කටු අනෝදා ගුණදායක දේශීය පලතුරකි. ගැමි පරිසරයන්හි බහුලව දකින්ට ලැබෙන මෙම පලතුර දේශීය වෛද්‍ය විද්‍යාවේදී (ආයුර්වේද) ඖෂධයක් හැටියටත් භාවිත කරනවා. අනෝදා රෝග නාශක ගුණයෙන්ද යුතුයි.
ආයුර්වේදයට අනුව අනෝදා වර්ග තුනක් තිබෙනවා. ඒ කටු අනෝදා, සීනි අනෝදා සහ වැලි අනෝදා යන්නයි. අනෝදා ඵලයක පෝෂණ ගුණය ගත්තම සීනි, පොටෑසියම්, සෝඩියම්, යකඩ, මැග්නීසියම්, විටමින් ඒ, විටමින් බි, වගේම විටමින් සී වැනි පෝෂණ ගුණාංග එහි සමන්විතයි. ඒ වගේම අනෝදාවලටම ආවේණික වූ රසායන විශේෂයක්ද පවතිනවා.
මූත්රාශ්රය ආශ්රිත ඕනෑම රෝග තත්ත්වයකට අනෝදා ගුණදායකයි. මූත්‍රාගල්, මූත්‍රා අඩස්සිය, මූත්‍රා දැවිල්ල, පණු රෝග, අර්ශස් රෝගීන්ට ද මෙය ගුණදායකයි. මූත්‍රා ගල් දියකර හැරීමේ හැකියාවක්ද අනෝදා සතු බව කියවෙනවා. මූත්‍රා ආසාදනයෙන් පීඩා විඳින අයකුට අනෝදා පලතුරක් ලෙස ආහාරයට ගත හැකියි. ඒ වගේම අමු අනෝදා ගෙඩියක් වෑංජනයක් ලෙස ද සාදාගත හැකියි. මෙය පානයක් ලෙසටද සාදා ගැනීම ඉතා ගුණදායකයි.
අනෝදා කොළ තම්බා එම වතුර උදේ හවා පානය කිරීම මගින් මූත්‍රා දැවිල්ලට ගුණදායක ප්‍රතිඵල ළඟාකර ගත හැකියි.
කැස්සට පීනසට, අනෝදා මල් කෂාය ඉතා ගුණදායකයි. අනෝදා මල් මිටක් අරගෙන වතුර පත හතර එකට සිඳුවා, දින කිහිපයක් පානය කිරීම උචිතයි.
ඒ වගේම අනෝදා අක්මාවට හිතකර පලතුරකි. කාන්තාවන්ට ඇතිවන ශ්වේත ප්‍රදර, රක්තප්‍රදර රෝගවලටද අනෝදා පලතුරක් ලෙසින් හෝ වෑංජනයක් ලෙසින් ආහාරයට ගැනීම ගුණදායක බවයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. අනෝදා ගෙඩි කොළ, මල් පොතුවල අඩංගු රසායනික ගුණ මගින් මිනිස් සිරුරේ පිළිකා ෙසෙල විනාශ කිරීමක් සිදුකළ හැකි බවද සොයාගෙන තිබෙනවා. අනෝදා ගෙඩියේ යුෂවල කොළ සහ පොතුවල අඩංගු රසායනික සංයුතින් හේතුවෙන් පිළිකා ෙසෙලවලට එරෙහිව කටයුතු කරනවා. සතියකට දෙපාරක්වත් අනෝදා පලතුරක් හැටියට හෝ වෑංජනයක් හැටියට ආහාරයට එක්කර ගැනීමෙන් ඉහත රෝගවලට සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකියි.