Health
මොළයට පණ දෙන්නට කනවා නම් මෙන්න කෑම
අප බොහෝවිට ආහාර ගන්නේ කුස පිරවීමටයග එහෙත් ආහාරගත යුත්තේ කුස පිරවීමට පමණක් නොවේග එම ආහාරවලින් ලැබෙන පෝෂණය හා සෞඛ්‍යයමය තල්ලුව කිසිලෙසකින් වත් අමතක නොකළ යුතුයග සමහර ගුණ එළවළු යම් කාලවලදී මිල අඩුයග එසේම මිල තරමක් වැඩිවුවද ගුණදායි බව සලකා යම් ආහාරල ආහාරවේලට එක්කර ගැනීම නුවණැති ක්රියාවකිග මේ විශේෂ ගුණැති ආහාර කිහිපයක් ගැන තොරතුරුයග
බ්රොකොලි සහ කෝලිෆලවර්
මේ දවස්වල මල්ගෝවා :කෝලිෆ්ලවර්- සුලබයග මල්ගෝවාල බ්රොකොලිල ගෝවාල ගෝවා කොළ ආදී ගෝවා කුලයට අයත් සියලු එළවළු වර්ග තුළ ප්රතිඔක්සිකාරකල ඛනිජ පෝෂකල ප්‍රතිපෝෂක ආදිය කෙතරම් සුලබව පවතිනවාදයත් මොළයෙහි පටක ධූලක :විෂ වර්ග- වලින් ආරක්ෂා කිරිමට ඒ ආහාර සමත් වෙයිග
ඇමෙරිකාවේ හාර්වර්ඩ් සරසවිය සහභාගී වන්නන් 13388ක් යොදාගෙන සිදු කළ පර්යේෂණයක් මඟින් පෙන්වා දී ඇත්තේ ගෝවා කුලයේ ආහාර නිතර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මනා සේ ක්‍රියාකාරීවීම හා මතක ක්‍රියාවලිය රැක ගැනීමට ඇති හැකියාව ඉහල යන බවයග
මෑ ඇට ඇතුළු පියලි ඇට
මෑල මුංල බෝංචිල කිඩ්නි බීන්ස් ඇතුළු අනෙකුත් පියලි ඇට මඟින් මොළයට අවශ්‍ය ඉන්ධන සපයන ග්ලූකෝස් :කාබෝහයිඩ්රේට්- ලබාදෙයිග එසේම මෙම ඇටවර්ග තුළ සුලබව පවතින තන්තු :ෆයිබර්- නිසා මෙම ග්ලූකෝස් අවශෝෂණය සෙමින් සිදුවන්නේ මොළයට අවශ්‍ය ශක්තිය තිරසාර ලෙස ලබා දෙමින් සහ අවදි බව සහ අවධානය දිගින් දිගටම රැකගැනීමේ යෙදෙමිනිග
මේ අතර බෝංචි ගණයේ ඇට තුළ ප්රතිඔක්සිකාරකල යකඩ සහ තයමීන් ඇතුළු වෙනත් පෝෂක ද සුලබයග එමඟින් ස්නායු ක්‍රියාකාරීත්වය සහ මතක ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට උපකාර ලැබේග
ඔලිව් තෙල්
මොළයෙහි සියයට 50ක්ම තැනී ඇත්තේ මේදයෙනිග එහෙයින් මොළයට ආහාර වශයෙන් සෞඛ්‍යයට හිතකර මේද ලැබීම අත්‍යවශ්‍යයග ඔලිව් තෙල් තුළ අඩංගුව ඇත්තේ ඒක අසංතෘප්ත මේදයෙනිග වෙනත් ඇට වර්ග :කොට්ටන්ල කජුල ආමන්ඩ් ආදී- අලිගැටපේරල තලතෙල් ආදියෙහි ද මෙම මේදය අඩංගුයග
මෙම ආහාර ගැනීම නිසා මොළයේ සෛල ව්‍යුහය සහ නම්‍යතාවය නිසිලෙස පවත්වාගෙන යාමට මෙන්ම වයස්ගතවීම නිසා ඇතිවන හානිවලින් ද මොළයට ආරක්ෂාව සපයයිග මෑතකදී සිදුකළ එක් අධ්‍යනයකින් පළකරන්නේ ඔලිව් තෙල් තුළ අඩංගු ඩලියෝතෑන්තල් නම් රසායනිකයට ඇල්ෂයිමර් රෝගයෙන් ස්නායු සෛල ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවයිග
නිවිති
නිවිතිල ගෝවාකොළ :කේල්- ටර්නිප් ආදී තද කොළ පැහැති එළවළු :සලාද ඇතුළු යකඩ වලින් පෝෂිතයග මෙම යකඩ මොළයෙන් ස්රාවය වන ඩොපමීන් සහ සෙරොටනීන් යන ස්නායු සම්පේ‍්‍රෂක නිෂ්පාදනය ඉහළ යවයිග ඒවා ඉගෙනීම හා මතක හැකියාව නංවාලීමට සමත්යග යකඩ ඌනතාවය ඇති වූවහොත් මතකයල අවධානය සහ මානසික ක්‍රියාවලිය බිඳ වැටිය හැකියග
මේ අතර නිවිති තුළ ඇති ප්‍රතිඔක්සිකාරක රසායනිකය මොළයේ සෛලවලට ආරක්ෂාව සැපයීමට ද සමත්යග
තේ හා කෝපි
අලුයම පානය කරන තේ හෝ කෝපි කෝප්පය තුළ අඩංගු කැෆේන් මධ්‍යම වශයෙන් ගත්විට මොළය උත්තේජනයට සමත්යග එමඟින් අවධානය සහ මතකය දියුණු වෙයිග මැදිවයසේ පසුවන අයට දවසකට තේ කෝපි කෝප්ප 3 -5 දක්වා පානය කිරීමෙන් චිත්ත වික්ෂේපය ඇතිවීමේ අවදානම 86්‍රකින් කපා හැරිය හැකි බව වාර්තා වෙයිග
වයස්ගත අයගේ මානසික පරිහානිය වළක්වාලීමට දිනකට කොළ තේ කෝප්ප 2ක් පානය කිරීම උදව් වන බවට ද පර්යේෂණයන් දක්වයිග
බෙරි වර්ගයේ පලතුරු
ස්ට්රෝබෙරිල රතු මිදිල ජම්බුල ලොවි ඇතුළු බෙරි පවුලට අයත් පලතුරු තුළ ඉතා ඉහළ ප්‍රමාණයෙන් ප්‍රති - ඔක්සිකාරක සහ ඇන්තොසයනීන් අඩංගු අතර මොළයේ සෛල ධූලක :විෂ- වලින් ආරක්ෂා කිරීමට ඒවා සමත්යග
තුසිත මලලසේකර
Wmqgd .ekSu �k�K mqj;a m; weiqfrks