iranama
රාශි පොරොන්දම බලන්නේ මෙහෙමයි
රාශි පොරොන්දම බලනුයේ ස්ත්‍රී පුරුෂ දෙදෙනා උපන් ලග්න දෙක හා ඔවුනොවුන්ගේ කේන්දරවල චන්ද්‍රයා පිහිටි රාශි (ලග්න කොටු) දෙක උපයෝගි කරගෙනය. ජන්ම (ලග්න) රාශි දෙක පරීක්ෂා කිරීමෙන් දෙදෙනාගේ බාහිර ගති ලක්ෂණ ද චන්ද්‍රයා සිටින (ලග්න කොටුවෙන්) අභ්‍යන්තර ගතිගුණ ද හෙළිවේ. මින් එකක් පමණක් ගලපා බැලීම රාශිය (ලග්න කොටුව) අයහපත් වී නම් බාහිරව කොතෙක් ගතිගුණ යහපත් ලෙස පළ කළ ද අභ්‍යන්තරික වශයෙන් පවතින තත්ත්වය පිරිසිදු නොවේ. එහෙයින් මේ දෙකම ගලපා ගත යුතුය. එවිට විවාහ ජීවිතයේ අපේක්ෂක සතුට සමගිය මෙන්ම සිතුම් පැතුම් ද හොඳින් ගැළපේ. පසුතැවිලිවීම් හා දුක් වේදනා ඇති නොවේ. රාශි පොරොන්දම් අශුභ වීමෙන් විවාහ අපේක්ෂිත දෙදෙනාට ටික කාලයකට හෝ වෙන්ව වසන්නට සිදුවේ. වැන්දඹුකම වද බන්ධන ආ යද මෙම පොරොන්දම අශුභ වීමෙන් ගෙන දේ. එහෙයින් මෙය අත්‍යවශයෙන්ම ගලපා බැලිය යුතු පොරොන්දමකි. ලග්න චන්ද්‍ර රාශි (ලග්න) දෙකෙහිම ගැළපීම වෙන වෙනම බැලිය යුතුය.
දෙදෙනාම එකම ලග්නයෙන් ඉපදී ඔවුන්ගේ කේන්ද්‍රවල චන්ද්‍රයාගේ පිහිටීමද එකම රාශියේ (ලග්න කොටුවේ) වී නම් ඉතා ශුභ වේ. නිදසුනක් දක්වතොත් දෙදෙනාම මීන ලග්නයෙන් ඉපිද චන්ද්‍රයාද කේන්ද්‍ර දෙකෙහිම එකම භාවයක (කොටුවක) වීමයි. තවදුරටත් විස්තර කරගතොත් චන්ද්‍රයා කේන්ද්‍ර දෙකෙහිම තුන්වැන්නේ සිsටියේ යෑයි සිතමු. එවිට දෙදෙනාගේම කේන්දරවල චන්ද්‍රයා වාෂභ රාශියේ (ලග්න කොටුවේ) තැන්පත්ව ඇත. මීට චන්ද්‍රයා සම රාශිගත සම රාශිගත (ලග්නගත වීම) යෑයිද කියති.
ඉහත සඳහන් පරි ස්ත්‍රී පුරුෂ දෙදෙනා එකම ලග්නයකින් නොවී චන්ද්‍රයාද එකම රාශියක (ලග්න කොටුවක) තැන්පත් නොවී ඇති අවස්ථාවක නම් ලග්නය හා චන්ද්‍රයා තැන්පත් රාශි (ලග්න) හතෙන් හතට නොහොත් සම සප්තමව පිහිටීම ශුභයි. නිදසුනක් ලෙස ස්ත්‍රිය මේෂ ලග්නයෙන් ද පුරුෂයා තුලා ලග්නයේද වීමයි. මේස ලග්නයේ සිට රාශි (ලග්න කොටු) හතක් ඉ රියට ගණන්ගත් විට තුලා ලග්නයෙහි හමුවේ. එනම් ලග්න යුවළ හතෙන් හතට පිහිටා ඇත. මෙය ජන්ම ලග්න සම සම්පතම වීමයි. එය ශුභයි. චන්ද්‍ර රාශිය (ලග්නය) ආකාරයටම විමසා බැලිය යුතුය.
ඉහත දෙයාකාරයෙන්ම නොයෙදෙන විට එනම් සම වීම හෝ සම සප්තම වීම හෝ නොයෙදන විට මෙසේ ක්‍රියා කළ යුතුය. ස්ත්‍රිය උපන් ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට ගන්න. ඉන්පසු ස්ත්‍රිය උපන් ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට දුර රාශි (ලග්න කොටු) කොපමණදයි බලන්න. මේ අනුව ස්ත්‍රිය උපන් ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට ඇති දුර රාශි හයකට වඩා වැඩිනම් ශුභයි. නොඑසේනම් අශුභයි. මෙහිදී හයවන රාශිය (ලග්න කොටුව) ලැබී ඇත්නම් ද අශුභය. අපි මෙය උදාහරණයක් මගින් පැහැ ලි කර ගනිමු. ස්ත්‍රිය වෘෂභ ලග්නයෙන්ද පුරුෂයා මීන ලග්නයෙන්ද උපත ලබා ඇතැයි සිතමු. වෘෂභ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ගණන් ගත්විට රාශි (ලග්න කොටු) 11 කි. (වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන) ස්ත්‍රී ලග්නයේ සිට පුරුෂ ලග්නයට ඇති දුර රාශි (ලග්න කොටු) ගැණගත යුතුය.
ස්ත්‍රියගේ ලග්නයේ සිට පුරුෂයාගේ ලග්නයට ඇති දුර රාශිය (ලග්න කොටු) හයකට අඩු වුවද ස්ත්‍රිය හා පුරුෂයා උපන් ලග්නවලට අධිපති ග්‍රහයන් දෙදෙනා මිත්‍ර ග්‍රහයන් නම් රාශි පොරොන්දම ශුභ සේ සැලකේ. නිදසුනක් වශයෙන් ස්ත්‍රිය කන්‍යා ලග්නයේද, පුරුෂයා තුලා ලග්නයේද ලෙස ගනිමු. මෙහි ස්ත්‍රිය උපන් ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට දුර රාශි (ලග්න කොටු) 2 කි. එය අශුභ වුවද ඉහත කීමට අනුව දෙදෙනාගේ ලග්නාධිපතීන් (ලග්නයට අයිති ග්‍රහයින්) වන බුධ, ශුක්‍ර, මිතුරු ග්‍රහයින් වන නිසා ශුභ ලෙස සැලකේ. චන්ද්‍රයා තැන්පත් රාශිය (ලග්න කොටු) අධිපති ග්‍රහයන් ගැනද මෙසේම බැලිය යුතුය.
පංචාංග ලිත්වල ග්රහයින්ගේ මිත්‍ර සම සතුරා දැක්වෙන චක්රයකින් ග්‍රහයන්ගේ මිතුරු සතුරු සමාන සබඳතාවන් ගැන ඔබට බලාගත හැකිය. තවද අශුභ සංඛ්‍යාවකට වැටෙතත් එනම් ස්ත්‍රී රාශියේ (ලග්නයේ) සිට පුරුෂ රාශියට (ලග්නයට) ඇති දුර රාශි (ලග්න කොටු හයකට අඩුනම් දෙදෙනාම එකම ග්‍රහයාට අයත් ලග්නයකින් උපත ලදහොත් ඒ ගැන තැකීමක් නොකොට රාශි පොරොන්දම ශුභ බව තීරණය වේ. ස්ත්‍රිය ස්ත්‍රී රාශියකින් (ලග්නයකින්) උපත ලැබීම හා පුරුෂයා පුරුෂ රාශියකින් උපත ලැබීම නිසාද දුර ප්‍රමාණය නොසලකා හැර රාශි පොරොන්දම ශුභ ලෙස ගනී. මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ, පුරුෂ රාශි (ලග්න) වන අතර, වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර මීන, ස්ත්‍රී රාශි (ලග්න) ලෙස හැඳින්වේ.
දෙදෙනාගේම ලග්න රශි දෙක හා චන්ද්‍ර රාශි දෙක හා චනුද්ර රාශි දෙක වෙන වෙනම රාශි පොරොන්දම් ගැළපීමේදී බැලිය යුතුයේ. රාශි (ලග්න) යුවළම ගැළපේ නම් ශුභයි. නොඑසේ නම් මධ්‍යස්ථ ප්‍රතිඵලය රාශි පොරොන්දම අයහපත් වුවද රාශ්‍යාධිපති (එම ලග්නවලට අයිති ග්‍රහයින්) පොරොන්දම ශූභ නම් අශුභය භංගවී යයි.
Wmqgd .ekSu