Life
වාල තියෙද්දී මළ ගෙවල්වලට යන්න හොඳද?
කෙනෙකුට දුකක්, කරදරයක් වුණාම පිහිට වෙන එක මනුස්සයෙක් විදිහට අපි තවත් මනුෂයෙකුට දක්වන මනුස්සකමක්. ඒ වුණත් සමහර වෙලාවට සමහර මනුෂයන් කරන වැඩ දැක්කාම නම් ඒවා මනුෂ්‍යයෙක් විසින් කිසිදාකවත් නොකළ යුතු අමනුෂකම් කියලත් සමහර අය කියනවා.
සැපතේදී අනෙකා සමඟ සතුට පී‍්‍රතිය ඛෙදා හදා ගන්නවා වගේම ඔවුන්ගේ දුකේදී කඳුලේදී ද ඔවුන්ට පිහිට වීමත් ඉතා හොඳ ගුණාංගයක් තමයි. ඒ වුණත් සමහර වෙලාවට අපේ සමාජයේ මුල් බැසගත් ඇතැම් කරුණු කාරණා නිසාත් වැරුද්දක් නොමැතිව සමහර මනුෂයන්ව අමනුෂයන් විදිහටත් පේන එක අපට වළක්වන්නවත් බැහැ. කෙසේ වෙතත් මනුෂ්‍ය අමනුෂ්‍ය ගැටලුව තරමක් දුර දිග ගිය තේමාවක් වුවත් ඇත්තටම මනුෂ්‍යයෙකුගේ සෞඛ්‍යයට අමනුෂ්‍යයෙකුට බලපෑම් කළ හැකි දැයි විමසා බැලීම ඉතා වැදගත්.
ඇත්තෙන්ම මළ ගෙදරක එසේත් නැතිනම් යම් අයෙක් මිය ගියවිට ජීවත්ව සිටින අයෙකුට ඇති වූ තුවාලයක් පැසවන්නට පුළුවන් ද? ඇතැම් විට මේ බිය නිසා ඇතැම් අය තම සමීපතමයන්ගේ පවා මරණ ගෙවල් ප්‍රතික්ෂේප කරන අවස්ථා සමාජයේ ඕනෑ තරම් දැකගත හැකියි. සැබවින්ම එසේ විය හැකිද? මේ ඒ පිළිබඳ වෛද්‍ය මතයයි. සාමාන්‍යයෙන් මරණ ගෙදරක් යනු වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථානයක්. ඒ නිසා තරමක තුවාලයක් (විශේෂයෙන් පාද ආශි‍්‍රතව) තිඛෙන අයෙකුට විසබීජ ඇතුළු වී ඒ තුවාලය පැසවීමට ලක් වීමේ වැඩි ඉඩකඩක් තිඛෙනවා.
ඒ වගේම දිගුවේලාවක් සිටගෙන සිටීම නිසාද කුණු දුහුවිලිවලට නිරාවරණය වීම නිසාද තුවාලයක් තිඛෙනවා නම් එය පැසවීමේ වැඩි ඉඩකඩක් තිඛෙනවා. එසේ වුවත් මියගිය තැනැත්තාගේ දේහය මඟින් ඇතිවන විසබීජ මඟින්නම් තුවාලය පැසවිමක් සිදු නොවන බවත් එම ස්ථානය ආශි‍්‍රත බොහෝ පිරිසක් ගැවසීමෙන් ඇතිවන කුණු දූවිලි නිසාත් තුවාලයක් තිබේ නම් ඊට යම් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බවත්ය.