Health
රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලීමට සිදු කෙරෙන රුධිර පරීක්ෂණ
දරුවන්ගේ පෝෂණ ගැටලු හා සෞඛ්‍ය ගැටලු බොහෝ මවුපියන්ට ඇති ගැටලු අතර මුල්තැන ගන්නා ගැටලුවක් හැටියට ද අපට හඳුනාගත හැක.
මේ වනවිට හඳුනාගෙන ඇති අන්දමට අප රටේ දරුවන්ගෙන් 20% -50% ප්රමාණණයක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බව හෙළි වෙයි.
විශේෂයෙන්ම මාස 6න් පටන් ගත්විට අවුරුදු 10ත් - 12ත් අතර දරුවන් කෙරෙන් මේ තත්ත්වය අපට දැකගත හැකිය. එසේ වීමට බලපා ඇති හේතු අතර යකඩ අඩංගු ආහාරවල අඩුකමක් සේම ඒ පිළිබඳ වැඩිහිටියන්ගේ දැනුම පිළිබඳ ගැටලු ද ඇති බව හඳුනාගත හැක. තවද අප බොහෝදෙනෙකු දන්නා හඳුනන ආහාර වර්ග වන කොළ ජාති, ඇට වර්ග, රතු කවුපි, හාල් මැස්සන්, බිත්තර කහමදය ආදියේ යකඩ අඩංගු වන අතර යකඩ අවශෝෂණය කර ගැනීමට හැකිවන අයුරින් පලතුරක් සමඟ හෝ දෙහි ඇඹුල් යොදා සකස් කරගත් ආහාර සමඟ ලබා දීම ඉතා වැදගත් වේ. තවද මුරුංගා කොළ යකඩ බහුලව අඩංගු ආහාරයක් වන අතර දරුවන්ගේ යකඩ අවශ්‍ය බව සපුරාලීමට ලබාදිය හැකි හොඳ ආහාරයක් වශයෙන් හඳුන්වාදිය හැක.
යකඩ ඌනතාවයේදී පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?
කාර්යශූරත්වය අඩුකම, මතක ශක්තිය අඩුවීම ඇඟ සුදුමැලි වීම, නියපොතුවල ඇතිවන වෙනස්කම්, බර අඩු වීම මෙහිදී බහුලව දැකිය හැකි ලක්ෂණ වේ. තවද යකඩ ඌනතාවය සේම තැලසීමියා වාහක තත්ත්වයේදීත් ඇතිවන ලක්ෂණ බොහෝදුරට එක සමානකමක් දක්වයි.
රක්තහීනතාවයට බලපෑ හැකි හේතු මොනවාද?
මේ සඳහා බලපෑ හැකි හේතු ගණනාවක් තිබිය හැකිය. ඒ අතුරින්, රතු රුධිරාණු වර්ධනයට අවශ්‍ය වන යකඩ, විටමින් බී, සින්ක්, කොපර්, ෆෝලික් අම්ලය වැනි ක්ෂුද්‍ර පෝෂක ශරීරයට ආහාරයත් සමඟ නිසි ප්‍රමාණයට නොලැබී යාම රක්තහීනතාවට ප්‍රධාන හේතුවක් වේ.
ඊට අමතරව රතු රුධිරාණු නිපදවන ඇට - මිදුළු රෝගී වීමක් හෝ ලියුකීමියා වැනි රෝග තත්ත්ව ද බලපෑ හැකිය. ඊට අමතරව පණු රෝග, වෙනත් ලේ පිටවන රෝගී තත්ත්ව රක්තහීනතාවයට හේතුවක් විය හැකිය.
වැඩිදුර පරීක්ෂණ මොනවාද?
full
Blood Count
මෙහිදී පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සිදු කර බැලීම අවශ්‍ය වේ. එහිදී විශේෂයෙන් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණ මැන බැලීම හා ඒවායේ වෙනස්කම් හඳුනා ගැනීම සිදු කරයි.
Blood Picture පරීක්ෂණය
මෙය රුධිරය තුනී පටලයකක් අන්වීක්ෂණයක් ආධාරයෙන් පරීක්ෂා කර බැලෙන අවස්ථාවකි. මෙහිදී රුධිරයේ විවිධ සංඝටකවල ඇති වී තිඛෙන වෙනස්කම් හඳුනා ගැනීම සිදු කරයි. මේ ආශ්රයෙන් රක්තහීනතාව හෝ ඊට අදාළ වෙනත් ගැටලු හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
සීරම් ෆෙරිටීන්
මෙය රුධිරයේ යකඩ ප්‍රමාණය මැන බැලෙන පරීක්ෂණයකි. සිරුරේ තැන්පත් වී ඇති යකඩවල අඩුවක් ඇත්නම් මෙහිදී යම් කාලයක් පුරා යකඩ ප්‍රතිකාර ලබාදීමට ද සිදුවිය හැක. එබැවින් රක්තහීනතාව වැනි රෝගී තත්ත්වයකදී රුධිරයේ යකඩ ප්‍රමාණය මැන බැලීම ද වැදගත් වේ. ඒ සඳහා සීරම් ෆෙරිටීන් නම් පරීක්ෂණය සිදු කළ හැක.
ඉදිරි ප්‍රතිකාර කෙබඳුද?
රක්තහීනතාවට අදාළ හේතු හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු වේ. එහිදී යම් පෝෂණ ඌනතාවයක් බලපා ඇතිනම් අදාළ පෝෂක ලබාදීම හෝ රක්තහීනතාවට හේතුව රුධිර වහනයක් නම් එය නතර කිරීමට අදාළ ප්‍රතිකාර සිදු කරනු ඇත. තවද අධික රක්තහීනතාවයෙන් පෙළේ නම් රුධිරය ලබා දීම සිදු කළ හැක. ඊට අමතරව ලියුකීමියාව හෝ වෙනත් රෝගී තත්ත්වයක් බලපා ඇතැයි හඳුනා ගත්තේ නම් ඊට අදාළ ප්‍රතිකාර ද ඒ අවස්ථාවේ ආරම්භ කෙරෙනු ඇත.
මේ අනුව විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ රක්තහීනතාවයට බලපාන හේතු කීපයක් අපට හඳුනා ගත හැකි අතර පූර්ණ රුධිර පරීක්ෂාවක් හා බ්ලඩ් පික්චර් මෙන්ම සීරම් ෆෙරිටින් වැනි වැඩිදුර පරීක්ෂණ මඟින් ඊට අදාළ නිශ්චිත හේතුව තහවුරු කර ගැනීමෙන් මේ රෝගී තත්ත්වයට අදාළ ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතී.
curtesy :
dinamina.lk