සම එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ගේ ගැටලුවක් බවට පත්ව තිබෙන තත්ත්වයත්. බොහෝ විට තරබාරුවත් සමඟ සිරුරේ මස්පිඬු එල්ලා වැටීමක් සිදුවිය හැකියි. තරබාරු අය අතර මෙය බහුලයි. තරබාරුව කියන්නේ අප තරාදියකින් බර මනිද්දී වන බර වැඩිවීම පමණක් නෙමෙයි. සමහර අවස්ථාවල බර සාමාන්‍ය අගයක තිබියදී පවා කෙනකුගේ මුහුණේ යට කොටස මහත් වීම එනම් ඩබල්චින් කියන තත්ත්වයක් අත්වල බාහු ප්‍රදේශය මහත් වීම උදරය, කලවා එල්ලා වැටීම විශේෂයෙන් තට්ටම් ප්‍රදේශය එල්ලා වැටීම පියයුරු එල්ලා වැටීමේ ස්වභාවයක් ඇතිවිය හැකියි.
එවන් අය මහත කෙනෙක් හැටියට දකින්න පුළුවන්. මේ සියල්ලටම හේතු වන්නේ අපේ සමට යටින් තිබෙන තෙල් ස්ථරයයි.
එය ...... අවශ්‍යයි. උෂ්ණත්වය පාලනය කිරීම මෙන්ම මාංසපේශීන්ට දැඩි බවක් ලබා දීමටත් මෙම සමට යටින් තිබෙන තෙල් ස්ථරය වැදගත් වනවා. කෙනකුගේ ආහාර රටාවේ වැරැදි, විහරණ රටාවේ වැරැදි, චර්යා රටාවේ වැරැදි නිසා මෙම තෙල් ස්ථරය ටිකින් ටික විශාල වීමට පත්වනවා. ඝනකම වැඩිවනවා.
එමෙන්ම තෙල් ස්ථරය තිරවීමකට නැත්නම් දිය නොවීමේ තත්ත්වයකට පත්ව ස්ථිර මේද තට්ටුවක් බවට පත්වනවා. ශරිරයේ අප සඳහන් කළ ස්ථානවල මහත්වීම සහ එල්ලා වැටීමේ ස්වභාවය ඇති වන්නේ එම නිසයි.
* මෙයට බලපාන හේතුන් මොනවාද?
විශේෂයෙන් අප කලින් කීවාක් මෙන් පිටි තෙල් සීනි අධික ආහාර, කෘතිම ආහාර නිතර නිතර ගැනීම සහ ගන්නා ආහාර නිසි ආකාරයට දහනය නොවීම, ව්‍යායාම අඩුබව හේතුවක්. ව්‍යායාම අඩුවීම කියන්නේ අප ගන්නා දේවල් දහනය වීමකට ලක් නොවීමයි. මෙහිදී සිදු වන්නේ ශරීරයේ ඒ ඒ ස්ථානවල තැන්පත් වීමයි.
අද වැඩි දෙනෙක් හුරුවී තිබෙන්නේ කාලා බීලා එකතැන වාඩි වී සිටීමටයි. එම තත්ත්වයත් සමඟ අප ගන්නා ආහාරවල ඇතිවන තෙල් ස්ථරයක් බවට පත් වෙලා උදරය කලවා තට්ටම් ගෙල ආශි‍්‍රතව තැන්පත් වීමකට ලක් වනවා.
* මෙයට සිදු කෙරෙන ප්‍රතිකර්ම පිළිබඳව විමසා බැලුවොත්?
බර අඩු කිරීමේ ප්‍රතිකර්ම දැන් බොහෝමයක් තිබෙනවා. සාමාන්‍යයෙන් බර අඩු කිරීමට පොදු ප්‍රතිකාර ක්‍රමයක් අපට යොදා ගන්න පුළුවන්. උදා – අභ්‍යන්තර බෙහෙත්වලින්. සම්බාහන ක්‍රමවලින් හෝ ව්‍යායාම මඟින්. විශේෂ ආහාර වට්ටෝරු මඟින් බර කියන දේ පාලනය කරන්නට පුළුවන්. නමුත් මේ ක්‍රමයට බර පාලනය කිරීමෙන් සමස්ථයක් වශයෙන් මුළු සිරුරෙම බර අඩුවීමක් වනවා. හැරෙන්නට අවයවයෙන් අවයවයට මේද තට්ටු හීනවීමක් දක්නට ලැබෙන්නේ ඉතාමත් සුළු වශයෙන්.
ඒ ඒ ස්ථානවල මේද තට්ටු දියකර හැරීමට අප කළ යුතු වන්නේ ස්ථානික ප්‍රතිකාරයි. ශරීරයට ප්‍රතිකාර කරන ගමන් ස්ථානිකව සිදු කරන බාහිර ප්‍රතිකර්ම ඉතාමත් වැදගත් වනවා. උදා – විශේෂ තෛල - මේදය දියකර හැරිය හැකි තෛල මඟින් සිදු කරන විශේෂ සම්බාහන ක්‍රම තිබෙනවා. තෙල් අභ්‍යාංග කිරීමේ ක්‍රම මේදය. ඒ ක්‍රමවේද මඟින් ඒ ඒ ස්ථානවල තෙල් තට්ටු දියකර හැරීම, එමෙන්ම උද්වර්තනය කියන ප්රතිකර්මය. එය චූර්ණ මඟින් සිදු කරන සම්බාහන ක්‍රමයක්. වාෂ්ප ඇල්ලීම, පොට්ටනි තැවීම, වාෂ්ප ස්වේද කැටිවල සිටීම (ස්ටීම්බාත්)
මෙහිදී සම්බාහනයෙන් කඩන මේද ස්ථරය දහදිය වශයෙන් පිටතට ගැනීමක් සිදු කරනවා. එය අක්‍රිය ව්‍යායාම ගණයට ගන්න පුළුවන්.
ශරීරයේ ඒ ඒ ස්ථාන අලළා විශේෂයෙන් සකසන ලද මේදය දහනය කිරීමේ ගුණය සහිත දැඩි පත්තු යොදා ශරීරය තදින් වෙලීම නැත්නම් බොඩි රැප් කියන ක්‍රමයත් මේ සඳහා ප්‍රචලිත ක්‍රම වේදයක් වනවා. ස්ථානිකව සිදු කරන කටුචිකිත්සාව මඟිනුත් ඒ ඒ තැන්වල මේදය දහනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම සාමාන්‍ය ව්‍යායාමවලට වඩා යෝග ව්‍යායාම ප්‍රගුණ කිරීමෙනුත් මේදය දහනය කිරීමත් කළ හැකිය.
ඩබල්චින් නැත්නම් ගෙල මහත්වීම නිකට යට ප්‍රදේශයේ එල්ලා වැටීම වැනි තත්ත්වයන්ට ෆේස් ලිෆ්ට් ප්රතිකර්මය සිදු කරනවා. මෙය සම ඉහළට ඔසවාලීමේ ප්‍රතිකර්මයක්.
මේ සඳහා විශේෂ ෆේෂල් ක්‍රම සම්බාහන ක්‍රම තිබෙනවා. එමඟින් කලවා, තට්ටම් ප්‍රදේශ වඩාත් විශාල කෙනකුට නම් කලවා ස්නානය (හිප්බාත්) වශයෙන් සඳහන් විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක් තිබෙනවා.
ස්ථානිකව සිදු කරන එම ක්‍රම මඟින් ඒ ඒ ස්ථානවල තැන්පත් වි තිබෙන මේද කොටස් දහනය කරලීමේ හැකියාව තිබෙනවා. මෙවන් වූ ප්රතිකර්මයන්ට යොමු වීමෙන් ඉහත සඳහන් ගැටලුකාරී තත්ත්වයන්ට ප්‍රතිකර්ම ලබාගත හැකියි.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය සුලෝචනා මිහිරාණි සේනාරත්න