Health
වැඩිපුර කේන්ති ගියොත් හෘදයාබාධයක් ඇතිවෙන්නට පුළුවන්
ඔබටත් නිතරම තරහ යනවදරෑ ඒ මදිවට හයියෙන් කෑගහන්නත් යනවදරෑ තරහ ගිහින් මේ විදිහට කඩා පනින එක හදවතට අපලයි කියල පසුගියදා යුරෝපීය හෘද සඟරාවක තිබුණු අධ්‍යයන වාර්තාවක දැක්වුණාග මේ වාර්තාව පවසන විදිහට තරහ ගිහින් කඩා පනින අයට ඊළඟ පැය 2 ඇතුළතදී හෘදයාබාධයක් හැදෙන්න තියෙන ඉඩ හුඟාක් වැඩියිග
මේ අවදානම වැඩියෙන්ම තියෙන්නේ මීට කළින් හෘදයාබාධයක් ඇති වූ අයටත් නිතරම කේන්ති යන අයටත්ග ඉඳහිට දවසක කේන්ති ගිහින් පොළොවෙ අඩි හප්පන අයට එකපාරම හෘදයාබාධයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ අඩුයිලුග
එත් ඉතින් වැඩිය තරහ නොගෙන ඉවසීමෙන් වැඩක් කරනවා නම් ඒත් සෞඛ්‍යයට වගේම එදිනෙදා ජීවිතයටත් බොහොම වටීවිග
ෆ දියවැඩියාව තිබෙන අයට නිදිමැරීම තහනම්
ර්ණදියවැඩියා සත්කාරය” :ඩයබටික් කෙයාර්- කියන සඟරාවේ මෑතක පළවූ පර්යේෂණ තොරතුරකට අනුව ගුණාත්මක නින්දක් නොලැබීම ලේ වල සීනි මට්ටම ඉහළ දමන බව සොයාගෙන ඇතග
මේ කෙටි පර්යේෂණය සඳහා දියවැඩියා රෝගීන් 40ක් සහ නීරෝගී පුද්ගලයන් 115ක් දින 6ක් තිස්සේල ඔවුන් ලබන නින්ද පිළිබඳව පර්යේෂණයට ලක් කරනු ලැබුවාග රාත්‍රී කාලයේදී ඔවුන් ලබන නින්ද තාක්ෂණික උපක්‍රම තුළින් මෙන්ම ඔවුන්ගේ ප්‍රකාශ තුළින් ද සටහන් කරගත් අතර පර්යේෂණයේදී පෙනීගියේ නින්ද නොලබන දියවැඩියා රෝගීන්ගේ උදෑසන රුධිර සීනි මට්ටම යහපත් නින්දක් ලබන නිරෝගී අයට වඩා සියයට 28ක ඉහළ අගයක් ගන්නා බවයිග එසේ නම් හොඳ නින්දක් ලැබීම දියවැඩියා ප්රතිකාරයක්ග
ෆ දියවැඩියා රෝගීන්ට හෘදයාබාධ අවදානමක්
හෘදයේ රෝගයක් ඇති කිරීමට ප්‍රබලම අවදානම් සාධකයක් ලෙස දියවැඩියාව සැලකෙයිග මෙයට ප්‍රධානම හේතු ලෙස සැලකෙන්නේ දියවැඩියා රෝගීන් තුළ සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණ හෘදය රෝගයටත් මඟ කැපීමයග එම සාධක වන්නේ තරබාරු බව :ස්ථුලතාවය-ල අධික රුධිර පීඩනයල කෙලෙස්ටරෝල් අධික වීම යනාදියයිග දියවැඩියාව සහිත පුද්ගලයන් තුළ ඉතා බරපතළ තත්ත්ව උදාවීමට මෙම සාධක සමත්යග
ලේවල අඩංගු සීනි ප්‍රමාණය ඉහළ යාම ක්‍රම කිහිපයකින් රුධිර නාළ කෙරෙහි බලපෑමට පුළුවනග ධමනිවල රුධිර නාල ඇතුළු පැත්තෙහි ස්ථරයට හානි කිරීමට සමත්යග එසේ හානිවන තැන්වල මේදය තැන්පත් වී රුධිර ගමන් මාර්ගය අවහිර කරවයිග එසේම මෙසේ තැන්පත් වන මේද කුට්ටි පුපුරා යාමට හේතු පාදක වන අතර එය හෘදයාබාධයකින් කෙළවර විය හැකියග එපමණක් නොව ශරීරය විසින්ම තනන රුධිර නාල ඉහිල් කිරීමට සමත් ස්වාභාවික රසායනියක් වන නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම පහළ හෙලීමටත් එය සමත්යග
ෆ හෘදයාබාධ වැළැක්වීමට ඇස්පී‍්‍රන් සමත් දරෑ
හෘදයාබාධයක් වැළඳුන අයට මෙන්ම හෘදයාබාධයක් පිළිබඳ අවදානමක් සහිත අයට ද නිතිපතා ඇස්පී‍්‍රන් ගන්නා ලෙසට වෛද්‍යවරු නිර්දේශ කරතිග රුධිර පට්ටිකා :ප්ලේට්ලට්ස්- එකිනෙකට ඇලීල ධමනි නාල තුළ රුධිර ගමනාගමනයට අවහිර කරන කැටී ඇතිවීම වැළැක්වීමට ඇස්පී‍්‍රන් සමත් නිසා මෙම පියවර ගැනීමට හේතුවෙයිග
මෙහිදී සිදු වන උපක්‍රමය නම් මෙසේ රුධිර පට්ටිකා එකිනෙක ඇලීමට උදව්වන ත්රොම්බොක්සේන් ඒ ලෙස හැඳින්වෙන ප්රොස්ටග්ලැන්ඩිග් ද්‍රව්‍යය ඇති කරනල දුම ක්‍රියාදාමයට හරස් වෙමින් රුධිර පට්ටිකා එකිනෙකට ඇලීම වැළැක්වීමට ඇස්පී‍්‍රන් හෙවත් ඇසිඩ් ඇසිටයිල් සැල්සිල්ක් සමත් වීමයිග කෙසේ වෙතත් මෙහිදී හිතුමතයට ඇස්පී‍්‍රන් නොගෙනල නිවැරදි මාත්‍රාව වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතු බව අමතක නොකරන්නග
ෆ නින්ද අඩුවුනොත් අධික රුධිර පීඩනය ෂුවර්ෟ
ඇමෙරිකානු හෘද විද්‍යාඥ විද්‍යායතය මේ මෑතකදී පර්යේෂණයක් සිදු කර එමඟින් සොයා බැලුවේ රාත්‍රී නින්ද අඩුවෙන් ලබන අයගේ රුධිර පීඩනයට නින්ද අඩුවීම කෙලෙස බලපානවද යන්නයිග
දවස් 16ක් පුරා වයස අවුරුදු 18 -36ක් අතර කණ්ඩායමක රුධිර පීඩනය දවස පුරාම විමර්ශනය කළ පර්යේෂණයක් මඟින් සොයා ගත්තේ පැය 4කට අඩුවෙන් නින්ද ලබන අයගේ රුධිර පීඩනය රසදිය මිමි 115රැ64ක් පෙති දී පැය 9කට වඩා නින්ද ලබන අයගෙ නිදි රුධිර පීඩනය රසදිය මිමි 105රැ57ක් තරම් ඇති මට්ටමක පැවති බවයිග ඒ වගේම නින්ද අඩුවෙන් ලැබූ අයගේ හෘද ස්පන්දන වේගය ද ඉහළ ගිය බව පර්යේෂකයන් සොයා ගෙන ඇතග
මේ ප්‍රතිඵල අනුව අධික රුධිර පීඩනයෙන් පෙළෙන වයස්ගත උදවිය පැය 8-9 ක නින්දක් ලැබීම බොහොම වැදගත් බව පෙනීයන්නක්ග
Wmqgd .ekSu �k�K mqj;a m; weiqfrks