Health
රූමැටික ආත්රයිටිස් හැදුනාම සමේ රෝගත් හට ගන්නවා
ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළ රූමැටික ආත්රයිටිස් මාතෘකාවේදී ඔබ සඳහන් කළා එය දිගු කාලීන Autoimmune රෝගයක් බව එනම් අපේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපේ ශරීරයේම නිරෝගී කොටස් ආගන්තුක හෝ ආක්‍රමණශීලී කොටස් ලෙස වටහාගෙන ඒවාට පහර දෙන්නට පටන් ගන්නවා. මේ තත්ත්වය හිසේ හටගත්තාම හිසකෙස් සියල්ලම හැලී යනවා. යළි එම හිසකෙස් හට ගන්නවා. මේ තත්ත්වය සන්ධිවලදී ක්‍රියාත්මක වුණාම රූමැටික ආත්රයිටිස් රෝගය හටගන්නවා. මෙය හදවත දක්වා පැතිරුණාම මරණය පවා සිදුවිය හැකි බව ඔබ පැහැදිලි කළා. මේ රෝගයේ බලපෑම ශරීරයේ වෙනත් තැන්වලට බලපෑ විට ඇති විය හැකි තත්ත්වය විස්තර කරන්න පුළුවන් ද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සම, පෙනහළු, වකුගඩු, හෘදය සහ රුධිර නාල, ඇස්, අක්මාව, රුධිරය, ස්නායු යන ඉන්ද්‍රියන්ට මේ රෝගය නිසා හානි ඇති වෙන්න පුළුවන්. ඊට පෙර අප සාකච්ඡා කළ යුතුයි මේ රෝගය හටගත්තාම ශරීරයේ සන්ධි කවර තත්ත්වයකට පත්වනවාද කියන එක. මෙය වැළඳුණාම උදේ කාලයේදී ඇඳෙන් නැඟිටින විට, සන්ධි ඉදිමී උණුසුම් වෙනවා. ඒ ඉදිමුම සන්ධිවල විශිෂ්ට ගුරුත්වය වැඩි වීම නිසයි. ඊළඟට සන්ධි එහා මෙහා කරන්නට බැරි බවක් හැඟෙනවා. ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය තිබෙන අවස්ථාවලත් මේ රෝග ලක්ෂණම හට ගන්තත් එය රුමැටොයිඩ් ආත්රයිටිස් රෝගයට වඩා වෙනස්. රූමැටික ආත්රයිටිස් තිබෙන අය නිරතුරුවම ESR පරීක්ෂණය කරගත යුතුයි. ඒ වාර්තා තමාට ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. එවිට වෛද්‍යවරයාට පුළුවන් අවශ්‍ය පරිදි ඖෂධ මාත්‍රාව වෙනස් කරමින් ප්‍රතිකාර කරන්නට.
මේ රෝගය ක්‍රමයෙන් වර්ධනය වුණාම රෝගය පවතින සන්ධිවලට අදාළ අස්ථි ක්ෂය වෙන්නට පටන් ගන්නවා. මෙසේ ක්ෂය වන අස්ථි ක්‍රමානුකූලව විකෘති වීමට පටන් ගන්නවා. සමහර විට අතැඟිලි හෝ පා ඇඟිලි ඇඹරී යන්නට පුළුවන්. බෙල්ල දික්වීම හෝ ඇද වීම සිදුවිය හැකියි. මේ හා සමාන රෝග ලක්ෂණ ඔස්ටියෝ ආත්රයිටිස් රෝගයෙත් තිබෙනවා. එහෙත් රෝගියා එම රෝගය සහ රූමැටික ආත්රයිටිස් පටලවා ගත යුතු නැහැ. මෙන්න මේ අස්ථි විකෘතිතා ඇති වන මට්ටමට රෝගය පැතිර යැමට ඉඩ නොදී රෝගය පාලනය කර ගැනීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. රෝගියාගේ වගකීම වන්නේ වෛද්‍යවරයාට අවශ්‍ය රෝග විස්තර සපයමින් ඔහු කියන පරිදි ආහාර විහරණ කිරීමයි. දැන් අපි කතා කරමු මේ රෝගය ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන් මත හට ගත්තාම කුමක් සිදු වෙනවාද කියන එක.
1. සම - රූමැටික ආත්රයිටිස් රෝගය සමට වැළඳීම බහුලව දැකිය හැකි තත්ත්වයක්. රූමැටික ආත්රයිටිස් රෝගය තිබෙන අයගෙන් 30% කගේ සම මත මේ රෝගය දැක ගත හැකියි. මෙයට කියන්නේ Rheumtoid nodule හෙවත් රූමැටික ගැටිති කියලයි. මෙහි විශ්කම්භය සෙන්ටි මීටර් දෙක තුනේ සිට මිලි මීටර් දෙක තුනක් දක්වා ව්‍යාප්ත වෙනවා. අස්ථි ආසන්නයෙන් පිහිටන සම මත තමයි මෙය බොහෝ විට හට ගන්නේ. උදාහරණයක් වශයෙන් වැලමිට, විලුඹ, දණහිස සහ අතේ මිට මෙළවූ ඉදිරිපස කොටස යන තැන්වල මේ ගැටිති බහුලව දකින්නට පුළුවන්.
(පසුගිය සතියේ මේ ලිපියේ පළවූ ලසිකා පටලයට කියන බටහිර වෛද්‍ය විද්‍යාත්මක නාමය synorial membrane යනුවෙන් පළවීම දොaෂ සහිතය. එය synovial membrane යනුවෙන් නිවැරැදි විය යුතුය.)
ලබන සතියේ පෙනහළු වකුගඩු සහ හෘදයට මේ රෝගය පැතිරෙන හැටි බලමු.
නොමිලේ විස්තර සඳහා
0713464276/ 0759061771
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks