iranama
රවි-කුජ මිථුන රාශි ගතවීම ඔබේ ලග්නයට කෙසේද?
ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන රවි (ඉරු) ලෝකයාට ජීවය, උෂ්ණය ආලෝකය සලසා දෙයි. කේන්ද්‍ර හිමියාට ශරීර ශක්තිය, ආත්ම බලය, ප්‍රසිද්ධිය, කීර්තිය ඥන හා ධාරණ ශක්තිය, ලබා දෙයි. රැකියා තනතුරු ලබාදීම හා රැකියා තනතුරුවලින් පහකිරීම කරනු ලබන්නේ ද රවි විසින්මය. බන්ධනාගාර, සිරගත කිරීම් කරන්නේද රවිමයි. රවි බලවත් වීමෙන් පිරිස් බලය ලබයි. පාලන බලතල හිමි වේ. යටත් වීමට කැමති නැත. උපන් මොහොතේ රවි ග්‍රහයා ජන්මියාට අශුභව පිහිටියේ නම් ඔහු ආත්ම ශක්තියෙන් පිරිහුන, ප්රධානත්වයට නුසුදුසු, රජයට සම්බන්ධ කරුණුවලින් අප්‍රසිද්ධ, අයකු වන්නේය.
පොළවට ඉතා සමීප වූ ග්‍රහයා වන කුජ (අඟහරු) ලෝක ආරක්ෂකයා ලෙස පිළිගැනේ. ධෛර්යය එඩිතරකම, සටන්කාමී බව, අවබෝධතා ඥනය, යටත් පහත් බවක් රහිතව කටයුතු කිරීම, කුජගේ බලයෙන් සිදුවේ. ලෞකික ඕනෑ එපාකම් කුජ විසින් සිදු කරනු ලබයි. සටන්කාමී වැඩවලට, බලහත්කාරකම්වලට කුජ කැමැතියි.
2015 ජුනි 15 දා සිට ජුලි 17 දක්වා රවි බුධට අයත් මිථුන රාශියේ ගමන් කරයි. කුජ (අඟහරු) ග්‍රහයාද ජුනි 16 දා සිට ජුලි 30 දක්වා මිථුනයේ සිටී. මෙම ග්‍රහයන් දෙදෙනාම උෂ්ණ ග්‍රහයින් වීම නිසාත් එකට සිටීම නිසාත් ශරීරයේ ලේ උෂ්ණ කරයි. මේ දෙන්නා එකට සිටීම නිසා චිත්ත ධෛර්ය වැඩි කරයි. ඥනවන්තව කටයුතු කරයි.
ඔබේ ලග්නයට අනුව මෙම ග්‍රහයන් දෙදෙනාගේ ශුභ අශුභ තත්ත්වයන් මෙසේය.
මේෂ - රවි - කුජ දෙදෙනා 03 වැන්නේ ගමන් කරන නිසා ආත්ම ගෞරවය හා කීර්තිය වෙනුවෙන් කටයුතු කරයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. කාර්මික කටයුතුවල නියෑලී සිටින අයට යහපත්ය. (යන්ත්‍ර සූත්‍ර) සංගීත කලා කටයුතු ප්‍රිය කරයි. අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ.
වෘෂභ - කථාවට දක්ෂයි. ඥනය දියුණු වන කටයුතුවල යෙදෙයි. ගේදොර ඉඩකඩම් සඳහා මුදල් ආයෝජනය කරයි. ඇස්වල දුර්වලතා ඇති කරයි. වියදම් ගැන සැලකිලිමත් නොවේ. දත් වැටීම්, දිරා යැම් ඇතිකරයි. අවිවාහක අයට විවාහ කටයුතු සාර්ථක වේ. යන්ත්‍ර සූත්‍ර ගණිත මිනිත කටයුතුවල යෙදී සිටින අයට ශුභයි.
මිථුන - රවි - කුජ 02 දෙදෙනාම ලග්නගතව සිටීමෙන් ශාස්ත්‍රීය කටයුතු ප්‍රිය කරයි. අධ්‍යාපන කටයුතුවලින් උසස් තැනක් හිමිකර ගනී. සහෝදරාදීන්ගෙන් උදව් ලැබේ. සටන්කාමී වේ. නව නිෂ්පාදන, නිර්මාණ කටයුතුවලට දක්ෂතා දක්වයි. හිසේ තුවාලයක් ඇතිවන සිද්ධියකට භාජනය විය හැකිය.
කටක - 12 වැන්නේ රවි - කුජ ගමන් කිරීම යහපත් නොවේ. මුදල් අවහිරතා උද්ගත වේ. තමාගේ වැඩ අතපසු කර අන් අයට උදව් කරයි. කලාත්මක දේවල් ප්‍රිය කරයි. ඉගෙනීම් කටයුතුවලට බාධක යෙදේ. යන්ත්‍ර සූත්‍ර කටයුතුවල යෙදී සිටින අයට ශුභයි.
සිංහ - ලග්නාධිපති රවි සමග කුජ 11 සිටීම ඉතා වාසනාවන්තයි. සමාජයට හිතවත් වේ. උසස් අය ආශ්‍රයට ලැබේ. උසස් ආදායම් මාර්ග ඇතිකර ගනී. නීති අංශයේ සේවය කරන අයට ද ඉතා ශුභයි. යාන්ත්‍රික - කාර්මික කටයුතු වලින් වාසි අත්වේ. මව්පස නෑයන්ගෙන් උදව් ලැබේ.
කන්‍යා - දුර බැහැර අය සමග සම්බන්ධකම් ඇතිකර ගනී. රැකියාවේ ස්ථාන මාරුවීම් ඇති වේ. ශාස්ත්‍රීය අංශයෙන් උසස් තැනක් හිමි වේ. පියාට අගුණයි. නිර්භීතයි. කාර්මික - යාන්ත්‍රික කටයුතුවලින් ප්‍රතිඵල ලබයි. වැඩකටයුතු අවුල් තත්ත්වයකට පත්කර ගනී. ඒවා අස්ථිර වේ.
තුලා - 09 වැන්නේ රවි - කුජ ගමන් කිරීමෙන් බුද්ධිමත්ව ක්‍රියාකරයි. පොත්පත්, සාහිත්‍ය කටයුතු ආදියෙන් ප්‍රසිද්ධියට පත් වේ. උසස් මිත්‍රයන් ආශ්‍රය කරයි. විදේශ ගමන් බිමන් යෙදේ. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට ජයයි. පියාට ඉතා හිතවත්ව කටයුතු කරයි. ගුණ නුවණින් යුක්තයි.
වෘශ්චික - රවි - කුජ 08 වැන්නේ ගමන් ගැනීම එතරම් යහපත් නැත. පියාට අගුණයි. ශරීර ශක්තිය දුර්වල වේ. වගකීමෙන් තොර කටයුතුවල යෙදෙයි. ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වී හෘද රෝග වැළඳේ. විවාහ ජීවිතයේ දී දෙදෙනා අතර අවුල් සහගත තත්ත්වයක් උදාවේ. දරු උපත් අපේක්ෂා කරන අයට අපලයි.
ධනු - විද්‍යා තාක්ෂණ, කලා - සාහිත්‍ය ආදී ශිල්ප ශාස්ත්‍ර හදාරන අයට ශුභයි. විභාගවලින් ජය ගනී. රැකියා නැති අයට රැකියා අවස්ථා උදාවේ. අර්ශස් රෝග ඇති කරයි. පවුල් ජීවිතයේ ගැටලු ඇති කරයි. කාමාශා බලවත්ය. උපායශීලීව කටයුතු කරයි. ව්‍යාපාර කටයුතුවල නියෑලී සිටින අයට වාසි අත් වේ.
මකර - 06 වැන්නේ රවි - කුජ ගමන් ගැනීම නිසා ශරීරය දුර්වල කරයි. අන්‍යයන් යටත් කරගෙන සිටීමට කැමතියි. සතුරු කරදර විය. සටන් කිරීමට කැමතියි. නීතිය හා කාර්මික කටයුතුවල නියෑලී සිටින අයට ශුභදායකයි. විවාහය ඉක්මන් විය හැකිය.
කුම්භ - දැනුම බුද්ධිය වර්ධනය කර ගනී. උගත් උසස් අය ආශ්‍රයට ලැබේ. කරදර බාධක අභියෝග ජය ගනී. මතක ශක්තිය ඉතා හොඳයි. ගණිත මිනිත, ඉංජිනේරු කාර්මික කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. ආලය පිළිබඳ කටයුතු වලදී කරදර ඇති වේ. උනන්දුව උත්සාහය තිබේ.
මීන - 04 වැන්නේ රවි - කුජ ගමන් ගැනීම යහපත්ය. ඥනය දියුණුවන වැඩවලට අත ගසයි. පිරිස් බලය ලබයි. ප්‍රධානත්වය හිමි වේ. දේපල ඉඩකඩම් ලැබීමේ භාග්‍ය පවතී. නිවසක් ඉදිකර ගනී. පපුවේ - පෙනහැලි ආබාධ ඇති විය හැකිය. යාන්ත්‍රික කටයුතුවල යෙදී සිටින අයට වාසි අත් වේ.
Wmqgd .ekSu