Beauty
රෝස මලෙන් ලස්සන වෙමු.....
අපි දන්නවනේ ගෑණු ළමයි මල් වලට ආදරේද කියලා... ඒ වගේම ඒ අය හරි දක්ෂයි මල් වලින් එක එක නිර්මාණ කරන්නත්... නමුත් අද අපි කියන්න යන්නේ මල් වලින් කොහොමද ඔයාලාගේ ලස්සන වැඩියෙන් ඉස්මතු කරන්නේ කියලා. විවිධ මල් වර්ග තියෙනවා රුපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්න. නමුත් අද අපි කියන්න යන්නේ, "රෝස මල්" වලින් ලස්සන වෙන හැටි...
බලමු කොහොමද මේ රෝස මල් වලින් ලස්සන වෙන්නේ කියලා....
01. Rose essential oil සමේ බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි - ඔයාගේ සමේ කැළැල්, කුහර ආදිය තියෙනවානම් ඒවා හොදින් පිරිසිදු කරයි.
02. ශරීරයට අවශ්‍ය antioxidants රෝස මල් ලබා දේ - විටමින් C බහුල නිසා, රෝස මල් antioxidants බහුල මල් වර්ගයක්. ඒක නිසා, ඔයාගේ සමේ සෛල හානි වීම එමගින් වළක්වනවා වගේම රෝස මල් වතුර ඔයාගේ සම "හිරු කිරණින් පිළිස්සීම" ද වලක්වයි.
03. සමේ තෙතමනය රැක දේ - රෝස මල් යොදාගෙන සාදන ස්වභාවික තෙල් වර්ග භාවිතයෙන් ඔබේ සමට අවශ්‍ය තෙතමනය පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම සම මොලොක් කරයි. සංවේදී සමකට මෙය ගොඩක් හොදයි.
04. ආකර්ෂණවත් සුවදක් ලැබේ - ඉතා මෘදු, ආකර්ශනීය සුවදක් රෝස මල් වලින් ලැබේ.
05. මනසට විවේකයක් ලැබේ - දන්නවාද රෝස මලට ඔබේ මනස සන්සුන් කරලා මනස සනසවන්න පුළුවන් කියලා? ගොඩක් ආයුර්වේද ක්‍රම වලදී මේ රෝස මල් පෙති මේ සදහා ගන්නවා. නිරවුල් නිදහස් මනසක් කියන්නෙත් ලස්සන රුවක් ලබා ගැනීමට තියෙන එක රහසක්....
06. සමට හොද වර්ණයක් ලබා දේ - ඔයාගේ සමේ කුහර තියේ නම් ඒවා වසා සමට හොද පැහැයක් ලබා දෙන්නට මේ රෝස මල් උපකාරී වේ.
බලන්න, මේ ස්වභාවික මල් වර්ගත් කොච්චර උදව් වෙනවාද ඔයාලව ලස්සන කරන්න...! අද කතා කලේ රෝස මල් ගැනනේ... ඉදිරියේදී බලමු අනිත් මල් වර්ග වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා....
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks