Beauty
ලෙසියි පහසුයි අත්දුටුවයි
අරුණැල්ලක් සේ විකසිත ජීවිතයේ මිහිර සැමදා එක ලෙසින් විඳ ගැනීම අප කාගේත් ප්‍රාර්ථනයයි. එහෙත් මේ වෙහෙසකාරී වේගවත් ජීවන රටාව තුළ... අපි බොහෝ දෙනෙක් මානසික හා කායික වශයෙන් රෝගීන් බවට පත්ව සිටින්නෙමු. එවැනි පීඩාකාරී ජීවිතවලට සැනසුම් සුවය ළඟා කරවන්නේ සම්බාහනයයි. ස්පා (Spa) සම්බාහනය කියූ පමණින් අපගේ මනසේ මැවෙන්නේ තරමක් වෙනස් වූ චිත්රයකි. ඒ මෙරට බිහිවන ප්‍රමිතියකින් තොර වූ ඇතැම් සම්බාහන ආයතන මුවාවෙන් සිදුවන සදාචාරාත්මක නොවන කටයුතු නිසාවෙනි.පෙනුමෙන් ඉතා සරල වුවත් සුවසෙත උදාකරන ප්‍රබල ප්‍රතිකාර කලාවක් වන සම්බාහනය නිවැරැදිව කිරීමෙන් ලැබෙන්නේ විස්්මිත සුව සහනයකි. ඒ එහි ඇති ගැඹුරු ආකර්ෂණීය සංනිවේදනය නිසාය. නින්ද නොයෑම, ආතරයිටීස්, මානසික ආතතිය, නොරුස්සනා ස්වභාවය, ස්නායු රෝග, හිසරදය, හෘද රෝග හා හිසකේ අකලට සුදුවීම, ඇතුළු බොහෝ රෝග වළක්වන සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ සම්බාහනයයි.එය වඩාත් සරල වන්නේ පවුලක් වශයෙන් එකිනෙකා අතර මෙම සම්බාහන ක්‍රම තම තමන්ටම කරගැනීමේ ඇති පහසුව නිසයි. මීට අවශ්‍ය වන්නේ නිවැරැදි දැනුවත්වීමක් පමණයි.මේ අනුව දෛනික ජීවිතයේදී ඔබට ඇතිවන කායික හා මානසික අපහසුතා දුරුකර ගනිමින් සුවදායක පවුල් පරිසරයක් ගොඩ නඟා ගන්නට නිවෙසේ සම්බාහන ක්‍රමය මඟ පාදයි.එසේ නම් මේ පිළිබඳ නිවැරැදි දැනුම අවබෝධය ලබාගත හැක්කේ කෙසේද?සරල සම්බාහන ක්‍රම පිළිබඳ ලෝකයේම අවධානය යොමු කළ
Wmqgd .ekSu oekqu weiqfrks