Life
මෙම දිනවල පැතිර යන ඉන්ෆලුවන්සා උණ
"ආහාර ගැනීමට පෙර/පසු වැසිකිළි යැමෙන් පසු, ගමනක් ගොස් පැමිණ කුඩා
දරුවෙකු වඩා ගැනීමට පෙර විෂ බීජ නැසීම සඳහා සබන් යොදා දෙවරක් තම දැත්
හොඳින් සෝදා ගන්න."
පසුගිය මාස දෙක තුන තුළ දිවයිනේ ප්‍රදේශවලින්
ඉන්ෆලුවන්සා වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු වැඩි වීමක්
පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් වසරේ නොවැම්බර් හා පෙබරවාරි මාස තුළ
ඉන්ෆලුවන්සා වෛරස ආසාදනයන් වැඩිපුර වාර්තා වන අතර, මෙම වසරේ එම වැඩි වීම
අනෙක් වර්ෂයන්ට වඩා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. වසරේ මුල් මාස
දෙක හා සසඳන විට මාර්තු මස තුළ වාර්තා වූ රෝගීන්ගේ යම් ක්රමානුකූල අඩු
වීමක් උතුරු නැගෙනහිරද ඇතුළුව දිවයින පුරා සෑම ප්රදේශයකින්ම වාර්තා වේ.
ශ්‍රී
ලංකාවට අමතරව ඉන්දියාව, මාලදිවයින වැනි දකුණු ආසියාකරයේ සෑම රටකම මෙම කාලය
තුළ ඉන්ෆලුවන්සා ආසාදනය සහිත රෝගීන්ගේ සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම්
කරයි.
වාර්තා වී ඇති රෝගීන් වැඩි දෙනකු ඉන්ෆලුවන්සා කාණ්ඩයට අයත්
H1N1 සාමාන්‍ය සෘතුමය (Seasonal) ඉන්ෆලුවන්සා වෛරස ආසාදිතයින් බව දැනට සිදු
කරන ලද රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
මෙම වෛරසය පසුගිය
වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සංසරණය වූ කලින් කලට අප හට සාමාන්‍ය
සෙම්ප්‍රතිශ්‍යා උණ බෝ කරන රෝගී කාරක වෛරසයක් වන අතර, නව වෛරසයක් නොවේ.
මෙම
සෘතුමය ඉන්ෆලුවන්සා වෛරසය මඟින් ඇති කරන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග
ලක්ෂණයන් වනුයේ උණ (සෙන්ටිගේ්රඩ් අංශක 38 ට වැඩි) , කැස්ස,
සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග ලක්ෂණයන් වන අතර, බොහෝ විට ප්‍රතිකාර
රහිතවම සුව අතට පත්වේ. නමුත් සමහර පුද්ගල කාණ්ඩ විශේෂයෙන් වයස අවුරුදු 65 ට
වැඩි පුද්ගලයින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්, ගර්භණී මවුවරුන්,
ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින් හා නිදන් ගත හෘද, අක්මා, වකුගඩු,
දියවැඩියා වැනි රෝගවලින් පෙළෙන්නන් හට ඉන්ෆaලුවන්සා වෛරස ආසාදනය තීව්ර
වීමට හෝ සංකූලතා ඇති වීමට වැඩි අවදානමක් ඇත.
ඉහත අවදානම් කාණ්ඩවලට
අයත් ඉන්ෆලුවන්සා රෝගය වැළඳුනු පුද්ගලයින් වැඩි අවධානයෙන් පසු විය යුතු
අතර, රෝග ලක්ෂණවල යම් තීව්ර වීමක් හෝ ශ්වසන අපහසුතාවයන් ඇති වුවහොත්
හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
නේවාසිකව
ප්‍රතිකාර ලැබිය යුතු සංකූලතා සහිත රෝගීන් සඳහා නියමිත ප්‍රති වෛරස ඖෂධ
ඇතුළු අනෙකුත් උපකරණ හා අවශ්‍ය උපදෙස් සියලුම රෝහල් වෙත දැනටමත් ලබා දීමට
සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
රෝගය බෝවීම හා පැතිරීම පාලනය
සඳහා මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර, ඒ සඳහා කහින විට හා කිවිසින
විට ලේන්සුවක් භාවිත කිරීම, දෙඅත් නිතර සෝදා පිරිසිදුව තබා ගැනීම,
සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගයෙන් පෙළෙන විට මුහුණ හෝ නාසය ඇල්ලීමෙන් වැළකීම හා
ජනාකීර්ණ ස්ථානයන්හි ගැවසීම අවම කිරීම සුදුසුය.
මෙම රෝගී තත්ත්වය
සාමාන්‍ය රෝගී තත්ත්වයක් විනා අලුත් වෛරසයක් මඟින් ඇති වූ හඳුනා නොගත්
රෝගී තත්ත්වයක් නොවන බැවින් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව
සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ සඳහා අවශ්‍ය ජනතාව දැනුවත්
කිරීම ජනමාධ්‍ය, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, අත්පත්‍රිකා, පෝස්ටර් හා
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හරහා දැනටමත් සිදු කර ඇත.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks