Life
මොකක්ද මේ ලියුකේමියාව එය සුවකළ හැකිද?
ළමා රෝගීන්ගෙන් 85% ක් සනීප කරන්න පුලුවන්
වැඩිහිටි රෝගීන්ගෙන් 50% ක් සුවපත් කරන්න පුළුවන්
ප්රශ්නය - අප කාටත් හොරෙන් හිස ඔසවන රෝගයක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ පමණක් නොවෙයි. ලෝකය තුළත් මේ රෝගය භයානක ලෙස පැතිර යමින් තිබෙනවා. ඒ තමයි ලියුකේමියාව. ශ්‍රී ලංකාවේ සෑම දස ලක්ෂයකටම ලියුකේමියා රෝගීන් 40 සිට 64 දක්වා සිටින බව අනාවරණය වී තිබෙනවා.
වෛද්‍ය වික්‍රමාරච්චි - ජාත්‍යන්තර වශයෙන් ගන්නා විට වසර 2010 දී ලියුකේමියාව නිසා මියගිය ගණන 281500 යි. වසර 2000 දී, එනම් වසර 10 කට පෙර මේ ගණන අවුරුද්දකට දෙලක්ෂ නවදහසයි. සාමාන්‍යයෙන් පිළිකා රෝගය නිසා ලෝක වැසියන්ගෙන් හැත්තෑ ලක්ෂයක් කෝටියත් අතර ගණනක් වාර්ෂිකව මරණයට පත්වෙනවා. මෙයින් 3% ක් ලියුකේමියා රෝගීන්.
ප්රශ්නය - මොකක්ද මේ ලියුකේමියාව?
වෛද්‍ය වික්‍රමාරච්චි - මේක බොහොම පැරණි ඉතිහාසයක් තිබෙන රෝගයක්. ඉස්සර කාලේ අපේ පැරණි අය කියනවා ඇඟේ ලේ වතුර වෙලා මැරෙන අය ගැන. ඒක එක්තරා නීරක්ති තත්ත්වයක් වුණත් නීරක්තිය (anemia) නොවෙයි. ඒ තමයි අපේ ගමේ ගොඩේ අය, ලියුකේමියාව හඳුන්වපු විදිය. ලියුකේමියාව වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. පළමුවැන්න තමයි Acute එහෙමත් නැත්නම් උග්‍ර ලියුකේමියාව. දෙවැන්න Chronic එහෙමත් නැත්නම් නිදන්ගත ලියුකේමියාව. ඊට අමතරව උග්‍ර තවත් වර්ග කිහිපයකුත් තිබෙනවා.
ලියුකේමියාවට ක්ෂණික ප්‍රතිකාර අවශ්‍යයි. නිදන්ගත ලියුකේමියාවට ප්‍රතිකාර කරන්න කලින් ටික කලක් රෝග නිශ්චය කළ යුතුයි. එහෙම නැතිව එක සැරේට බෙහෙත් දුන්නට හරි යන්නේ නැහැ. මුලින්ම රෝගයේ ස්වභාවය සහ එය ඒවන විට තිබෙන තැන හඳුනා ගත යුතුයි. Acute ලියුකේමියාව බොහෝ විට හැදෙන්නේ ළමයින්ට. Chronic ලියුකේමියාව වයස් භේදයක් නැතිව හැමටම හැදෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මේ රෝග වර්ග දෙකටම කිමෝතෙරපි හෙවත් රසායනික ප්‍රතිකාර සහ විකිරණ ප්‍රතිකාර කරනවා. එහෙත් පාරම්පරික සිංහල ප්‍රතිකාර ක්‍රමය තුළ කසාය, චූරණ, තෙල් වැනි දේවලින් ලියුකේමියාව සුවපත් කරන්න පුළුවන්. ඒ අතර ආයුර්වේද ආශ්රයෙන් පර්යේෂණ කර අත්හදා බලපු රස බෙහෙත් වර්ගත් තිබෙනවා. ලියුකේමියාවට ගැළපෙන සාමාන්‍යයෙන් බටහිර ලෝකයේ තිබෙන පර්යේෂණ පත්‍රිකාවල හැටියට ලියුකේමියාව හැදෙන ළමා රෝගීන්ගෙන් 85% ක් සනීප කරන්න පුලුවන්. වැඩිහිටි රෝගීන්ගෙන් 50% ක් සුවපත් කරන්න පුළුවන්. එහෙත් අපට තියෙන අත්දැකීම්වල හැටියට එයට වැඩි ප්‍රමාණයක් සිංහල බෙහෙත්වලින් සුවපත් කළ හැකියි.
ප්රශ්නය - ලියුකේමියාව වැළඳීමට බලපාන හේතු මොනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - හරියටම හේතුව මේක කියලා කියන්න අමාරුයි. උග්‍ර ලියුකේමියාවට වගේම නිදන්ගත ලියුකේමියාවටත් බලපාන පාරිසරික සාධක වගේම උරුමයෙන් හෙවත් පරම්පරාවෙන් එන ජානමය සාධක තිබෙන්න පුළුවන්. සිගරට් බොන අයට විකිරණවලට ලක්වන, බෙන්සින් (Benzene) වගේ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අයට මේ රෝගය හැදෙන්න ඉඩ තිබෙනවා. මේ අතර පවුලේ අයට ලියුකේමියාව තිබෙනවා නම් ඒ වගේ පවුල් වල ඉන්න සෙසු සාමාජිකයන්ටත් ලියුකේමියා අවදානම එනවා.
ප්රශ්නය - ලියුකේමියා රෝග ලක්ෂණ මොනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ලියුකේමියාව හැදුනම ප්‍රධාන වශයෙන්ම හානි සිදුවන්නේ ඇට මිදුලුවලටයි. ලියුකේමියා ක්‍රියාවලිය තුළදී නිරෝගී ඇට මිදුලු සෛල වෙනුවට නොමේරූ සුදු රුධිරානු සෛල හටගන්නවා. එහි ප්‍රතිඵලයක් හැටියට රුධිර පට්ටිකා ඌන තත්ත්වයක් ඇති වෙනවා. ලේ කැටි ගැසීමේ ක්‍රියාවලිය සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ රුධිර පට්ටිකායි. රුධිර පට්ටිකා හිඟවුණාම රුධිර වහනය ඉතා ලෙහෙසියෙන් සිදුවීමට පුළුවන්.
ශරීරයට ඇතුළුවන රෝග කාරක විෂබීජ සමඟ සටන් කරන ප්‍රධානතම ද්‍රව්‍යයක් තමයි සුදු රුධිරානු ලියුකේමියාව හැදුණාම නොමේරූ සුදු රුධිරානුවලට තවදුරටත් බැහැ රෝගකාර විෂ බීජ සමඟ ගැටෙන්නට. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශවන අතර ඉතා සුළු මර්දනය කරන්නට බැරි තත්ත්වයකට සිරුර පත්වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දිගින් දිගටම ලෙඩ රෝග සහ ආසාදන හටගැනීමයි. උදාහරණයක් ලෙස සෙම් ගෙඩි ඇතිවීම, කටේ ඉදිමුම් සහ තුවාල හටගැනීම, නිරන්තර හාමත තත්ත්වයක් ඇති වීම, නියුමෝනියාව හටගැනීම. මෙසේ රතු රුධිරානු අඩුවුණාම නීරක්තිය හටගන්නවා. ඊළඟට සිරුර පාණ්ඩු පාටවී වී සුදුමැලි වෙනවා.
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks