SexEducation
මේ දේවල් 10 කරගන්න බැරි නම් බදින්න කලින් දොස්තර කෙනෙක් හමුවෙන්න
විවාහය කියන්නේ අලූත් ජිවිතේක ආරම්භයක්. මේ තරම් කල් තනිකඩව ජිවත් වූ ඔබ විවාහ වූ දින සිට ජිවත් වන්නේ තවත් කෙනෙකු සමග එක නිවසක. එහිදී ඔබ සාර්ථකව විවාහයට මුහුණ දීමට නම් ඊට කලින් ඔබ ලබාගත යුතු අත්දැකීම් කිහිපයක් තිඛෙනවා.
මේ දේවල් ඔයාට වෙලා නැත්තම් විවාහය කියන දේ ටිකක් අමාරු බන්ධනයක් වේවි. ඒ නිසා බදින්න කලින් මේ සියලූ අත්දැකීම් එකතු කර ගන්න බලන්න.
විරහ වේදනාව විදලා තියෙන්නේ ඕනේ
සිංහලෙන්ම කියනවා නම් ඉතින් හොද බුට් එකක් කාලා තියෙන්න ඕනේ. මේක නිකන් හණමිටි අදහසක් වගේ කියලා පෙනුනාට හොද පවුල් ජිවිතයක් පවත්වා ගෙන යන්න අවශ්‍යම පාඩමක්. වැරදි හදා ගෙන හොද සම්බන්දයක් පවත්වා ගෙන යන්න කලින් ඉගෙන ගත්තු පාඩම් උදව් වේවි.
එක්කෙනෙකුට වඩා ආදරය කරලා තිබීම
බදින්න කලින් වරකට එක බැගින් ආදරයන් කිහිපයක් සිදු කරලා තියෙන්න ඕනෙයි කියලයි මේ කියන්නේ. හම්බවෙන පලවෙනි කෙනාම ප්‍රථම ආදරේ කියලා බදින්න එපා. ආශ්‍රය කරලා බලලා තමන්ට සුදුසුම කෙනා තොර ගෙන බැන්දොත් විවාහ ජිවිතේ ප්‍රශ්න අඩු වේවි
සම්බන්ධයක් තුල දෙන්නටම එකග වෙන්න බැරි දේවල් ලැයිස්තුවක් හදන්න
මේ ලෝකේ කිසිම ජෝඩුවකගේ අදහස් 100% තියා 75% ක් වත් ගැලපෙන්නේ නෑ. ඒ තරමටම මිනිසුන්ගේ හිත් විවිධාකාරයි. මේ නිසාම යම් යම් දේවල් නිසා දෙන්නා අතර මතභේද ඇති වෙන්න පුළුවන්. මේකට තියෙනවා විසදුමක්. ඒ තමයි තම සහකරුවාගේ හෝ සහකාරියගේ තමුන්ට දිරවන්නේ නැති දේවල් ලැයිස්තුවක් හදන්න. ඒවා අනිකාගේ ජීවිතයට සතුටක් වින්දනයක් ලැඛෙන ගොඩක් නරක නැති දේවල් නම් පමණක් ඒ දේවල් ගැන සම්බන්දය තුල කවදාවත් ගැරහීමට හෝ විරුද්ධ නොවෙන බව දෙන්නට දෙන්නා පොරොන්දු වෙන්න. ආදරය කරනවා කියන්නේ අනිත් කෙනාව තමුන්ට ඕනේ විදියට කොවේ දාලා මකලා හදනවා වගේ හදා ගන්න එක නෙවෙයි. දෙන්නම සම්බන්දය තුල සතුටින් හිටියොත් ගොඩක් කල් එකට ඉන්න ලැබේවි.
විශ්වාසය ගොඩනගා ගැනීම
සැකය තමයි අද කාලේ විවාහ සම්බන්ධ බොහොමයක් බිද වැටෙන්න ලොකුම හේතුව වෙලා තියෙන්නේ. ආදරය කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ සහකරු හෝ සහකාරිය සමග හොද විශ්වාසයකින් කටයුතු කරන්න ඉගෙන ගන්න. කිසිම වෙලාවක අනවශ්‍ය ලෙස සැක කරන්න යන්න එපා. එකෙන් වෙන්නේ විවාහය තුල නැති ප්‍රශ්න ඇති වෙන එක විතරයි. තමන්ගේ සහකරු හෝ සහකාරිය ගැන උපරිම විශ්වාසය තියලා වැඩ කරන්න.
ඔබ තුල ජිවත් වන මිනිසා වන්න
ඔබ තුල උපතේ සිට ජිවත් වූ මිනිසා වන්න නිතරම උත්සාහ කරන්න. විවාහ උනා කියලා සහකරු හෝ සහකාරිය වෙනුවෙන් ඔබගේ ආත්මය වෙනස් කර ගන්න යන්න එපා. ඒ විදියටම ජිවත් වෙන්න. ඔබ විවාහ විය යුත්තේ ඔබේ සතු ශක්තින්, හැකියාවන් සමග මෙන්ම ඔබේ දුර්වලකම් සමගද එකග වෙන කෙනෙකු සමගිනි. ඒ වගේම ඔබද ඔබේ සහකරු හෝ සහකාරිය සම්බන්දයෙන් මේ කොන්දේසිය මේ ආකාරයෙන්ම පිළිපදින්න එකග වෙන්න. ඔහු හෝ ඇය තුල ජිවත් වෙන නියම මිනිසාට ආදරය කරන්න . ඔබට අවශ්‍ය විදියට ඔවුන් වෙනස් කරන්න යන්න එපා.
කුඩා ළමුන් සමග හොද කාලයක් ගත කර තිබීම
විවාහ වීමෙන් අනතුරව නොබෝ කාලයකින්ම ඔබ මව් පදවිය හා පිය පදවිය ලබා ගන්නවා. එවිට ඔබ වගකීම සහගත මිනිසෙකු ලෙස හැසිරීමට ඉගෙන ගත යුතුයි. කුඩා ළමුන් සමග කල් ගත කිරීමට පෙර ඔවුන්ගේ ලෝකය තේරුම් ගැනීම වැදගත්. විවාහ ජීවිතේට එළඹීමට පෙර කුඩා ළමුන් සමග යම් කාලයක් ගත කිරීම ඔබට පහසුවක් වේවි.
සාධාරණව රණ්ඩු කරන්න ඉගෙන ගන්න
බදින්න කලින් මෙය ඔබ ඉගෙන ගත යුතුමයි. ඒ තමයි රණ්ඩු වෙනකොට සාධාරණව රණ්ඩු වෙන්න. රණ්ඩු උනාට කමක් නෑ, විවාහය තුල අනිවාර්යයෙන්ම රණ්ඩු තියෙන්න ඕනේ. නැත්තම් එකෙත් කිසි ගතියක් නෑ. ඒ වගේම හිතට එකඟව වැරදි වලට සමාව අයදින්නත් ඉගෙන ගන්න.
සම්පත් පුද්ගලයෙක් වෙන්න
බදින්න කලින් ඔය ඔය ගෙදර දොරේ පොඩි පොඩි වැඩ ඔක්කොම හොදට ඉගෙන ගන්න ඕනේ. කෙල්ලෙක් නම් හරියට පරිප්පුවක් වත් හදා ගන්න බැරි නම් , කොල්ලෙක් නම් කඬේ ගිහිල්ලා තෝරලා බඩුවක් වත් ගෙන්න බැරි නම් ඔබලා නිකන්ම නිකන් පුද්ගලයන් පමණක් වේවි. ඒ නිසා නිවසක් බිද වැටීමකින් තොරව පවත්වා ගෙන යන්න අවශ්‍ය හැමදේම පොඞ්ඩ පොඞ්ඩ හරි ඉගෙන ගන්න ඕනේ.
බදින්න ඉන්න කෙනාගේ යහළුවන් හා පවුලේ අය සමග හොද ඇසුරක් ගොඩ නගා ගැනීම
යහළුවන් ඇසුරු කිරීම මගින් ඔවුගෙන් ලැඛෙන සමහර තොරතුරු මත ඔබ ගත් තීරණය නිවැරදි එකක්ද නැද්ද යන්න දැන ගැනීමට හැකි වේවි, ඒ වගේම බදින්න ඉන්න කෙනාගේ පවුලේ අය හමුවීමත් ඉතා වැදගත්. එයට හේතුව වන්නේ විවාහයෙන් පසු ඔබට ජිවත් වීමට සිදු වන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය සමගින් පමණක් නොවන බැවිනි. පවුලේ අය කෙබදු මිනිසුන්ද ? ඔවුන් සමග ප්‍රශ්න ඇති වීමකින් තොරව ජිවත් වීමට මට හැකි වේවිද වැනි කරුණු මේ දේවල් මගින් සොයා ගන්න
ඇයි මම මේ කසාදේ කර ගන්න
මේක තමයි අවසාන හා මේ කරුණු අපි කතා කරපු කරුණු 10 න් වැදගත්ම එක, ඇයි මම මේ කසාදෙ කර ගන්නේ. ඔබ ඇත්තටම ඔහුට හෝ ඇයට ඔබේ හිත පත්ලෙන්ම ආදරය කරන නිසාද? නැත්තම් නියමිත වයසට ආවාම ලස්සන ඇදුම් ඇදලා විවාහයක් කර ගන්න තියෙන ආසාව නිසාද කියල. අද සමාජයේ ගොඩක් දෙනෙක් මේ දේ ගැන කල්පනා කරන්නේ නැතුව රැුල්ලට සමාජෙට අවශ්‍ය නිසා කසාද බැදලා විවාහ ජිවිතේ දුක් විදිනවා. ඒ නිසා මේ දේ හොදින් ඔබේ හිතේ තබා ගන්න.