Life
වහාම ඇස් පරීක්ෂා කළ යුතු අවස්ථා
මෙලොව එළිය දුටුදා සිට මිය යනතුරුම ලොව දකින අපගේ ඇස් දෙක රැක ගැනීමට අපි කොයි කවුරුත් වෙහෙසෙන්නෙමු.
හොඳින්
ඇස් පෙනෙනවිට අපට ඇස් දෙකෙහි අගය එතරම් නොදැනුනත් ඇස් පෙනීම
දුර්වලවනවිට අපි ඇස් දෙක පිළිබඳව වෙනදාට වඩා උනන්දුවෙන් යුතුව අවධානය යොමු
කරන්නෙමු.
ඇස් පෙනීම දුර්වල වනවිටදී පමණක් නොව ඇසෙහි කිසියම්
වෙනසක් මතුවන විටදී ද අප වහාම ඇස් පරීක්ෂා කරවා ගත යුතුය. එසේ නොවුණහොත්
ඇස් පෙනීම දුර්වල වීමට වඩා අකාලයේ ඇස් දෙක අන්ධභාවයට පත්වීමට ද හේතුවේ.
ඇස් පරීක්ෂා කරගත යුතු
විශේෂ අවස්ථා
ඇස්
දෙකෙන් විදුලි කොටනු මෙන් දැනෙනවිට, ඇසේ පෙනුම එකවර නැතිව යනු මෙන්
දැනෙනවිට, අලුත උපන් දරුවාගේ දෙනෙතින් කඳුළු ගලනවිට යන අවස්ථාවලදී වහාම
අක්ෂි වෛද්‍යවරයකු හෝ දෘෂ්ටි විශේෂඥවරයකු වෙත ගොස් ඇස් පරීක්ෂා කරගත
යුතුය.
ඇස්වලින් විදුලි කොටනු දැනීම
ඇස් දෙකින් වරින් වර විදුලි කොටනු මෙන් දැනෙන්නේ දෘෂ්ටිවිතානයට හානි සිදුවූ විටදීය.
මෙලෙස දෘෂ්ටිවිතානය හානියට ලක්වීම සිදුවන අවස්ථාවක් වනුයේ ඇසට තදින් පහරක් වැදුන විටදීය.
එවිට දෘෂ්ටිවිතානය ඉරීයැමට හෝ ගැලවී යැමට ලක්විය හැකිය.
එබැවින් ඇසට දරුණු ලෙස පහරක් එල්ල වූ විට වහාම ඇස් පරීක්ෂාවකට යොමුවිය යුතුය.
දෘෂ්ටිවිතානය
සම්පූර්ණයෙන් ගැලවී ගියහොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීම ඉතා අපහසුය. එබැවින්
මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් දෘෂ්ටිවිතානය ගැලවී යැම නිසා
සිදුවන ඇස් අන්ධවීම වළක්වා ගත හැකිය.
පෙනීම එකවර නැතිවී යැම
ඇතැම්
පුද්ගලයන්ගේ ඇසේ පෙනීම එකවර නොපෙනී යැමක් සිදුවේ. බොහෝවිට මෙවැනි
අවස්ථාවනට ලක්වන්නේ කොලෙස්ටරොල් අධික බවින් පෙළෙන පුද්ගලයන්ය.
මෙලෙස
ඇස් පෙනීම එකවර නවතින්නේ ඇස් රුධිර නාලයක් කොලෙස්ටරෝල් තැටියකින්
අවහිරවූ විටදීය. එවැනි අවස්ථාවකදී වහාම ඇස් දෙක සම්බාහනය කරමින් විනාඩි
90 ක් ඇතුළත අක්ෂි සායනයකට ගොස් ප්‍රතිකාර ලබාගත යුතුය.
එසේ නොකළහොත් ඇසේ රුධිර සංසරණය නතරවී ඇස් අන්ධ වේ.
එබැවින් කොලෙස්ටරෝල් අධික බවින් පෙළෙන පුද්ගලයන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අලුත උපන් දරුවාගේ
ඇසින් කඳුළු ගැලීම
අලුත උපන් දරුවකුගේ ඇස් දෙකින් කඳුළු ගලන්නේ ඉපදී මාසයක් පමණ ගතවූ විටදීය.
ඉපදී සතියක් ඇතුළත කඳුළු ගලයි නම්, ඇස් පිහාටු ඉදිමී ඇත්නම් දරුවා වහාම රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදිය යුතුය.
මෙය දරුවාගේ කළු ඉංගිරියාව දිරායැමේ රෝගය (ධචයඑය්කපස් භමදබ්එරමප) නිසා මතුවන රෝග ලක්ෂණයකි.
බොහෝවිට
මෙවැනි දරුවන් බිහිවන්නේ සමාජ රෝග වැළඳී ඇති මවුවරුනටය. සමාජ රෝග නිසා
ඔවුනගේ යෝනි මාර්ගයේ ඇති විෂබීජ දරු ප්‍රසූතියේදී දරුවාගේ ඇහි පිහාටුවල
තැවරීම නිසා මෙම රෝගය මතුවේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks