Beauty
රෝස පෙති වලින් ලස්සන වෙමුද ? මෙන්න විශ්මිත ප්‍රතිකාර ක්‍රම 5ක්.
ශරීරයට, මනසට සහ සමට හිතකර බලපෑමක් ඇතිකිරීමට සමත් සුවිශේෂී මල් වර්ගයක් ලෙස රෝස හඳුන්වන්නට පුළුවන්. රුව අලංකරණය කරගැනීම සඳහාත් රෝස භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ රෝස මල් වලින් රුව අලංකරණය කරගන්නා ආකාරයයි.
කුරුලෑ සුවකරනවා
රෝස පෙති වල ඇති ප්‍රති බැක්ටීරියාකාරක ගුණාංගයට ස්තුතිවන්ත වෙන්න කුරුලෑ තත්වයන් සුවකරගන්නට පුළුවන්. සම මත ඇතිවී තිඛෙන රතු ගතිය සහ නොරිස්සුම් තත්වයන් සංසිඳුවාලීමේ සුවිශේෂී හැකියාවක්ද රෝස පෙති වලට තිඛෙනවා.ල ේසරබැිි ිනසබල බ්එමර්ක රුපැාහල Aහමරඩැා්
ප්‍රතිකාරය
රෝස පෙති කිහිපයක් ජලයෙන් තෙමාගෙන ඉන් ආලේපනයක් සකසාගන්න.
එම ආලේපනය කුරුලෑ ඇති ස්ථානයේ ගල්වා මිනිත්තු 15ක් පමණ තිඛෙන්නට හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.
සතියකට තෙවරක් මෙම ප්‍රතිකාරය කරනවානම් පැහැදිලි වෙනසක් දැකගන්නට ඔබට පුළුවන් වේවි.
වියලි සම සඳහාත් හිතකරයි
සමේ තෙතමනය නඩත්තු කරමින් සම සිනිඳු සහ දීප්තිමත් කිරීමට සමත් ස්වභාවික තෙල් වර්ගයක් රෝස පෙති වල අන්තර්ගතව තිඛෙනවා. එපමණක් නොවෙයි, රෝස පෙති වල ඇති සීනි සංවේදී සම සඳහා ඉතාමත්ම ඵලදායකයි.
ප්‍රතිකාරය
රෝස පෙති ජලයේ පොගවා ගෙන ඉන් ආලේපනයක් සකසාගන්න.
ඉහත ආකාරයටම රට කොට්ටම්බා (ආමන්ඩ්) වලින්ද ආලේපනයක් සකසාගන්න.
පසුව එම ආලේපන දෙකම එකට මිශ්‍ර කරගනිමින් සාදාගත් අවසාන ආලේපනය මුහුණේ ගලවන්න.
මුහුණේ ගැල්වූ ආලේපනය මිනිත්තු 20ක් පමණ තිඛෙන්නට හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.
සමේ ඇති වියලි බව දුරු කරගෙන සම සිනිඳු සහ දීප්තිමත් එකක් කරගැනීමට සතියකට දෙවතාවක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න.
ස්වභාවික ස්කින් ටෝනර් එකක්
ඕනෑම ආකාරයේ සමක් සඳහා භාවිතා කළහැකි ටෝනර් එකක් ලෙස රෝස පෙති භාවිතා කරන්නට පුළුවන්. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, එමගින් සමේ ඇති අමතර තෙල් ඉවත් කරගනිමින් මුහුණේ ඇති විවර අවහිර ගරගන්නටද හැකියාව තිඛෙනවා. එවිට ඔබේ මුහුණේ සම නිරායාසයෙන්ම සෞඛ්‍ය සම්පන්න දීප්තිමත් එකක් බවට පත්වෙනවා.ල ේසරබැිි ජරු්පල ිනසබ එදබැල ියදචචසබට
ප්‍රතිකාරය
වතුර භාජනයකට රෝස පෙති ස්වල්පයක් දමා මිනිත්තු කිහිපයක් එය හොඳින් පෙගෙන්නට ඉඩහරින්න.
ඉන් පසුව එම ජලය භාවිතා කරමින් මුහුණ හොඳින් සෝදා ගන්න.
සිනිඳු සහ දීප්තිමත් සමක් ලබාගැනීමට අවශ්‍ය නම් නින්දට යාමට පෙර දිනපතා මෙම ප්‍රතිකාරය සිදුකරන්න.ල ඉැ්මඑසමෙක අදපැබල කදඩැ ච්රඑබැර
සුර්යාගෙන් ආරක්ෂා ලබාදෙනවා
රෝස පෙති වල යහමින් විටමින් සී අන්තර්ගතව තිඛෙන නිසා සුර්ය කිරණ වලින් ඔබව ආරක්ෂා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිඛෙනවා. එපමණක් නොවෙයි, ඔබේ සම සිසිල් කරමින් සමේ පිටත ලේයරයට සුර්ය කිරණ වලින් වෙන හානිය වළක්වාලීමේ හැකියාවක්ද රෝස පෙති පලට තිඛෙන බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා.
ප්‍රතිකාරය
පිපිඤ්ඤ යුෂ මේසහැඳි දෙකක් සහ ග්ලිසරින් මේසහැඳි දෙකක් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
රෝස පෙති ස්වල්පයක්ද ඊට එකතුකොට එය හොඳින් සන්හිඬෙන තුරු මිනිත්තු කිහිපයක් තිඛෙන්නට ඉඩ හරින්න.ල ේජැ ප්ිනල බ්එමර්ක පැාසජසබැ
පිටතට යාමට පෙර එය මුහුණේ ආලේප කරගැනීමෙන් සුර්ය කිරණ වලින් සමට සිදුවෙන හානිය වලක්වා ගන්නට ඔබට පුළුවන්.
වෙහෙසට පත්වූ සහ ඉදිමුණු ඇස් සංසිඳුවනවා
ඇසට පහතින් පිහිටා ඇති සම සංසිඳුවා ගැනීම සඳහාත් රෝස පෙති භාවිතා කරන්නට පුළුවන්. ඊට අමතරව, එය භාවිතා කරන විට සම ආලෝකමත් වෙන අතර ඇස් යට ඇති කළු ගතියද දුරුවී යනවා.ල ටකදඅ හදමර ිනසබල ්බඑස ්ටසබට
ප්‍රතිකාරය
රෝසපෙති ජලයෙන් පොගවාගෙන ඇස මත කෙලින්ම තබාගෙන ඉන්නටත් ඔබට පුළුවන්.
දවසක් ඇර දවසක් මෙලෙස සිදු කරන විට ඔබට නොදැනීම ඔබ අපේක්ෂා කරන ප්‍රතිපල ඔබට ලැබේවි.
curtesy :http://www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)