Life
වකුගඩු රෝග සුවපත් කිරීමට හෙළ වෙදකමෙන් නිසි ප්‍රතිකාරයක්
බෝ නොවන රෝගයක් ලෙස වර්තමානයේ බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝග නිසා ජීවිත අවදානමකට ලක්වූ පිරිස් දහස්a ගණන් සිටින බව අපි දනිමු. මේ රෝගීන් දින ගණන් රෝහල්වල සිට ගන්නා ප්‍රතිකාරය කෙතෙක් දුරට සාර්ථක හෝ අසාර්ථක දැයි අපට කීමට නොහැකි වුවත් දේශීය වෙදකමෙන් කරන ප්‍රතිකාරය වැරදුන බවක් නම් දක්නට නැති බවත් අපි දනිමු. කෙසේ වෙතත් මේ භයානක වකුගඩු රෝගීන්ගේ රෝග තත්වයට සාර්ථක ප්‍රතිකාරයක් කළ හැකි වෙදැදුරුවරයකු පිළිබඳව අපට අසන්නට ලැබුණි.
ඒ පොළොන්නරුව බැඳිවැව විහාරස්ථානයේ කළ වකුගඩු රෝග පිළිබඳ දේශීය වෛද්‍ය සායනයකදීය.
මේ වෛද්‍ය සායනය පිළිබඳව පසුගිය දිනෙක අපට අසන්නට ලැබුනේ අහම්බෙනි. අහම්බෙන් අසන්නට ලැබුණත් මෙහි ඇති වැදගත්කම හා වකුගඩු රාaගීනට් ඇති ප්ර්රයෝජනය කෙතරම්ද යන්න සොයා බැලීමට අපි ඒ ගැන අවධානයට ලක් කෙළෙමි.
නොයෙක් ප්‍රදේශවලින් කැඳවාගත් වකුගඩු රෝගීන් 18 දෙනකූ මේ සායනය සඳහා සහභාගී කරවාගෙන ඇති අතර දින 20 ක් පුරා ඔවුන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා දී ඇත්තේ ඉහත කී වෙදැදුරුවරයාමය. ඔහු අන්කවරකු නොව මහනුවර කටුගස්තොට සෑසි වෙද මැඳුරේ අධිපති මහානාම ඒ. හපුගොඩ වෙදැදුරාණෝය.
බැඳිවැව විහාරස්ථානයේදී මෙම සායනය පවත්වන අතරතුරදී කිහිප දෙනකු ඉන් පිටවී ගොස් තිබුණත් තවත් පිsරිසක් තම තමන්ගේ රෝගී තත්වය මුළුමනින්ම සුව කර ගැනීමේ පරමාර්ථයෙන්ම රැඳී සිටියහ.
එහිදී මෙම රෝගීන්ගේ රෝග තත්වය සුවපත් වීමට ගත වී ඇත්තේ දින 20 ක් වැනි කෙටි කාලයකි. එම කෙටි කාලය තුළ බෙහෝ දෙනකුගේ රෝග තත්වය සාමාන්‍ය අතට හැරී තිබුණේ කිසිවකුට අදහාගත නොහැකි තරම් පුදුම සහගත අයුරිනි.
මෙම සායනයට රජයේ අනුග්‍රහය නොතිබුණාමත් නොවේ. කිසියම් දේශපාලනමය අනුදැනුමක් යටතේ කර තිබූ මෙම සායනයේ අවසාන ප්‍රතිඵලයෙන් අපේක්ෂා කර තිබුණේ මෙහි සත්‍ය වාර්තාවක් ජනපතිවරයාට ලි
Wmqgd .ekSu