Life
රිය පදවන කාන්තාවන්ට අනතුරු ඇඟවීමක්
එදිනෙදා කටයුතු පහසු කර ගන්න කාන්තාවන්ට තමන්ගේ ජීවිතේ ගමන ටිකක් වේගවත් කර ගන්න සිද්ධ වෙලා. එහෙම නොවුණොත් දුවන ලෝකෙ ඔබට හිමි තැන ගැන අවිනිශ්චිත බවක් හිතට දැනෙන්න පුළුවන්. රැකියාව සඳහාත්, උසස් අධ්‍යාපන කටයුතු වගේ හැම කටයුත්තකටම වාහනයක් හරි මෝටර් බයිසිකලයක් හරි පාවිච්චි කරන්නෙත් මේ හින්දයි. පාරට බැහැලා බැලුවොත්, කාන්තා යතුරුපැදි වගේම තමන්ගේ මෝටර් රථයෙනුත් කාන්තාවන් වැඩි දෙනෙක් මහ මඟට බහින්නෙත් හැමදෙයකදීම කාලය ඉතුරු කර ගන්න පුළුවන් නිසයි.
මාර්ග නීති
රිය පදවන, යතුරුපැදි පදවන හැමෝටම පොදු දෙයක් වන මාර්ග නීති ගැන තියෙන දැනුවත්භාවය හොඳින් ලබා නොතිබීම නිසා ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. වාහන බලපත්‍රය අතේ තියාගෙන වැරැදි කරනවට වඩා සමහර නීති ගැන වැඩිපුර දැනගන්න පුංචි අත්පොතක් කාරයේ කැබිහෝලය තුළ හරි එය නිතර පෙනෙන ඉදිරිපස ඩෑෂ්බෝඩ්හි හෝ තබන්න. එතකොට පොඩි විවේකයකදී හරි එයින් පිටුවක් කියවනව නම් නීති කැඩෙන සම්භාවිතාව අඩුයි. ඒ වගේම අන්තර්ජාලය ඇසුරෙන් ඒවා දැනගැනීමේ වැදගත්කමත් පැහැදිලි කර ගන්න පුළුවන්. මාර්ග නීති පිළිබඳ තියෙන අත්පොත් අතරින් වුණත් නිවැරැදි පොතක් පාවිච්චි කළ යුතු වෙනවා.
නිරවුල් මනස
නොදැනුවත්ම තමන් පදවන යතුරුපැදියේ, කාරයේ වේගය වැඩි වෙන්න පුළුවන්. ඒක බටහිර වෛද්‍යවරු හොයාගෙන තියෙන කාරණාවක්. උදෑසන නිවෙසින් එළියට බහින කාන්තාව විවාහක අයෙක් නම් ඔබ සැමියගෙ ගෝරනාඩුවක් හරි දරුවන්ගෙ ප්‍රශ්නයක් හරි ඔළුවෙ තියාගෙන වාහනේ පාරට දාන්න එපා. කාන්තාවෝ නිතර කල්පනා කරන අය හින්දම සීමාවක් නැති කල්පනාව නම් රියැදුරු අසුනෙ වාඩිවෙන්න සුදුසුකමක් නෙවෙයි.
වේගය
ඔබ නොහිතුවත් වාහන පදවන වේගය අඩු බව හින්දම ඔබට පසුපස රැකියාවට යන වෙනත් රාජකාරියකට යන පිරිස් අතිශය අපහසුතාවට පත්වෙන්න පුළුවන්. ඒ වගේම වේගය නිසි තැනකට නොගැනීමෙන් වාහනයකින් සපිරෙන කාලය ඉතුරු කර ගැනීමේ අවශ්‍යතාව ඉටු වෙන්නෙ නෑ. මේ ගැනත් කල්පනා කළොත් ඔබට ඒ ගැටලු අඩු කර ගන්න හැකියාව ලැබෙනවා.
රාත්‍රි ගමන්
රැකියාවට පසුව මිතුරු මිතුරියන් සමඟ පිටතට යෑම, ප්‍රියසම්භාෂණවලට සහභාගි වීම වගේ රෑ ගමන්වලදී ඔබට කාරයක ගමන් ගන්නවනම් අවධානය වැඩිපුර තියා ගන්න අවශ්‍යම වනවා. නීතියෙන් කාන්තාවන්ට ගැලවෙන්න පුළුවන් කියලා හිතාගෙන මධුවිත තොලගාලා ආපහු ගෙදර එන්න පාරට බහින වාහනය / යතුරුපැදිය කොයි මොහොතකදී හරි අනතුරකට ලක්වෙන්න පුළුවන්. මේ නිසා වාහන පදිනවා නම්, යතුරුපැදියෙ යනවා නම් මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීමෙන් වළකින්න.
දුරකතන / වීඩියෝ යන්ත්‍ර භාවිතය
සමහර කාන්තාවෝ නිවෙසින් පාරට බැස්ස මොහොතේ ඉඳන් මඟදිගට ජංගම දුරකතනය භාවිත කරමින් වාහන පදවනවා. මේ වෙනකොට බ්ලූටූන් වගේම ඇතුළත, ඉදිරිපස ඒභඤඪධ ර්ථීතචරඥප හා සම්බන්ධ ඉනඥචඬඥප වගේ තාක්ෂණයන් හින්දා මොබයිල් පරිහරණය පහසු වුණත් ජංගම දුරකතනය කනේ ගහගෙන ගිහිල්ලා ගොඩක් කාන්තාවො දඩකනවා. විශාල අනතුරකට මුහුණපාන්න කලින් ඒ ගැනත් හිතන්නම ඕනෑ.
පවුලෙ ගමන්වලදී කුඩා දරුවන්ට නරඹන්න වාහනයෙ ඉදිරිපස වීඩියෝ යන්ත්‍රයේ චිත්‍රපට ධාවනය කළාට කමක් නෑ. හැබැයි රිය පදවන ඔබත් ඒ චිත්‍රපටවලට හෝ ඔබ කැමැතිම චිත්‍රපටයට රථය පදවන මොහොතෙ අවධානය යොමු කළහොත් එයත් අනතුරු බලෙන් ඉල්ලා ගන්නවා වගේ වැඩක්.
කුඩා දරුවන් සමඟ ගමන් කිරීම
මවක් විදියට තමන්ගෙ දරුවන්ව ඉදිරි අසුනක වාඩි කරවාගෙන රිය පදවන විටත් අවධානයට ගත යුතු දේවල් තියෙනවා. වාහනය පදවන ගමන්ම දරුවන්ට කෑම කැවීමත්, හුරතල් කරන්නට යෑමෙනුත් ඔබේ අවධානය අඩුවී රථය අනතුරට ලක්වෙන්න පුළුවන්.
දැන් දැන් යතුරුපැදි පාවිච්චි කරන තරුණියන් වැඩිවෙලා කාර්ය බහුල හින්දම ඒ අය නිසි කාලෙට ඒ යතුරුපැදි ඉඥපමඪජඥ කරගැනීමත් අමතක කරනවා. හැබැයි එහෙම වෙලා අනතුරකට ලක්වුණොත් හරි මඟ නතර වෙන්න වුණොත් හරි වේදනාව ඔබටම තමයි.
Wmqgd .ekSu u