Health
මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව සමඟ එන වෛරස් උණ
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
දීපාල් පෙරේරා
දූ දරුවන්ගේ දාංගලයල මවුපියන්ගේ සිතට එක් කරන්නේ නිම්හිම් නැති සතුටක්ල ඒ නිසාම දරුවෙක් උපන්දා පටන් ආරක්ෂාවල රැකවරණයල සුවසෙත සලසමින් මාපියන් අප්‍රමාණ කැපවීම් කරන්නේ දරු සෙනෙහස නිම්හිම් නැති විදිහට අත්විඳගන්නයිග
මවුපියන් ප්‍රාණය මෙන් ආදරය කරන පොඩිත්තකුට ලෙඩක් දුකක් වැලඳුණොත් මවුපියන්ගේ හිතට නිවනක් නෑග ඒ නිසාම හිත පිරෙන්න ආදරය කළාට මදිග ඔවුන්ට යහපත් සෞඛ්‍ය පුරුදුත් කියා දෙන්නට වගබලා ගැනීම ඔබේ යුතුකමක්ග දූ දරුවන් පාසලේ පන්තියේල ක්‍රීඩා පිටියේග මඟතොටේ ගැවසෙන කාලයයි මේල ඒ නිසා මවුපියන්ට වෙනදාට වඩා දරුවන් කෙරෙහි වැඩි විමසිල්ලකින් කටයුතු කරන්න සිදුවී තිබෙනවාග
මේ දවස්වල පැතිරෙන ඩෙංගු උණල වෛරස් උණල මී උණ ආදී රෝග තත්ත්වයන් නිසාල මවුපියන් සිටින්නේ් තරමක් බියෙන් සැකයෙන්ග
ඩෙංගු පමණක් නොවෙයිග වෛරස් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව හිස ඔසවන්නට පටන් අරන්ල උණ සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍යයෙන් බොහෝ දරුවන්ට වැලදෙන නිසා ඇතැම් මවුපියන් ඒ ගැන තැකීමක් නොකරන්නට පුළුවන්ග
එහෙත් දරුවකුට වැලඳුණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව කල් පවතින්නේ නම් එය වෛරස් උණ වන්නට පුළුවනිග සාමාන්‍යයෙන් ඩෙංගු රෝග තත්ත්වය ගැන සැක ඇති කරගන්නේ උණ දින තුන හතරක් පැවතුණොත් පමණයිග වෛරස් උණ රෝගයත් එලෙසයිග
එසේම ඕනෑම රෝගයක් ඇතිවන්නට පෙර එය වළක්වා ගැනීමල වැඩිහිටියන් වශයෙන් ඔබ ගත යුතු හොඳම පියවරයිග අද දරුවන්ට ඇතිවන බොහෝ රෝගී තත්ත්වයන්ට වගකිව යුත්තේ මවුපියන්යග ඔවුන් එක් එක් ආකාරයෙන් තම දුවා දරුවන්ට ආදරය කළත් බොහෝ වෙලාවට හොඳ සෞඛ්‍ය පුරුදු කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ නෑග සෙම්ප්‍රතිශ්‍යාව සමඟ ඇතිවන වෛරස් උණ රෝගයට බොහෝ විට හේතුවෙන්නේ පරිසරයේ බලපෑමල දූවිල්ලල වාතයල ජලය මෙන්මල වෛරසය ආසාදිත වූ කෙනෙකු නිසා මෙම වෛරස් රෝගය බෝවීමට ඉඩ තිබීමයිග බොහෝ මවුපියන් අප දැක තිබෙන්නේ විෂබීජවලින් දරුවන් ආරක්ෂා කරන්න ගන්නා පියවර ප්‍රමාණවත් නැති බවයිග උදාහරණයක් ලෙස නිවසක වැසිකිළිය ප්‍රධාන වශයෙන් රෝග ඇතිකරන ස්ථානයක් බව පෙනෙන්නට තිබේග
අද සමාජයේ දරුවකුට ඉහළම වටිනාකමක් ලැබෙන්නේ ඔහුගේ නිරෝගී පැවැත්ම අනුවයිග එමෙන්ම දරුවක් ජීවිතයේ ඉලක්කයන් කරා ගෙනයන්නට නම් ඔහු සෞඛ්‍ය සම්පන්න දරුවක් විය යුතුයග එසේ නොමැති දරුවකුට අනාගතය වෙනුවෙන් ඇප කැප වෙන්නට සුදුසු යහපත් මානසිකත්වයක් ඇතිකරගන්නට අවස්ථාවක් නැහැග මේ නිසා අද වන විට මවුපියන් ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවාග එකක් සමාජයෙන් ඔවුන් රැකගැනීමයිග දෙවැන්න රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා කිරීමයිග සමාජය විෂමවන්නාසේම පරිසරය ද අපවිත්‍ර වන හෙයින් දිනෙන් දිනම කාලයෙන් කාලයට විවිධ රෝගයන් ද හිස ඔසවන ස්වභාවයක් දක්නට ඇතග එවැනි තත්ත්වයන්ගෙන් ඔබේ ආදරණීය දරුවන් ඈත්කර තබන්නට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වේග දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගය හඳුනාගැනීම එය හටගන්නා ආකාරයග මෙන්ම රෝගය වැලඳුණු දරුවකු රැකබලා ගැනීම පිළිබඳවත් නිවැරැදිව අපි දැනුවත් වෙමුග
රෝගයේ ස්වභාවය
මෙම වෛරස් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සුළු විෂ බීජයකින් පවා බෝ විය හැකියිග එය වැලඳුණු රෝගියකු පරිහරණය කරන පිඟන්ල කෝප්ප වැනි දෑ මඟින් ද පහසුවෙන් රෝගය බෝවීමට පුළුවන්ග වෛරස් උණ තත්ත්වයේ දී දරුවකුට තද උණ හට ගැනීමටදල නිතර නිතර නාසයෙන් සොටු දියර ගිලින්නට ද ඇඟ සුදුමැලි වීමදල වමනය යාමල බඩඑළියයෑම වැනි රෝග ලක්ෂණ ද දක්නට ලැබේග විශේෂයෙන් දරුවන්ට කෑම අරුචිය හා හුස්ම ගැනීමේ අපහසුතා ද ඇතිවේග මෙම තත්ත්වය දින තුනකට වඩා පැවතියහොත් රෝග තත්ත්වය භයානක වීමට ඉඩ ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුයිග
එමෙන්ම දරුවාට අවශ්‍ය විවේකය ලබා දී එම දරුවා අන් දරුවන්ගෙන් වෙන්කර තැබීමටත් පියවර ගත යුතුයග
වෛරස් රෝගයෙන් ඔබේ දරුවා පරෙස්සම් කිරීමේ එකම මඟ වන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කිරීමයිග ඒ අතරින් දරුවෙක් පාසල් ගොස් පැමිණි පසු මුහුණකට සෝදා පවිත්‍රවීමේ පුරුද්ද ඇති කිරීම ඉතා වැදගත්යග එමෙන්ම ක්‍රීඩා කටයුතු වල නියැලෙන්නේ නම් මෙවැනි පුරුදු රෝගවලින් මෑත් වී සිටීමට බෙහෙවින් ඉවහල් වෙයිග
සෑම නිවෙසකම දරුවකුට වෙන් වූ පිඟානක් හා කොප්පයක් තුවායක් පරිහරණය කිරීමේ පුරුද්ද ඇතිකිරීම වැදගත්යග
වෙළෙඳ සැල්වලින් ආහාරපාන ලබාදීමේ දී ඒවායෙහි පිරිසුදු භාවය ගැන සිතීම ද මවුපියන්ගේ වගකීමකිග ගමනක්ග බිමනක් යන විට ආහාර පාන හැකි තරම් නිවෙසින්ම පිළියෙළ කරගෙන යෑම ඉතා යහපත් සෞඛ්‍ය පුරුද්දකිග විශේෂයෙන්ම තැන් තැන්වල ඇති කඩපිල්වලින් දරුවන්ට පානය සඳහා ජලය ලබාදීමෙන් වැළකිය යුතුයිග
වෛරස් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු බව දැනගත්විට ඔබ කළ යුතු වන්නේ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීමයග උණ රෝගය දින තුනකට වඩා පැවතුණහොත් ඩෙංගු රෝගය පිළිබඳ සැකය ද ඇතිවන බැවින් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යයිග
වෛරස් රෝගය ඇති වූ දරුවකු වතුරෙන් ප්‍රවේශම් කර තැබීම ඉතා වැදගත් පියවරක්ග මෙම වෛරස් උණ රෝගය සමඟ තද සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන හෙයින් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඔබ නොදැනීම නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් දරුවා පරෙස්සම් කිරීමට වගබලා ගත යුතුව තිබේග
curtesy :dinamina.lk