Life
රසයෙන් වැඩිවන විස
අපේ ආහාරවල අඩංගු ප්රවේශමින් ආහාරයට ගත යුතු දේ තිබේ.
ඒවා නම්
තෙල්, සීනි සහ ලුණුය. ආහාරයේ රසය වැඩි කිරීමට මේවා යොදා ගත්තද වැඩිපුර
ගැනීම සුදුසු නැත සිරුරට විෂ ය. එනම් ලෙඩ රෝග ඇති කිරීමේ හැකියාව ඉහළය.
තෙල්- ශක්තිය ලබාදෙයි. එහෙත් වැඩිපුර ගැනීමෙන් ලෙඩ වෙයි. මහත් වේයි.
තෙල්
බහුල ආහාර ලෙස ක්ෂණික ආහාර, ප්‍රේස්ටි්‍ර, පීසා, බර්ගර්, බටර්, මාගරින්,
තෙල් වර්ග (එනම් පොල් තෙල්, එළඟිතෙල් වැනි) සකස් කළ මස් (හැම්, බේකන්,
සොසේජස්) පෙන්වා දීමේ හැකියාව තිබේ.
සීනි- ශක්තිය ලබාදෙයි. නිතර ආහාරයට ගැනීමෙන් දත් නරක් වෙයි. සිරුර මහත් වෙයි. ලෙඩ රෝගවලට මුල පුරයි.
සීනි බහුල ආහාර ලෙස සිසිල් බීම, පැණි බීම, කේක්, බිස්කට්, ජෑම්, ටොµs ජෙලි වර්ග, පැණිරස කෑම වර්ග ප්‍රධාන වේ.
ලුණු- වැඩිපුර ගැනීමෙන් පිපාසය ඇතිවේ. ලෙඩ රෝග ඇති වේ.
ලුණු
බහුල ආහාර ලෙස, ක්ෂණික ආහාර, ප්‍රේස්ටි්‍ර, පීසා, බර්ගර්, ලුණු යෙදූ
බිස්කට් වර්ග (අල පෙති, රටකජු, මුරුක්කු, ටිපිටිප්) සකස් කළ මස් (හැම්
බේකන්, සොසේජස්) චීස්, මාමයිට්, සුප්කැට, පපඩම් පෙන්වා දීමට පුළුවන.
මෙහිදී
විශේෂයෙන්ම මතක තබාගත යුතු වන්නේ ක්ෂණික ආහාර සහ සිසිල් බීමවල සිරුරට
අහිතකර තෙල්, සීනි සහ ලුණු බහුලව තිබුණත්, සිරුරට හිතකර විටමින් ඛනිජ ලවණ
ඇත්තේම නැති තරම් බවයි. පෝෂණ ගුණය අඩුයි.
මොනවද මේ කොළ, කහ, රතු කියන්නේ.
සෑම
ආහාර කාණ්ඩයකම තෙල්, සීනි සහ ලුණු අඩංගු ආහාර වර්ග තිබේ. එම සංඝටක අඩංගු
ප්‍රමාණය අනුව ආහාර කොළ, කහ සහ රතු ලෙසින් පාට තුනට බෙදා තිබෙන්නේ ජනතාව
දැනුවත් කිරීම තුළ නිරෝගී දිවියකට මග පාදා දීමටයි.
කොළ- තෙල්, සීනි සහ ලුණු අඩුවෙන් ඇති ආහාරය, මෙම ආහාර දිනපතා යහමින් ගත හැකිය.
කහ-
තෙල්, සීනි සහ ලුණු අතරමැදි ප්‍රමාණයක් ඇත. මෙම ආහාර දිනපතා යහමින් ගැනීම
සුදුසු නැත. සීමාවක් සහිතව ගත යුතුය. සතියකට දින 2 ක් පමණ.
රතු- තෙල්, සීනි සහ ලුණු වැඩියෙන් අඩංගු ආහාර වේ. හැකි තරම් සීමා කළ යුතුය.
ධාන්‍ය/පිටි සහිත ආහාර
කොළ- බත්, හාල්පිටි, බඩ ඉරිඟු ආහාර.
කහ- පාන්, බනිස්, පෑන් කේක්, පාන්පිටි ආහාර, µ්‍රයිඩ් රයිස්.
රතු- ප්‍රේස්ටි්‍ර, කේක්, බිස්කට්, ඩෝනට්.
එළවළු
කොළ - අලුත් එළවළු හා පලා වර්ග.
කහ - තෙල් යොදා පිසූ එළවළු.
රතු - පොටෙටෝ චිප්ස්, ප්රෙක්ච් µaරසිස්, (ගැඹුeර තෙල් බැදි අල තීරු)
පලතුරු
කොළ- නැවුම් පලතුරු, සීනි නොදැමූ ස්වාභාවික පලතුරු යුෂ.
කහ- සිරප්වල ගිල්වූ පලතුරු වර්ග, වියලි පලතුරු.
රතු- කෘත්‍රිම පලතුරු බීම, ජෑම්.
මාළු, මාශ බෝග, බිත්තර සහ මස්
කොළ- මාළු, මුං, කඩල, කවුපි, සම ඉවත් කළ කුකුළු මස්, බිත්තර මද, රට කජු, කජු.
කහ- තෙල් භාවිත නොකර පිසින ලද හරක් මස්, ඌරු මස්, එළු මස්.
රතු- සොසේජස්, හැම් බේකන්, පීකුදු, බිත්තර කහ මද, සුදු බැදපු ඉස්සන්.
කිරි සහ කිරි නිෂ්පාදන
කොළ- යොදය රහිත අඩු කිරි හා එම නිෂ්පාදන, සෝයා කිරි.
කහ- යොදය සහිත කිරි හා එම නිෂ්පාදන (චීස්, යෝගට්, මුදවාපු කිරි)
රතු- අයිස් ක්‍රීම්, පුඩිං
සෞඛ්‍ය
සහ පෝෂණ අමාත්‍යාංශය මගින් හඳුන්වාදී ඇති ආහාර වර්ග පිළිබඳ ඔබ දැනුවත්ව
නිරෝගී භාවය වෙනුවෙන් ආහාර පාන තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. තෙල්, සීනි සහ
ලුණු හැකිතාක් පාලනය කර ගැනීම තුළ නිරෝගී දිවි පෙවෙතකට මග සලසා ගැනීමේ
හැකියාව ඇත.
සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍යංශය
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks