැඳින්වීමේදී සටහන් කළ පරිදි මානසික රෝග දහස් ගණනක් තිබෙනවා. නමුත් එම රෝග අතරින් බරපතළම රෝගය වන්නේ භින්නෝන්මාදයයි .
එම රෝගය ගැන කෙටි පැහැදිලි කිරීමක් කළොත්?
අපේ
සමාජයේ බොහෝ දෙනා මානසික රෝගයක් විදියට දන්නේ මේ රෝගයයි. හේතුව ඔවුන් ගේ
පෙනුමෙන් හැසිරීමෙන් සහ වෙනත් සෑම විදිවලින්ම ඔවුන්ට මානසික රෝගයකින් පෙළෙන
බව පෙනෙනවා. අපි වෙනත් වචනවලින් කීවොත් උමතු රෝගය යනුවෙන් පවසන්නේ මෙම
රෝගයටයි.
මේ රෝගය හඳුනා ගන්නේ කොහොමද?
මූලික දේ වන්නේ
භින්නෝන්මාදය වැළඳුන රෝගියෙක් ගේ ඇති වන පෞරුෂයේ බිඳ වැටීමයි. එනම් ඔවුන්
සිතන පතන විදිය වෙනස් වෙනවා. ඔවුන්ගේ කතාව වෙනස් වෙනවා. සෑම විටම තනි
වෙන්න බලනවා. තනියම කතා කරනවා. සිනාසෙනවා. තම රැකියාව පවුලේ යුතුකම්වලට ඇති
අවශ්‍යතාව නැති වී යනවා. වෙනකක් තබා තමන්ගේ එදිනෙදා පිරිසිදුකම ගැන පවා
උනන්දුවක් නැතිව යනවා.
මෙම අසනීපය වෛද්‍යවරයෙක් හඳුනා ගන්නේ කෙසේද?
එම
රෝගය හඳුනා ගන්න අවශ්‍ය කරන සියල්ල ජාත්‍යන්තර රෝග විනිශ්චය කාරක
පොත්වලින් ඉදිරිපත් කොට තිබෙනවා. අප එය හඳුනා ගන්නේ එමගිනුයි. එහි ප්‍රධාන
ලක්ෂණ වර්ග දෙකක් තිබෙනවා. පළමුවැනි වර්ගය වන්නේ නිකම්ම කට හඬවල් ඇසීම,
සිතිවිලි වෙනස් වීම සහ අධික සැකය වැනි ලක්ෂණයි. දෙවැනි වර්ගය වන්නේ
තනිවීම, කතා නොකර සිටීම, පෞද්ගලික පිරිසිදුකම ගැන නොසැලකිලිමත් වීම වැනි
දේවල්.
මෙය මනස වෙනස් වීමෙන් හැදෙන රෝගයක්ද? එසේ නැතිනම් මොළයේ ස්නායුවල ඇති වෙනස්වීමක් නිසා ඇති වන රෝගයක්ද?
ඒ
දෙක නිසාම සිදුවෙනවා. මුලින්ම වන්නේ මොළයේ ස්නායු කාරක වෙනස්වීමයි. අපි
දැන් දන්නවා මොළයේ නොයෙකුත් විකෘතිතා ඇති වන බව. උදාහරණ විදියට මොළය යම්
කිසි හැකිළීමකට පත් වෙනවා. ඒ වගේම ස්නායු සෛල ක්ෂය වෙනවා. තව මොළය තුළ
ඇති පණිවිඩ හුවමාරු කරන කෙඳි ක්ෂය වෙනවා. මෙවැනි වෙනස්කම් රාශියක් ඇති
වූ පසු මනස වෙනස් වෙනවා.
භින්නෝන්මාදය හැදීමට මූලික හේතුව සොයා ගෙන තිබෙනවාද?
අපි
දන්නා විදියට මූලික හේතුව වන්නේ ජානවල ඇති බලපෑමයි. භින්නෝන්මාදය පවුල්
තුළින් ඇති වන රෝගයක්. ඒ වගේම කලලය කුස තුළ සිටින විට මවට ඇති වන සමහර
ආසාදන තත්ත්වයන්ද බලපානවා. උදාහරණයක් විදියට වෛරස් උණ හැදීම සහ
එදංදචක්sපදිසි නම් රෝගය හැදීම බලපාන බව දැන් අපි දන්නවා. ඒ අනුව දැනට සොයා
ගෙන තිබෙන්නේ ජානවලින් ඇති වන බලපෑම් සහ මව්කුස තුළ ඇති වන ආසාදන
තත්ත්වයන් මීට බලපාන බවයි.
ගංජා පාවිච්චියත් මේ රෝගය ඇති කරන දෙයක් විදියට මා අසා තිබෙනවා එහි සත්‍යයක් තිබෙනවාද?
ඔව්
ගංජාවලින් නොයෙක් විකෘතිතා ඇති වෙනවා. එමගින් මෙම රෝගයට විදි දෙකකින්
බලපෑ හැකියි. ඉන් එකක් වන්නේ මා කලින් සඳහන් කළ ජාන ඇති කෙනෙකුට මේ රෝගය
හැදීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. දෙවැන්න වන්නේ මේ රෝගයට ආසන්න වෙනත් මානසික
රෝග ඇති විය හැකි ඉඩ කඩ වැඩි වීමයි.
කල්පනා කිරීම වැඩි වීම එසේ
නැතිනම් අධික ලෙස පාඩම් කිරීම වැනි හේතු නිසා මේ තත්ත්වය ඇති වන බවට බොහෝ
දෙනා අතර විශ්වාසයක් තිබෙනවා එහි ඇත්තක් තිබෙනවාද?
නැහැ. භින්නෝන්මාදය මොළයේ රෝගයක්. එය කල්පනා කිරීම නිසාවත් පාඩම් කිරීම වැඩිකම නිසාවත් ඇති වන රෝගයක් නොවෙයි.
වෛද්‍යතුමනි භින්නෝන්මාදය හැදෙන්න වයසක් තිබෙනවාද? එසේම ගැහැනු පිරිමි වෙනස අනුව රෝගය හැදෙන ආකාරය වෙනස්ද?
භින්නෝන්මාදය
හැදෙන්නේ තරුණ වයසේදීයි. එනම් වයස අවුරුදු 25 ට පෙරයි. ගැහැනු උදවිය නම්
වයස අවුරුදු 50 වන තෙක් මෙම රෝගය හැදෙන්න පුළුවන්. ඒ වගේම රෝගය හැදීමේ
ඉඩකඩ ගැහැනු පිරිමි කියා වෙනසක් නැහැ. ඒ වගේම මෙහිදී මතක් කළ යුතුයි
60%ක්ම මානසික රෝග හැදෙන්නේ වයස අවුරුදු 20ට කලින් බව.
මෙම රෝගයට ප්‍රතිකාර කළ හැකිද?
ඔව්
දැන් කාලේ සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. පළමුවෙන්ම තිබෙන ප්‍රතිකාරය වන්නේ
ඖෂධ ප්‍රතිකාරයි. එමගින් අර මා කලින් කී මොළයේ වෙනස්කම් ක්‍රමයෙන් අඩු කළ
හැකියි. දෙවැනි ක්‍රමය වන්නේ මා කලින් සඳහන් කළ සමාජ ගත නොවීම වැනි රෝග
ලක්ෂණවලට ප්‍රතිකාර විදියට මානසික රෝගීන් පුනරුත්ථාපන කරන මධ්‍යස්ථානවලට
යොමු කළ හැකියි.
මේ අසනීපයට ප්‍රතිකාර නොකර සිටියහොත් සිදු වන්නේ කුමක්ද?
රෝගයට
ප්‍රතිකාර නොකර සිටියහොත් රෝගය එන්න එන්නම උත්සන්න වෙනවා. එසේ වී මොළයේ
වෙනස්කම් එක්තරා අධික තත්ත්වයකට පත් වූ පසු රෝගය සුව කළ නොහැකියි. නමුත්
මා කලින් සඳහන් කළ අධික රෝග ලක්ෂණත් අඩු වෙනවා. හරියටම කැලයක් පිළිස්සී
ගියා මෙන්. ඔබ මහ මගදී දැක ඇති කැළි කසළ එකතු කර ගෙන පාරේ යන උමතු රෝගීන්
එවැනි තත්ත්වයට පත් වු අයයි. මේ තත්ත්වය කෙනෙකුගේ ජීවිතයට ඇති වන මහ
විනාශයක්.
මෙවන් රෝගියකු සිටින පවුලේ අය දැන ගෙන සිටිය යුතු දේවල් මොනවාද?
පළමු
වන දේ මෙම රෝගීන්ගේ ඇති වන විකෘති හැසිරීම්. කතා බහ සහ කිසිම දෙයකට
සම්බන්ධ නොවීම මේ රෝගයේ ලක්ෂණ බව අවබෝධ කර ගන්න. දෙවැනි කාරණය වන්නේ මෙම
රෝගීන් විවේචනය කිරීම, පමණට වඩා ඔවුන් කෙරෙහි හැඟීම් දැක්වීම රෝගයට
නුසුදුසු බව මතක තබා ගන්න. තෙවැනි කාරණය වන්නේ මොවුන්ට බෙහෙත් දීම අඛණ්ඩව
කළ යුතු දෙයක්. මෙම රෝගීන් බොහෝ විට බෙහෙත් ගැනීමට අකමැතියි. ඔවුන් බෙහෙත්
විසි කරනවා නැතිනම් බෙහෙත් ගැනීමට නොහැකි බව කියනවා. එයට හේතුව මේ රෝගීන්
තමන්ට රෝගයක් ඇති බව විශ්වාස කරන්නේ නැහැ. එවැනි අයට විශේෂ එන්නත් වර්ග
පවා දැන් තිබෙනවා. ඒ නිසා බෙහෙත් ගැනීම අනිවාර්ය කළ යුතුයි. සුව අතට හැරෙන
විට ඔවුන් මානසික පීඩනය අඩු රැකියාවකට යොමු කිරීම වැදගත් වෙයි. විභාගවලට
ඉදිරිපත් වීම වැනි දේවල් ඔවුන්ට අපහසු බව තේරුම් ගත යුතුයි.
භින්නෝන්මාදය ජීවිත කාලයටම ප්‍රතිකාර කළ යුතු රෝගයක්ද?
මෙම
රෝගයට ප්‍රතිකාර ගන්න කියලා තීරණය වන්නේ කරුණු දෙකක් මතයි. පළමුවැන්න
වන්නේ කෙතරම් බරපතළ ලෙස රෝගය බලපා තිබෙනවාද කියන එක මතයි. දෙවැන්න වන්නේ
කෙතරම් කාලයක් රෝගය තිබෙනවාද යන්නයි. රෝගය බරපතළ ලෙස හැදී තිබෙනවා නම් ඒ
වගේම රෝගය අවුරුදු ගණනක් ප්‍රතිකාර නොකර සුව නොවී තිබෙනවා නම් ඔවුන්ට
ජීවිත කාලය තුළම ප්‍රතිකාර ගත යුතුයි. නමුත් 25%කට පමණ අවරුදු 2-4 වැනි
කාලයකින් ප්‍රතිකාර නතර කළ හැකියි.
වෛද්‍යතුමනි මෙම අසනීපයට ප්‍රතිකාර ගන්නා අතරේ රෝගය පාලනය වෙමින් පවතින මට්ටමේ පසුවන අයට විවාහ විය නොහැකිද?
පුළුවන්. එකම කොන්දේසිය විය යුත්තේ තමන් විවාහ වන පුද්ගලයාට විවාහ වීමට පෙර ඔහු හෝ ඇය මෙම රෝගයෙන් පෙළෙන බව පවසා තිබීමයි.
දරුවන් හැදිය හැකිද?
ඔව් එයට බාධාවක් නැහැ.
නමුත් මා අසා තිබෙනවා භින්නෝන්මාදය තිබෙන දෙමාපියෙකුට එම රෝගය ඇති ළමයින් ලැබෙන බව ඒ ගැන ඔබේ අදහස?
එය
අනිවාර්යෙන් සිදු වන දෙයක් නොවෙයි. අපේ රටේ භින්නෝමාදයෙන් පෙළෙන
දෙමාපියන්ට දාව බොහෝ හොඳ බුද්ධිමත් දරුවන් ඉපදී සිටිනවා. දෙමාපියන්
දෙදෙනාගෙන් එක් අයෙක් මේ රෝගයෙන් පෙළෙනවා නම් උපදින දරුවාට බලපාන්න තිබෙන
ඉඩකඩ ප්‍රතිශතය 8%යි. අනෙක් 92%කටම හැදෙන්නේ නැහැ. ඒ වගේම තවත් දෙයක්
සොයා ගෙන තිබෙනවා එනම් මෙවැනි පවුලක ඉතා බුද්ධිමත් දරුවන් ඇතිවන ඉඩකඩ
වැඩියි.
අපේ රටේ මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන පහසුකම් තිබෙනවාද?
දැනට තිබෙනවා. නමුත් තව දියුණු තත්ත්වයක් ඇති විය යුතුයි.
එයින් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
තවමත්
අපේ රටට මනෝ වෛද්‍යවරුන් මදි. දෙවැන්න වන්නේ දැනට සිටින මනෝ වෛද්‍යවරුන්ට
පවා ඔවුන් සේවය කරන රෝහල්වල මානසික රෝගීන් සඳහා වාට්ටු නැහැ. ඒ වගේම මනෝ
වෛද්‍ය ඒකක වෙනම ඒකක නැහැ. එසේ වූ විට නිසි සේවයක් ලබා දීම අසීරුයි.
මේ පිළිබඳ වෛද්‍ය උපදෙස් තවදුරටත් අවශ්‍ය නම් 081-2232928 හෝ 081 4481427 අමතන්න
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks