Life
රුධිරයේ කොලෙස්ටරෝල් පහත දමන අරුම පුදුම පානය
පහුගිය දවස්වල ලිපි කියවපු අය නිතරම අහල තිබුණා කොලෙස්ටරෝල් වලට ගෙදරදී හදා ගන්ඩ පුළුවන් සරල අත්ඛෙහෙතක් කියල දෙන්න කියලා. ඔන්න අද අපි කියන්නේ ගෙදරදී ලේසියෙන්ම හද ගන්න පුළුවන් කොලෙස්ටරෝල් අඩු කරන පුදුම පානය ගැන.
ලෙමන් සහ පාස්ලි වලින් සදා ගන්න මෙම පානය රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරනවා. රසකාරකයක් විදියට පාසලි ආහාර වලට එකතු කරත් එහි ඇති විටමින් ක, A සහ ණ බහුලව ඇති නිසා උණ සහ සෙම්ප්‍රතිශ්‍යා අවස්ථා වලදීත් ආහාරයට එක් කර ගැනීම ඉතා හොද බව ආහාර පිළිබද පරීක්ෂණ පවත්වන අය පවසනවා. ශරීරයේ අහිතකර දේ ඉවත් කිරීමේ හැකියාවද පාස්ලි කොළ සතු වෙනවා. පාස්ලි වලට ලෙමන් එකතු කිරීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකි සංයෝගයක් සද ගන්න පුළුවන්.
අවශ්‍ය දේ
- වතුර ලීටර 1.5ක්
- පාසලි කොළ මිටි 3ක්
- ලෙමන් කිලෝ 1ක්
- බේකින් සෝඩා
හදන විදිය
ලෙලි නොගැසූ ලෙමන් ගෙඩි වල බේකින් සෝඩා හොදින් අතුල්ලා ගන්න. එමගින් ලෙමන් වල පොත්ත පිරිසිදු වේ. ඉන්පසු වතුර උණු කර නිමෙන්නට හරින්න. ලෙමන් ගෙඩි ටික කුඩා කැබලි වලට කපා පාසලිද සිහින්ව කපා බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. එයට වතුර එකතු කර ශීතකරණයේ දවසක් තබන්න. ඉන්පසු එය බෝතලයක දමා දිනපතා මි.ලි 100 බැගින් ආහාර ගැනීමට විනාඩි 30 කටකලින් බොන්න.
wishmaya.com