Health
යකඩයක් වැටිලා කකුල ර්ණපිට්ටු ගෙඩිය” වගේ ඉදිමිලා
රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්රිය
සායනයකට පැමිණි රෝගියෙකු නොන්ඩි ගසමින් පැවසුවේ ඩොක්ටර්ගගගගග අද උදේ කකුල උඩට තරමක යකඩයක් වැටුනාග දැන් කකුල ර්ණපිට්ටු ගෙඩිය” වගේ ඉදිමිලා කියලයිග
කකුලක් වැනි ස්ථානයක කිසියම් තැලීමක් සිදු වූ පසුව ර්ණපිට්ටු ගෙඩිය” වගේ ඉදිමිලා යැයි ව්‍යවහාරයේ පැවතීම අපි හොඳින් අසා පුරුදුල හොඳින් අත්දැකිමෙන් දන්නා කතාවක්ග යමක් වැටුනම කකුල පිට්ටු ගෙඩිය වගේ ඉදිමෙන්නේ ඇයිද යන්න අද අපි සාකච්ඡාවට බඳුන් කරමුග
අපගේ අත් දෙක හා පාදයන් හොඳින් නිරීක්ෂණය කර බලන විටල ඒ කොටස් දෙකේ ඇති අත්ල හා පතුල (Palm and sole) හැරුණු විට අනික් තද පැහැති පිට පතුලල පිට අත්ල තරමක් රැලි සහිත සමකින් යුක්ත වී තිබෙනවාගමෙසේ රැලි පිහිටීම නිසා අත් දෙක හා පාදයේ ඇති පුරුක් පහසුවෙන් ක්‍රියා කර අතින් යමක් ග්‍රහණය කිරිම වැනි හොඳින් නැමෙන සුළු ක්‍රියාවන් දල පහසුවෙන් ඇවිදීම වැනි ක්‍රියාවන් ද කාර්යක්ෂමව ඉටුකර ගැනීමට ර්ණසම” මඟින් ඉඩකඩ ලබා දෙනවාග ඒ කියන්නේ ශරීරයේ අනික් කොටසට වඩා මෙම ස්ථානවල ර්ණසම” ලිහිල්ව රැලි වැටීල ඇතුළත ඇති පටකයන්ට තදින් සම්බන්ධ නොවී පැවතිමයිගග
මේ ලිහිල්ව ඇති සමට යටින් කිසියම් හේතුවක් නිසා ඉදිමීමක් හෙවත් දියර එකතු වීමක් සිදුවූහොත්ල සම මතුපිට ඇති රැලි නැති වීල පිරුණු ස්වභාවයක් ඇති වී අද අපි කතා කරන ර්ණපිට්ටු ගෙඩියේ” හැඩයේ ස්වරූපය ලැබෙනවාග මේ ස්වරූපය ලැබෙන ආකාරයල පාඨක ඔබට වැටහුණත් අද ලිපියේ වඩාත් වැදගත් කොටස වන්නේ මෙලෙස ඉදිමීමට හේතුව සහ ඉදිමෙන ආකාරය පිළිබඳවයිග
අපගේ සමට යටින් ඇති පටක (Connective tissue) සමත්ල යටින් පිහිටා ඇති පේශිල අස්ථි ආදී ව්‍යුහයන් අතරත් මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවාග ඒ වාගේම මෙම පටක අතරට මනා රුධිර සැපයුමක් ද රුධිර නහර මඟින් ලබා දෙනවාග කිසියම් තැල්මක්ල අනතුරක් පාදයට සිදුවීමේදී විය හැකි කාරණා කිහිපයක් තිබෙනවාග ඒ අතර සමට යටින් ඇති සම්බන්ධක පටක තැල්මකට ලක්වීම රුධිර නහරවලට තුවාල වී රුධිරය ගැලීම හා යටින් ඇති අස්ථිවලට හානි වී ර්ණභග්නයක්” Fracture සිදුවීම තරමක් වැදගත් කාරුණක් ලෙස සැලකිය යුතුයිග
ඉහත ඕනෑම අනතුරකදී රුධිරය ගලා යාමක් එකතු වීමක් ඇතිවිය හැකි අතරම ඊටත් වඩා පොදුවේ දකින්නට ලැබෙන්නේ ර්ණඉදිමුම් වතුර” එකතුවීම මඟින් කකුල පුරවා දැමීමක් සිදුවීමයිග (Oedema fluid) මේ ආකාරයට ර්ණවතුර” ගතියක් අනතුර වූ ස්ථානයේ ඇතිවන ආකාරය විමසා බලමුග
අපගේ ශරීරය ඇතුලත කිසියම් අනතුරක් හෝ පටකවලට හානියක් සිදු වූ විට ර්ණප්රදාහය” Inflammation තත්ත්වයක් ඇති වෙනවාග ඒ කියන්නේ විනාශ වූ හෝ තුවාල වූ පටක මත ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකර එම
ස්ථානය පිළිසකර කර දීමේ මුල් අවස්ථාවක් ලෙස ප්‍රදාහය තත්ත්වය ඇති වෙනවාග මෙහිදී එම අනතුර සිදුවූ ස්ථානයේ දියර එකතු වී ඉදිමීමල රතු පාට වීමල එම ස්ථානයේ උෂ්ණත්වය වැඩිවීමල රුධිර ගමනය වැඩිවීම හා වේදනාව ඇතිවීම සිදුවනවාග මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය අපට පිටතින් ර්ණපිට්ටු ගෙඩියක් සේ ඉදිමීම” ලෙස දකින්නට ලැබෙනවාග අනතුර සිදුවී ටික වේලාවක් පැය කිහිපයක් ගත වනවිට මෙම ර්ණප්රදාහය” ක්‍රියාවලිය ටික ටික වේගවත් වී ඉදිමීම ක්‍රම ක්‍රමයෙන් වැඩිවනවාග පසුව දිනකට දෙකකට පමණ පසුව ඇති වූ අනතුරේ ප්‍රමාණය අනුව ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනවාග ඒ කියන්නේ ඉදිමුම් වතුර ශරීරය මඟින් ඉවත් කරනු ලබනවාග
අනික් අතට අනතුර නිසාල රුධිර නහරයකට හානි වී ලේ ගැලීමක් ඇතිවන විටදී ක්ෂණිකවල සමහරවිට විනාඩි කිහිපයක් තුලදී වේගයෙන් එම ස්ථානය ඉදිමෙනවාග මෙහිදීත් අනතුර සිදු වූ ස්ථානය ඉදිමීමක් ලෙස දකින්නට ලැබුණත්ල ර්ණපිට්ටු ගෙඩියක්” ආකාරයට හොඳින් ව්‍යාප්ත වුණු පිරුණු ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැග ඒ වෙනුවට සාපේක්ෂව තරමක් කුඩා ප්‍රදේශයකට සීමා වුණු වේගයෙන් සිදුවන ඉදිමීමක් රුධිරය වහනයකදී දකින්නට ලැබෙනවාග
අස්ථි භග්නයක් හෙවත් ඇටකටු බිඳීමක් සිදු වී ඇතිවිට ඉදිමීම වේගවත්ව වාගේම ප්‍රමාණයෙන් ද විශාලව සිදුවනවාග මෙහිදී ර්ණප්රදාහය” වාගේම නහර වලින් රුධිරය වහනය වීමත් යන දෙකම සිදුවිය හැකියිග
අයිස් තැබීම මඟින් රුධිර වහනයක් ඇති අවස්ථාවක එය අවම කිරීමත්ල වේදනාව අඩු කිරීමත් සිදුවෙනවාග ඒ වාගේම පසු අවස්ථාවක ර්ණඋණුසුම් දෙයක්” භාවිතා කර තැබීම ආදිය මඟින් වේදනාව අඩු කර ගන්න පුළුවන් වෙනවාග කෙසේ වෙතත් කකුලට කිසියම් අනතුරක් සිදු වූ විට එය ර්ණපිට්ටු ගෙඩියක්” වගේ ඉදිමීම කියන ව්‍යවහාරය ගැන පාඨක ඔබට කිසියම් අදහසක් ලැබෙන්න ඇති
curtesy : dinamina.lk