Life
රුවට මෙන්ම ගුණටත් කෝමාරිකා
ලෝකයේ ජීවත් වන සත්ත්ව වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා පරිසර පද්ධතිය
බෙහෙවින් උපකාරී වේ. සත්ත්ව වර්ගයාට අවශ්‍ය වන ආහාර, ජලය, ඖෂධ පරිසරය
විසින්ම මිනිසාට සපයයි. පරිසරයේ ඇති විවිධ ශාක මගින් ඉතා ආරක්ෂිතව මෙම
සත්ත්ව වර්ගයා අනාගතය පුරා රැගෙන යයි. කෝමාරිකා ශාකය මෙවැනි වූ අපූර්ව
ශාකයකි.
ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පකිස්තානය, සහ ශ්‍රී ලංකාව වැනි රටවල මෙම ශාකය සරුවට වැඩේ.
මෙහි
මිනිස් සිරුරට අවශ්‍ය ඇමටිනෝ අම්ලය අඩංගුය. ශරීරයට අවශ්‍ය ශරීරයේ නිපදවා
ගත නොහැකි ඇමයිනෝ වර්ග හතක්ම මෙහි නිපදවයි. විටමින් Aලෑල Cග හා ඊ සියල්ල
මෙම කෝමාරිකා තුළ අඩංගු වීමද විශේෂිතය.
අපේ පැරැන්නන් විසින්
විටමින් A ඌණතාවය නිසා ඇතිවන රාත්‍රි අන්ධභාවය සඳහා ඖෂධයක් ලෙස කෝමාරිකා
යුෂ භාවිතය ඉතා ගුණදායි බව පවසන අතර සමහර පිළිකා, ප්‍රොaටීන් ඌණතාවය යන
තත්ත්aවයන් සඳහාද බෙහෙවින් ගුණදායක වේ.
මෙම අනර්ඝ ඖෂධීය ගුණයක් ඇති
ශාකය මගින් අක්ෂි රෝග, පෝෂණ ඌණතා රෝග, අර්ශස් රෝග, රක්තහීනතාවය, චර්ම
පිළිකා රූපලාවන්‍ය ප්‍රතිකාර දියවැඩියාව වැනි රෝග ගණනාවකට සුව ගෙන දීමට
පොහොසත් බව පෙනී ගොස් ඇත.
සෑම ස්ත්‍රියක්ම වයසට යැමත්
සමඟ ඇතිවන අර්තව චක්‍රයේ ස්වභාවික නැවතීම නිසා (ආර්තවහණය) යම් යම් රෝගී
තත්ත්වයන්ට ගොදුරු වේ. එවන් තත්ත්වයකට පත්වූ කාන්තාවන්ගේ ශරීරය තුළ අඩුවන
ඊස්ට්‍රජන් හෝමෝනවලට සමාන රසායනික ව්යqහයක් මෙමගින් නිපදවනු ලබයි. මෙම
තත්ත්වයේ සිටින ස්ත්රින් කෝමාරිකා පානයක් ලෙස භාවිත කිරීම සුදුසු වේ.
ඖෂධීය
ගුණයෙන් යුත් මෙම පානය සකසා ගත හැක්කේ හොඳින් වැඩුණු කෝමාරිකා පිත්තක්
ගෙන මද සූරා ගැනීමෙනි. එම මද ප්‍රමාණය මෙන් හත් ගුණයක් ජලය හා අවශ්‍ය
ප්‍රමාණයට සීනි එකතු කර හොඳින් රත් කරන්න. වෙනම භාජනයකට පෙරා මෙය නිතරම
වීදුරු භාගයක් පමණ පානය කරන්න.
ලෙඩ රෝග සුව වීම මෙන්ම තමන්ගේ රූ
සුපුව රැක ගැනීමටද කෝමාරිකා ශාකයේ ඖෂධීය ගුණය හේතුවේ. රූ සපුව රැක ගැනීමට
කෝමාරිකා යුෂ පානය කිරීමට අමතරව සම මත යුෂ ආලේප කිරීම සුදු පැහැති සමක්
ලබා ගැනීමට හේතුවකි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks