Health
වයස 40 ඉක්ම වූ පසු රුධිර පීඩනය පරීක්ෂා කරගන්න
අධි රුධිර පීඩනය යමෙකුට පවතී නම් එහි ඇති බැරෑරුම් තත්ත්වය වන්නේ අධි රුධිර පීඩනය තමාට තිබෙන බව රෝගියා නොදැන සිටීමයිග කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවීම අධි රුධිර පීඩනය තිබෙන රෝගීන්ට ඇති ප්රබලතම අවාසිදායක තත්ත්වයයිග
එහිදී ඇතැමුන් රුධිර පීඩනය නොමැති යැයි සිතා ඖෂධ නවතා දැමීම නිසා තමන් නොදැනුවත්වම තමාගේ ජීවිතයට අනතුරක් ඇති කර ගැනිමට උත්සාහයක යෙදෙයිග මෙවැනි රෝගීන් රුධිර පීඩනය මැන බලන තාක් තමා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදනීගඑබැවින් මේ හේතුව නිසා ගත යුතු බුද්ධිමත් තීරණය වන්නේ සාමාන්‍යයෙන් වයස 40 ඉක්ම වූ පසු රුධිර පීඩනය පරීක්ෂා කිරීමයිග
රෝගියෙකු තමාට අධි රුධිර පීඩනය තිබෙන බව දැනගෙන නොකඩවා ඖෂධ ලබා ගන්නේ නම් එම ඖෂධවලින් රෝගය පාලනය වේග දිනපතා ඖෂධ ලබා ගැනීමට අකමැති ඇතමෙකු විසින් ඖෂධ ලබා ගැනීම නවතා දමන්නේ බොහෝවිට තමා කාලයක් ඖෂධ ලබාගත් නිසා අධි රුධිර පීඩනය දැන් අඩු වී ඇතැයි සිතේ පවතින විශ්වාසය මතයග රෝගියා එලෙස සිතීම අනුවණ කමකිග ඖෂධ නවතා දැමූ සැනින් නැවතත් අධි රුධිර පීඩන තත්ත්වය උදාවන අතර අවාසනාවකට එය රෝගියාට නොදැනෙන බැවින් රෝගියා සිිතනුයේ දැන් ඔහු සුවපත් වී අවසානයි කියායග මේ අනුවන තීරණය නිසා රෝගියාට හදිසියේ හෘදයාබාධයක්ල ආඝාතය වැනි තත්ත්වය උදාවිය හැකග ප්‍රෙෂර් තත්ත්වයට රෝග ලක්ෂණයක් නොමැති වීමේ තත්ත්වය නිසා අවසානයේ බැට කන්නේ ද රෝගියාමයග
ඖෂධ ලබා ගැනිමෙන් කළ හැක්කේ රෝගය පාලනය කිරීම පමණිග ඖෂධ ලබා දීමෙන් කිසිවිටක අධි රුධිර පීඩනය නිට්ටාවට සුව කළ නොහැකි බව සත්යයකිග
නිව්මෝනියාල ඩෙංගුල මැලේරියාවල මී උණල ක්ෂය රෝගයල ලාදුරු වැනි භයානක ගණයේ රෝග යම්කිසි කාලසීමාවක් තුළදී ඖෂධ මඟින් නිට්ටාවට සුව කළ හැකග ප්‍රතිකාර නිමාවූ පසු ඖෂධ නවතා දැමිය හැකි අතර දීර්ඝකාලීනව හෝ ප්‍රතිකාර කිරීමෙන් රෝගය නිට්ටාවට සුව කළ හැකග අධි රුධිර පීඩනය යනු එවැනි රෝගි තත්ත්වයක් නොවේ ග ඒ
සඳහා ඖෂධ ගැනීමේදී ඒවා ජීවිතාන්තය දක්වා ලබා ගත යුතුයග ප්‍රෙෂර් පාලනය කළ හැකි වන්නේ නිරන්තරයෙන් ප්‍රෙෂර් පෙති ලබා ගැනීමෙන් පමණිග යම් හෙයකින් ප්‍රෙෂර් සදහා ලබා ගත් ඖෂධ වලින් ප්‍රෙෂර් සුව වුවා යැයි ඇතැම් උදවිය සිතතිග එසේ සිතා ඔවුන් ප්‍රෙෂර් සදහා ලබා දෙන ඖෂධ නතර කරතිග එසේ නතර කළහොත් නැවත වරක් ප්‍රෙෂර් ඇතිවිය හැකග රබර් බෝලයක් වතුර බේසමක ඔබා අත ඉවතට ගත් විට බෝලය ජලයේ උඩට මතු වේග අධි රුධිර පීඩනයට දිය හැකි හොඳම උදාහරණය ද එයයිග ඖෂධ ලබා ගන්නා තෙක් අධි රුධිර පීඩනය පාලනය වුවද ඖෂධ නතර කළ විගස නැවත අධි රුධිර පීඩනය ඇති වේග මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ අධි රුධිර පීඩනය සහිත රෝගීන් කිසිවිටක ඖෂධ ලබා ගැනීම නතර නොකළ යුතු බවයිග අධි රුධිර පීඩනය සඳහා වූ නවීන ඖෂධ මඟින් බොහෝ දෙනෙකුට අධි රුධිර පීඩනය පාලනය කර නීරෝගීව ජීවත්විය හැකි අතර එවැනි ඖෂධවල අතුරු ආබාධ ද නැතග අධි රුධිර පිඩනය ඇති රෝගීන් ට මුහුණ දිමට සිදුවන බරපතලම ගැටලුව වන්නේ අධි රුධිර පීඩනය නිසා සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන්ට සෘජු ලෙස බලපෑම් සිදුවිමයිග මේ බලපෑම් මත සංකූලතා රාශියක් ඇතිවිය හැකග හෘදයාබාධල හෘද අකර්මණ්යල ආඝාතයල වකුගඩු අකරණීයල ඇස් පෙනීම දුර්වල වීමල අන්ධ භාවය මෙන්ම ශරිරයේ රුධිර නාල ඉදිමීම නිසා රුධිර නාල පුපුරා යෑම ද සිදු විය හැකග එවිට අභ්‍යන්තර රුධිර වහනය ආදී සංකූලතාවන්ට රෝගියා ගොදුරු විය හැකි අතර මෙවැනි සංකූලතා නිසා මරණය පවා සිදුවිමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත
curtesy : dinamina.lk