SexEducation
වර්තමානයේ පිරිමින්ගේ මඳ සරු බවට බලපා ඇති ප්‍රධාන හේතු
විවාහක යුවළකට දරුඵල පමා වන විට සමාජයේ වැඩිම පීඩාවට පත්වන්නේ කාන්තාවය. නමුත් වෛද්‍ය මතය නම් එහි වගකීම බිරිඳටත් සැමියාටත් දෙදෙනාටම සම සමව හිමිවන බවය. එබැවින් පළමුව අපි දරුඵල පමාවීමේදී සැමියාට පැවරෙන වගකීම ගැන විමසා බලමු.
වෛද්යමතුමනි, දරුඵල පමාවීම සම්බන්ධව සැමියාට බලපාන ගැටලු මොනවාද?
විවාහ වී දරුඵල ප්‍රමාදයි කියා පසුතැවෙමින් ප්‍රතිකාර ලබාගැනීමට මා වෙත පැමිණෙන අඹුසැමියන් බොහෝ දෙනකුට පවතින්නේ මඳ සරු බවය. මෙය ප්‍රතිකාර මගින් සුව කළ හැකි තත්ත්වයකි.
මෙම මඳ සරු බව සැමියාට බලපා ඇති ආකාරය පිළිබඳව සොයා බැලූ විට ඒ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා.
පළමු කරුණ තමයි වැරදි අවබෝධය. දෙවැනි කරුණ, වැරදි ඇබ්බැහිවීමය. තෙවැනි කරුණ තමයි මානසික පීඩනය.
වැරදි අවබෝධය
විවාහ වී දරුඵල අපේක්ෂාවෙන් ල්sංගිකව එක්වන බොහෝ පුරුෂයන්ට තම බිරිඳගේ ඔසප් චක්‍රයේ සරු කාලය පිළිබඳ අවබෝධයක් නැහැ. එනිසා බොහෝ අඹුසැමියන් සරු කාලයේ එක් නොවී දරු ඵල ප්‍රමාදයි කියා පසුතැවෙනවා.
වැරදි ඇබ්බැහිවීම්
දරු කළලයක් ඇතිවීමේදී පුරුෂයාගේ ශරීරයෙන් නිපදවන නිරෝගී සක්‍රීය ශූක්රාණුවක් අවශ්‍යයි. ඒ සඳහා ඔහු සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතුයි. අධික ලෙස මත්පැන් පානය, දුම්පානය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා පුරුෂයකුගේ වෘෂණ කෝෂ මගින් නිපදවන ශුක්‍රාණුවල දුර්වලතා හටගන්නවා. එම ශුක්‍රාණුවලට ඩිම්බයක් සමඟ එක්වීමට හැකියාවක් නැහැ.
මානසික පීඩනය
නිතරම සෘණාත්මක ආකල්පවල සිටින පිරිමින් තුළ මතුවන්නේ අසුබ ආකල්පය මට බැහැ. මම දන්නෙ නැහැ වැනි ආකල්ප තුළ සිටින විට ඔවුන් තුළ ඇති ආත්ම ශක්තිය පිරිහී යනවා.
වෛද්‍යතුමනි, මෙම ගැටලුවලට ඇති ප්‍රතිකාර මොනවාද?
වැරදි අවබෝධය සඳහා කළ යුත්තේ බිරිඳගේ ඔසප් චක්‍රයේ සරු කාලය පිළිබඳව නිසි වෛද්‍ය උපදෙස් මත හඳුනාගෙන එම සරු කාලයේදී ලිංගිකව එක්වීමය. මෙහිදී බිරිඳත් සැමියාත් දෙදෙනාම එම සරු කාලයේදී එක්වීම සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය හැඟීම් දෙදෙනා තුළම තිබීම අත්‍යවශ්‍යය.
වැරදි ඇබ්බැහිවීම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී තමාගේ දුර්වල වී ඇති ශුක්‍රාණු ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ඖෂධීය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතුයි.
ලිංගික ශක්තිය වර්ධනය කරන ප්‍රතිකාර රැසක් ආයුර්වේදයේ තිබෙනවා.
ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට සහ එය සාර්ථකව සිදුකර ගැනීමට මානසික නිරවුල් බව අත්‍යවශ්‍යය. එබැවින් නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන එම ප්‍රතිකාර ක්‍රම කෙරෙහි විශ්වාසය තබාගැනීම තුළින් තමා තුළ බිඳවැටී ඇති මානසික තත්ත්වය යළි ගොඩනඟා ගත හැකියි.
පුරුෂයකු තුළ මඳ සරු බව ඇතිවීමට මෙම ප්‍රධාන කරුණුවලට වෙනත් කරුණු බලපෑ අය ද සිටිනවා. වැරදි ලිංගික පුරුදු, අධික උෂ්ණය සහිත ස්ථානවල රැකියාවේ නිරතවීම, විවිධ රෝග සඳහා දීර්ඝකාලීනව ප්‍රතිකාර ගැනීම ආදී හේතු නිසා ද මඳ සරු බවට පත් වූ පුරුෂයන් හමුවෙනවා. ඔවුනොවුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් මඳ සරු බව නැති කළ හැකියි.
මේ පිළිබඳව වැඩිදුර වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංක 0775109862 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks