iranama
යුග විය අවුල් කරන කුජ
ඔබේ විවාහ ජීවිතය සැපවත්ද? නැතිනම් ඔබ සැපවත් විවාහ ජීවිතයක් අපේක්ෂා කරන තවමත් අවිවාහක තරුණයෙක් හෝ තරුණියක්ද? කේන්ද්‍රය මගින් මේ ගැන විමසා බලන්නට මේ ලිපි පෙළ යොදා ගනිමු.
යුග විය නැතහොත් විවාහය යනු කුමක් දැයි මෙහිදී පළමුවෙන් ම සොයා බැලිය යුතු වේ. විවාහය යන අකුරුවලින් විශ්වාසය, වාසනාව, හරිමඟ, යහපත යන අරුත් දෙන බව ද කියනු ලැබේ. ජ්‍යෝතිෂයේදී විවාහය යනුවෙන් අදහස් කරන්නේ ස්ත්‍රියක් හා පුරුෂයකු ලිත් වර්ෂයකට වැඩි කාලයක් එක්ව ජීවත්වීම වේ. පෙම්වතුන් ලෙස සිටීම, තාවකාලික සබඳතා පැවැත්වීම, නැතහොත් විවාහය ලියාප ංචි කර තිබීම සැබෑ විවාහය නොවේ.
අතිසාර්ථක යුග ජීවිත ගත කරමින් ඉතිහාසයේ රන් අකුරින් සටහන් තැබූ යුවතිපතීන් ද සිටී. සාජහන් හා මුම්ටාස් යුවළගේ ව්යමය ප්‍රේමයේ ජීවමාන සංකේතය ටඡ්මහල් මන් රයයි. රෝමියෝ - ජුලියට්, රාමා - සීතා, රාධා - ක්‍රිෂ්ණා, කුස - පබාවතී, විෂ්ණු - ලක්ෂ්මී වැනි චමත්කාරජනක යුවතිපතීන් ගැන එසේ අසන්නට ලැබේ. එදා මෙදා තුර අසන්නට ලැබෙන විශිෂ්ටතම ප්‍රේම වෘත්තාන්තය වූ කලී සිද්ධාර්ථ - යශෝධරාවන්ගේ කතාවයි. ආත්ම 500 පුරා මේ බෝසත් යුවළගේ ආදර කතාන්තරය ලියෑවී ඇත. නිවන් දක්නා ජාති දක්වා මේ යුවළ ආත්ම සිය ගණනක් මුළුල්ලේ ඉපදුණාහ. සඳ කිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකය, කුස ජාතකය ආදී ජාතක කතාවල මේ බව සඳහන් වෙයි. මරණය දක්වා නොබිඳෙන සෙනෙහසකින් යුතුව වි ගෙවන යුවතිපතීන් ද අප අතර හිඟ නොවේ. සතුටුදායක විවාහ ජීවිතයකට ආර්ථික ප්‍රශ්න බරපතළ බාධාවක් නොවන්නේය. සෙනෙහස තුළින් දුක - සැප බෙදා ගන්නා බැවිනි.
මේ අතර විවාහ ජීවිතය ෙ
Wmqgd .ekSu