Life
රාත්‍රී ආහාර වේල ගන්න කලින් මේ ගැනත් හිතන්න
සාමාන්‍ය පුද්ගලයකුගේ රාත්‍රි ආහාර වේල පහසුවෙන් දිරවිය හැකි එකක් විය යුතුයි කියල තමයි වෛද්‍යවරු කියන්නේ. අනවශ්‍ය විදිහට කෑමවලින් බඩ පුරවාගෙන රාත්‍රී නින්දට යාම ඒ තරම් හොද දෙයක් නෙවෙයි. දහවල් කාලයේදී අධික ලෙස වෙහෙසට පත්වන ශරීරය රාත්‍රී කාලයේදී යම් කිසි ආකාරයක විවේකයක් ඉල්ලනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය එයට හොඳම උදාහරණයක්. තෙල් සහිත ආහාර අරගෙන රාත්‍රී නින්දට යැම තුළින් ආමාෂයේ දැවිල හටගන්න පුළුවන්. අන්න ඒ නිසා රාත්රියේදී ඔබ ගත යුත්තේ පහසුවෙන් දිරවිය හැකි ආහාර වේලක්. ඒ වගේම අපි ගන්න රාත්‍රී ආහාර වේල නිදාගැනීමට පැය තුනකටවත් පෙර තමයි ලබාගන්න ඕනි.
ඒ වගේම නින්දට පෙර අපි ආහාරයට ගැනීම නොකළ යුතු ආහාර වර්ග කිහිපයක් තිබෙනවා. ඒ අතර රතු මස් වර්ග සහ ප්‍රොaටීන් බහුල ආහාර වර්ග ප්‍රධානයි. මෙවැනි රතු මස් වර්ග නිසා උදරය අපහසුතාවට පත්වෙනවා. ඒ වගේම අහිතකර බලපෑමක් ඇතිකිරීමට ද මෙම ආහාර වර්ග සමත් වෙනවා. මේ හේතූන් නිසා හරක්මස්, ඌරු මස් සහ කුකුළු මස් රාත්‍රීයේදී වැඩිපුර ආහාරයට ගැනීම නොකළ යුතුයි.
අනෙක් ආහාර වර්ගය තමයි තෙල් සහිත ආහාර වර්ග. තෙල් සහිත ආහාර දිරවීම තරමක් අපහසුයි. එමනිසා උදෑසන ඔක්කාරය වැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. ඒ වගේම සැර ආහාර වර්ග භාවිතයත් ඒ තරම් හොද නැහැ. කුළුබඩු වර්ග ශරීරයට අහිතකර නැහැ තමයි. නමුත් රාත්‍රී ආහාරය සඳහා කුළු බඩු වර්ග භාවිතය නම් ඒ තරම් හොඳ නැහැ. සැර ආහාර වර්ගවලට සංවේදනයන් උත්තේජනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබට නිදා ගැනීමේ අපහසුතාවන් ඇතිවෙන්න තිබෙන ඉඩ තිබෙනවා.
අපි දැකල තියෙනවා සමහරු කාබොහයිඩේ්රට් අඩංගු ආහාර වර්ගත් වැඩි වශයෙන් භාවිතයට ගන්නවා. ඒ වෙනුවට සැහැල්ලූ පළතුරක් ආහාරයට ගන්න පුළුවනි නම් හොඳයි. චොකලට්, කේක් වැනි පැනිරස ආහාරයට ගැනීමෙන් නින්ද වළක්වාලන තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්.
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks