Health
රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලීමට සිදු කෙරෙන රුධිර පරීක්ෂණ
දරුවන්ගේ පෝෂණ ගැටලු හා සෞඛ්‍ය ගැටලු බොහෝ මවුපියන්ට ඇති ගැටලු අතර මුල්තැන ගන්නා ගැටලුවක් හැටියට ද අපට හඳුනාගත හැකග
මේ වනවිට හඳුනාගෙන ඇති අන්දමට අප රටේ දරුවන්ගෙන් 20්‍ර -50්‍ර ප්රමාණණයක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බව හෙළි වෙයිග
විශේෂයෙන්ම මාස 6න් පටන් ගත්විට අවුරුදු 10ත් - 12ත් අතර දරුවන් කෙරෙන් මේ තත්ත්වය අපට දැකගත හැකියග එසේ වීමට බලපා ඇති හේතු අතර යකඩ අඩංගු ආහාරවල අඩුකමක් සේම ඒ පිළිබඳ වැඩිහිටියන්ගේ දැනුම පිළිබඳ ගැටලු ද ඇති බව හඳුනාගත හැකග තවද අප බොහෝදෙනෙකු දන්නා හඳුනන ආහාර වර්ග වන කොළ ජාතිල ඇට වර්ගල රතු කවුපිල හාල් මැස්සන්ල බිත්තර කහමදය ආදියේ යකඩ අඩංගු වන අතර යකඩ අවශෝෂණය කර ගැනීමට හැකිවන අයුරින් පලතුරක් සමඟ හෝ දෙහි ඇඹුල් යොදා සකස් කරගත් ආහාර සමඟ ලබා දීම ඉතා වැදගත් වේග තවද මුරුංගා කොළ යකඩ බහුලව අඩංගු ආහාරයක් වන අතර දරුවන්ගේ යකඩ අවශ්‍ය බව සපුරාලීමට ලබාදිය හැකි හොඳ ආහාරයක් වශයෙන් හඳුන්වාදිය හැකග
යකඩ ඌනතාවයේදී පෙන්නුම් කරන ලක්ෂණ මොනවාදරෑ
කාර්යශූරත්වය අඩුකමල මතක ශක්තිය අඩුවීම ඇඟ සුදුමැලි වීමල නියපොතුවල ඇතිවන වෙනස්කම්ල බර අඩු වීම මෙහිදී බහුලව දැකිය හැකි ලක්ෂණ වේග තවද යකඩ ඌනතාවය සේම තැලසීමියා වාහක තත්ත්වයේදීත් ඇතිවන ලක්ෂණ බොහෝදුරට එක සමානකමක් දක්වයිග
රක්තහීනතාවයට බලපෑ හැකි හේතු මොනවාදරෑ
මේ සඳහා බලපෑ හැකි හේතු ගණනාවක් තිබිය හැකියග ඒ අතුරින්ල රතු රුධිරාණු වර්ධනයට අවශ්‍ය වන යකඩල විටමින් බීල සින්ක්ල කොපර්ල ෆෝලික් අම්ලය වැනි ක්ෂුද්‍ර පෝෂක ශරීරයට ආහාරයත් සමඟ නිසි ප්‍රමාණයට නොලැබී යාම රක්තහීනතාවට ප්‍රධාන හේතුවක් වේග
ඊට අමතරව රතු රුධිරාණු නිපදවන ඇට - මිදුළු රෝගී වීමක් හෝ ලියුකීමියා වැනි රෝග තත්ත්ව ද බලපෑ හැකියග ඊට අමතරව පණු රෝගල වෙනත් ලේ පිටවන රෝගී තත්ත්ව රක්තහීනතාවයට හේතුවක් විය හැකියග
වැඩිදුර පරීක්ෂණ මොනවාදරෑ
full
Blood Count
මෙහිදී පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සිදු කර බැලීම අවශ්‍ය වේග එහිදී විශේෂයෙන් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණ මැන බැලීම හා ඒවායේ වෙනස්කම් හඳුනා ගැනීම සිදු කරයිග
Blood Picture පරීක්ෂණය
මෙය රුධිරය තුනී පටලයකක් අන්වීක්ෂණයක් ආධාරයෙන් පරීක්ෂා කර බැලෙන අවස්ථාවකිග මෙහිදී රුධිරයේ විවිධ සංඝටකවල ඇති වී තිබෙන වෙනස්කම් හඳුනා ගැනීම සිදු කරයිග මේ ආශ්රයෙන් රක්තහීනතාව හෝ ඊට අදාළ වෙනත් ගැටලු හඳුනා ගැනීමට හැකියාව ලැබේග
සීරම් ෆෙරිටීන්
මෙය රුධිරයේ යකඩ ප්‍රමාණය මැන බැලෙන පරීක්ෂණයකිග සිරුරේ තැන්පත් වී ඇති යකඩවල අඩුවක් ඇත්නම් මෙහිදී යම් කාලයක් පුරා යකඩ ප්‍රතිකාර ලබාදීමට ද සිදුවිය හැකග එබැවින් රක්තහීනතාව වැනි රෝගී තත්ත්වයකදී රුධිරයේ යකඩ ප්‍රමාණය මැන බැලීම ද වැදගත් වේග ඒ සඳහා සීරම් ෆෙරිටීන් නම් පරීක්ෂණය සිදු කළ හැකග
ඉදිරි ප්‍රතිකාර කෙබඳුදරෑ
රක්තහීනතාවට අදාළ හේතු හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු වේග එහිදී යම් පෝෂණ ඌනතාවයක් බලපා ඇතිනම් අදාළ පෝෂක ලබාදීම හෝ රක්තහීනතාවට හේතුව රුධිර වහනයක් නම් එය නතර කිරීමට අදාළ ප්‍රතිකාර සිදු කරනු ඇතග තවද අධික රක්තහීනතාවයෙන් පෙළේ නම් රුධිරය ලබා දීම සිදු කළ හැකග ඊට අමතරව ලියුකීමියාව හෝ වෙනත් රෝගී තත්ත්වයක් බලපා ඇතැයි හඳුනා ගත්තේ නම් ඊට අදාළ ප්‍රතිකාර ද ඒ අවස්ථාවේ ආරම්භ කෙරෙනු ඇතග
මේ අනුව විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ රක්තහීනතාවයට බලපාන හේතු කීපයක් අපට හඳුනා ගත හැකි අතර පූර්ණ රුධිර පරීක්ෂාවක් හා බ්ලඩ් පික්චර් මෙන්ම සීරම් ෆෙරිටින් වැනි වැඩිදුර පරීක්ෂණ මඟින් ඊට අදාළ නිශ්චිත හේතුව තහවුරු කර ගැනීමෙන් මේ රෝගී තත්ත්වයට අදාළ ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතීග
curtesy : dinamina.lk