Beauty
වයස අවුරුදු තිහට වැඩිද?
ටිකෙන් ටික තරුණ විය අපි කෙරෙන් ඈත් වෙන්නට පටන් ගන්නකොට වියපත් වීමේ ලක්ෂණ අපේ මූණෙන් සමෙන් පෙන්නුම් කරන්නට පටන් ගන්නවා.
මේ අවස්ථාවේදීම මෙයට නිසි පිළියම් ප්‍රතිකර්ම කරන්නට සැලකිලිමත් නොවුණොත් වයසට වඩා වයසක පෙනුමක් ගෙන දෙන ආකාරයෙන් ඔබේ පෙනුම ශීඝ්‍රයෙන් වෙනස් වන්නට පුළුවන්. එම නිසා එය නොතකා ඉන්නට එපා.
සමෙහි එල්ලා වැටීම බොහෝ විට අවුරුදු 30 න් පසුව ආරම්භ වෙනවා. මෙවන් තත්ත්වයක් පෙන්නුම් කරන විටම වහාම අවශ්‍ය පියවර ගන්න. එවිට එම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ වේගය ඔබට පාලනය කරගැන්ම අපහසු වන්නේ නෑ.
ඒ ආකාරයෙන් වයස්ගත පෙනුම මතුවීමට බලපාන හේතු විමසා බැලුවොත්?
සමට අවශ්‍ය කරන ඔක්සිජන් මදි වීම
සම තුළ වන පරිවෘත්තිය ක්‍රියාවලිය වෙනස් වන්නට පටන් ගැනීම
වයසට යාමේදී සමේ සෛලවල එකතු වන වතුර ප්‍රමාණය වැඩිවීමක් සිදුවනවා. එසේ එම වතුර එකතු වීමෙන් සම එල්ලා වැටීමේ ක්‍රියාවලිය එතැන් සිට ඇරඹෙනවා. මෙහි පළමුවැනි පියවර ඒකයි.
වයස්ගත වීම ආරම්භ වීමත් සම`ගම සමේ තරල එක්තැන් වීමක් සිදුවනවා. වයසට යන්න යන්න මෙම තත්ත්වයේ වැඩිවීමක් සිදුවන්නට පුළුවන්. එවිට මුහුණේ මාංස පේශින් එල්ලා වැටීමට පටන් ගැනීමත් සමේ පරිවෘත්තිය වෙනස් වීමත් නිසා සම වියළි බවට පත්වී සමේ ස්වාභාවිකව තිඛෙන තෙතමනය ද අඩු වී යයි. මෙයින් සිදු වන්නේ සමේ සියුම් රැලි ඇතිවීමයි. මෙම සියුම් රැලි කල්ගත වීමේදී ගැඹුරු ආකාරයේ රැලි ඹපඪදජතඥ බවට පත්වීමට පුළුවන්.
මෙම තත්ත්වය ම`ගහරවා ගනිමින් සමෙහි ශක්තිමත් බව පවත්වා ගැනීමට සිදු කෙරෙන රූපලාවණ්‍ය ප්‍රතිකර්ම මොනවාද?
මෙහිදී විශේෂිත ප්‍රතිකර්මයක් සිදු කරනවා. ප්‍රථමයෙන් සිදු කරන්නේ සමට අවශ්‍ය කරන ඔක්සිජන් ලබාදීමයි. ඉන්පසුව ඩිටොක්සිෆිකේෂන් (ච්ඥබධයඪටඪජචබඪධද) ම`ගින් සමේ තැන්පත්ව ඇති විස ද්‍රව්‍ය වෙත්නම් ඉවත් කරනු ලබනවා. එයින් පසුව තරථනඩචබඪජ ඤපචඪදඨඥ එක සිදුකරනවා. මෙහිදී වසා තරලය ඉවත් කිරීම සහ සෛලවල එකතුවන පටක තරල පරිවෘත්තියට බැහැර කිරීමක් සිදු කරනවා. මෙම ක්‍රියාවලියෙන් පසුවයි අප මුහුණේ සම එසවීම නැත්නම් ෆෙස් ලිෆ්ට් එක කිරීම ආරම්භ කරන්නේ.
මෙහිදී සමට හානි නොවන ලෙස සමේ පේශි පිහිටා ඇති ආකාරයට මාංස පේශීන් ඉහළට එසවීමක් සිදු කරනවා. මෙය සාමාන්‍යයෙන් විනාඩි දහයක් පමණ කාලයක් සිදු කරන අතර සම්පූර්ණ ප්‍රතිකාරය සඳහා පැයක පමණ කාලයක් ගත වෙනවා. එසේ කිරීමෙන් පසුව නැවත වරක් විශේෂ උපකරණයක් ම`ගින් ෆෙස් ලිෆ්ට් එක ම`ගින් මාංසපේශීන් තද කිරීමක් සිදු කරනවා. මෙය සතියකට වරක් බැගින් සති හතරක් කිරීමෙන් ප්‍රතිඵල වඩාත් සාර්ථක වෙයි. ඉන්පසු සති තුනක්, සති දෙකක් වශයෙන් ක්‍රම ක්‍රමයෙන් අඩුවන පරිදි මෙය අනුගමනය කරන්න පුළුවන්.
ඉන් අනතුරුව එම තත්ත්වය පාලනය කිරීමට මසකට වරක් බැගින් මෙම ප්රතිකර්මය සිදුකළ හැකියි. ඔබේ වයස්ගත පෙනුම ඉස්මතු වීම මෙම`ගින් ඉතාමත් සාර්ථකව පාලනයකර දෙමින් තරුණ පෙනුම පවත්වා දෙන නිසා එය කිසිසේත්ම ඔබට ගැටලු සහගත තත්ත්වයක් ඇති නොකරයි. මෙහි අනෙක් විශේෂත්වය නම් මෙය අතුරු ආබාධවලින් තොරවීමයි.
මෙම ප්රතිකර්මය කාන්තාවන්ට පමණක් විශේෂිත වූවක්ද?
නෑ. මෙය කාන්තා පිරිමි කියලා භේදයක් නෑ. දෙපාර්ශවයටම තමන්ගේ තරුණ පෙනුම රැකගන්න හොඳම ප්‍රතිකර්මයක්.
මෙය සිදු කෙරෙන්නේ මොන ආකාරයෙන්ද?
ඕනෑම ප්‍රතිකර්මයක් සත්කාරයක් කිරීමට කලින් අප සම පිරිසුදු කරගත යුතුයි. මෙහිදී මුලින්ම කරන්නේ සම ක්ලෙන්සර් කිරීමයි. ඉන්පසු බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත්කර පැක් එක යොදනු ලබනවා. මේ සඳහා සීවි පවුඩර් එක ටෝනර් සම`ග මිශ්‍රකර පැක් එකක් වශයෙන් මුහුණේ තවරා නියමිත කාලයෙන් පසු ඉවත් කරනු ලබනවා. මෙම පැක් එකෙහි විශේෂත්වය ගැන තවදුරටත් සඳහන් කළොත් සමේ තෙතමනය පාලනය කරන්නත් වයසට යාමේ වේගය පාලනයකර මාංස පේශීන් මනාව ශක්තිමත් කිරීමේ හැකියාවත් මෙම පැක් එක තුළ තිඛෙනවා.
(under the courtesy of goodhousekeeping.lk web)