Kitchen
රසවත්ව පොල් සම්බෝලයක් හදා ගන්නේ කොහොමද ?
පොල් සම්බෝල කියන්නේ හැම ගෙදර වගේම හදන කෑමක්. කොයි තරම් මාලුපිණි තිබ්බත් පොල් සම්බෝලයකින් එන රස නම් කියලා නිම කරන්න බෑ නේද ? ඒ නිසාම තමයි අපි තීරණය කලේ පොල් සම්බෝලේ රසවත්ව හදා ගන්නේ කොහොමද කියලා කියා දෙන්න.
fb- like-beg
අවශ්‍ය ද්‍රව්‍ය :
සිහින්ව ලියා ගත්ත පොල් කෝප්ප 2ක්
වියලි මිරිස් තේ හැඳි 3 ක්
කොච්චි කරල් 3ක්
සුදු ළුණු බික් 1 ක්
රතු ළුණු ගෙඩි 3ක්
සිහින්ව ලියාගත් බී ළුණු ගෙඩියක්
ලුණු
කරපිංචා
දෙහි එහෙමත් නැත්නම් සියඹලා
සිහින්ව ලියාගත් තක්කාලි
වියලි කූනිස්සන්
සාදාගන්න ආකාරය :
මුලින්ම අපි සුදු ළුණු, රතු ළුණු, කරපිංචා, කොච්චි, ලුණු හොදින් අඹරගන්න ඕනි.
කෑලි මිරිස් එක්කරද්දී ටිකක් විතර රත්කරගන්න අමතක කරන්න එපා. හොඳින් මතක තියාගන්න ඕනි දෙයක් තමයි කෑලි මිරිස් රත් කරද්දී නිතර කූරු ගාන එක. නැත්නම් කර වෙන්න ඉඩකඩ වැඩි.
හොදින් රත්කරගත් කෑලි මිරිස් එක්කර එයත් හොඳින් අඹරා ගන්න
ඉන් පසුව මෙයට පොල් එක්කරන්න. නැවත හොඳින් අඹරා ගන්න.
දැන් මෙම මිශ්‍රණය භාජනයකට දමාගන්න. මැටි බදුනකට දමා ගන්නවා නම් වඩාත් හොදයි.
ඉන් පසුව සිහින්ව ලියා ගත්ත තක්කාලි, බී ළුණු, වියලි කුනිස්සන් මෙයට එක්කර, අතින් හොදට මිශ්‍ර කරන්න.
අපිට පුළුවන් වියලු කුනිස්සන් වෙනුවට, පුළුස්ස ගත් කරවල, බැදගත් කරවල, බැදගත් කුඩා මලු වුනත් එක් කරන්න.
අවසානයේ මෙයට ඇඹුල් එක්කරන්න ඕනි. මෙහිදී සියඹලා එහෙමත් නැත්නම් දෙහි රස අනුව එක කරන්න.
මෙය පිළිගන්න කලින් බැදගත් වියලි මිරිස් ළුණු කරපිංචා ටිකකුත් එක කරන්න අමතක කරන්න එපා.