Health
මේ ඖෂධීය පැලෑටි ගෙවත්තේ වවාගත්තොත් හොඳ නැද්දරෑ
මිනිසාගේ බොහෝ අවශ්‍යතා සපුරාලීමටත් පරිසරයේ සමතුලිතභාවය ආරක්ෂා කර ගැනීමටත් ශාක මහඟු සේවයක් ඉටු කරයිග මෙම මහඟු මෙහෙය අනාදිමත් කලක පටන්ම සිදුකරනුයේ අපූරු සම්බන්ධයක් ගොඩනඟාගෙනයග මෙම අපූරු ප්‍රවේණිගත සම්බන්ධය මනුෂ්‍යයාගේ දියුණුවටද හේතුවියග පැලෑටිය ශාක ලෝකයේ එක් පුරුකක් පමණිග රෝග දුරුකිරීමේ හැකියාව ඇතග සියලු මනුෂ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරන්නට සමත් පැලෑටි සිය දහස් ගණන් මේ මිහිමත විරාජමානව වැජඹේග ඖෂධීය පැලෑටි අතරින් අපගේ අවශ්‍යතා සපුරන ශාක වර්ග කිහිපයක් අද විමසුමට ලක්කරමුග
ඉගුරු
අමු ඉඟුරුවල අල ඖෂධයක් ලෙස භාවිතා කරයිග අමු ඉඟුරු සහ වියලි ඉඟුරු අතර ගුණ වෙනස් වෙයිග අමු ඉඟුරු පිත සමනය කරයිග බඩගිනි ඇති කරයිග ආහාර දිරවීම පහසු කරයිග හෘදයට හිතකර වෙයිග මලබද්ධය හා වමනය නැතිකර දමයිග ආහාර දිරවීම පහසු කරයිග ශීත ගුණයෙන් යුක්තයිග
උදරාබාධවලදී අමු ඉඟුරු යුෂ මී පැණි සමඟ පානය කරීමෙන් සුවය ලැබෙයිග වේදනා නාශකයක් වන අමු ඉඟුරු අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගත හැකියග ප්‍රතිශක්තිය වර්ධනය කරයිග
රුධිරය පිරිසුදු කිරීමට උදව් වේග අමු ඉඟුරු යුෂ හා දෙහි යුෂ මීපැණි සමඟින් මිශ්‍ර කර පානය කිරීමෙන් අජීරණය දුරු වේග අමු ඉඟුරු සහ සුදු ලූණු ගෙන කෂාය කර බීමෙන් සිරුරේ වේදනාව අඩුවෙයිග අමු ඉඟුරු යුෂ ජනප්‍රිය පානයකිග එය රසවත්යග
අමු ඉඟුරු දෙහි දමා ජින්ජර් බියර් ලෙසද වෙළෙඳපලේ දැකිය හැකිග සුළු අත්බෙහෙතක් සඳහා අවශ්‍ය ඖෂධයක් වුවද මෙම පැලෑටිය දැකිය හැක්කේ කලාතුරකිනිග
නමුදු පැරැණ්නෝ තම ගෙවත්තේ ඉගුරු පැලෑටියක් සිටුවා ගැනීමට අමතක නොකළහග රස කැවිලි අතර ඉගුරු දෝසි ඉතාම අගනා ප්‍රනීත රස කැවිල්ලක් ලෙස ශ්‍රී ලංකාවේ ප්රකටයග
අමු ඉගුරුල නික කොළ සහ පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා තැවීමෙන් මංශ පේෂි වේදනා අඩුවේග
සෙම්ප්‍රතිශා උණට කොත්තමල්ලිවලට ඉඟුරු පෙති කිහිපයක් දමා තම්බා බීම සුදුසුයග
නෙල්ලි
මධුරල අම්ලල කටුකල තිත්ත සහ කහට යන පංච රසයෙන් යුක්ත නෙල්ලි කොළ සහ ගෙඩි හොඳ ඖෂධ ලෙස භාවිතා කරයිග එසේම නෙල්ලි ශාකයේ අමු හා වියලි ඵලල කොළල පොතු මෙන්ම මල්ද ඖෂධීය ගුණයෙන් අනූනයග මුඛයේ හටගන්නා තුවාල මෙන්ම කල්ගිය සුව නොවන්නා වූ අනෙකුත් තුවාල සේදීමට නෙල්ලි කොළ භාවිතා කරයිග
සිරුරේ සියලු රෝග දුරු කිරීමට දිනපතා නෙල්ලි ගෙඩියක් අනුභවය සඳහා සුදුසු යැයි ව්‍යවහාරයේ වේග මෙහි පලතුරක් ලෙස සියලුම පෝෂක කොටස් අන්තරගතයිග බහුලව ඇත්තේ විටමින් සී හා කැල්සියම්යග
දියවැඩියාව සඳහා සුදුසුම ඒකීය ඖෂධයක් ලෙස නෙල්ලි භාවිතා කළ හැකියිග ඊට අමතරව ත්‍රිදෝෂ සමනය කරයිග නෙල්ලි දලු තම්බා සේදීම තුළින් අක්ෂි රෝග සුව වේග
නෙල්ලි ගෙඩි දෙකක් තලා වතුර වීදුරුවකට දමා උදේ පාන්දර හිස්බඩ බීමෙන් රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩුකරගත හැකියිග එමෙන්ම අම්ල පිත්ත රෝගයේදී නෙල්ලි ගෙඩියක් තලා වතුර වීදුරුවකට දමා බීමෙන් හෝ පැසුණු නෙල්ල ආහාරයට ගැනීමෙන් රෝග සුව කර ගැනීමට හැකි බව කියැවේග
අමු නෙල්ලි පලතුරක් ලෙස භාවිතා වන අතර වියලි නෙල්ලි ඖෂධ සඳහා භාවිතා වේග වයසට යාමත් සමඟ ඇතිවන කැල්සියම් හිඟවීමේ රෝගයට වියලි නෙල්ල චූර්ණය භාවිතා කළ හැකියිග මන්දයත් අස්ථි දුර්වලවීම සුවවන බැවිනිග
නෙල්ලි රසකිඳ එකට අඹරා සාදාගන්නා කල්කය අර්ශස් රෝග සුවයට හිතකරයිග මුත්රදාහය සංසිඳුවීමට ගුණදායක පානයකිග කෙස් වැඩීමටද නෙල්ලි උපයෝගී වේග හිස්හොරි මර්ධනයට නෙල්ලිල දෙහිල හා උළුහාල් තම්බා වතුරින් හිස සේදීම හොඳ ප්රතිකාරයකිග
කහ
සෙවණ ප්‍රිය කරන ශාකයක් වන කහල මල්ල කොළල අල ඖෂධ වශයෙන් ගත හැකියිග ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ඉතාම හොඳ ඖෂධයකිග ප්‍රති ඔක්ෂිකාරක ගුණයෙන් යුක්තයිග ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයිග විෂබීජ නාශක ගුණයෙක් යුක්තයිග ආහාරවල පවතින විස නසයිග
චර්ම රෝග වලට සුදුසුයිග
චර්ම රෝග සඳහා භාවිතා වෙයිග සම පැහැපත් වෙයිග සමේ වර්ණය ඇති කරයිග සමෙහි විස ඇත්නම් දුරු කරයිග කැඩුම් බිඳුම් සඳහා භාවිතා කරයිග කුඩා ළමුන්ගේ සමෙහි රෝග දුරු කිරීමට සම වර්ණවත් කිරීමට කහ සහ වෙනිවැල්ගැට දමා තැම්බූ වතුරෙන් ස්නානය සුදුසුයිග
විෂබීජ නසයිග
කහ කුඩු දුම ඇල්ලීමෙන් විෂබීජ නසයිග කහ දියර ඉසීමෙන්ද එම ගුණය ලබාගත හැකියිග කහ කුඩු ආහාරයට ගැනීමෙන් රුධිරගත රෝග දුරුවෙයිග කහකුඩු භාවිතා කිරීමෙන් දියමැටියා රෝගය අඩුවෙයිග වාතරක්තල කුෂ්ඨ රෝගවලදී කහ භාවිතා වෙයිග කහ කුඩු මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් පීනස රෝගය සුවවෙයිග
අමු කහල කොහොඹ කොළ තම්බා ඇඟ සේදීමෙන් චර්ම රෝග සුවවෙයි
curtesy :
dinamina.lk