Beauty
මුළු ශරීරයේම රූප ස්වභාව වැඩි කරන ඔබ දැනගත යුතුම සත්කාර කිහිපයක්
ලස්සන ගැන කතා කරනකොට ගොඩදෙනෙක් සිතන්නේ තමන්ගේ මුහුණේ තිබෙන සුන්දරත්වය පිළිබඳව විතරයි. නමුත් මූහුණේ සුන්දරත්වය රැකගන්නවාත් සමඟම තමන්ගේ මුළු ශරීරයේම සුන්දරත්වය වැඩි කරගැනීමට උත්සහ කල යුතුයි. මුහුණේ පැහැය, ලප කැළැල්, දෙතොල් වල සුන්දරත්වය ගැන වගේම කෙස් කළඹ, නිය පෙළ, අත්, කකුල් වල සුන්දරත්වය ගැනත් ඔබ සිතිය යුතුයි.
මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබට ඔබගේ මුහුණ වගේම මුළු ශරීරයේම සුන්දරත්වය වැඩි කරගැනීමට ඔබට කලහැකි දේවල් පිළිබඳවයි.
01. ඇහි බැම
කළු පැහැති ඝන ඇහි බැම මුහුණට තවත් සුන්දරත්වයක් එක් කරනවා. රාත්‍රී නින්දට පෙර ඇහි බැම සහ ඇහි පිහාටු වල පොල් තෙල් හෝ එඬරු තෙල් ආලේපයෙන් ඝන ඇහි බැමක් ලබා ගන්න පුළුවන්.
02. දෑත්
දෑත් වල වියළි බව සුන්දරත්වයට ලොකු හානියක්. ඒ වගේම දෑත් වලට ස්වභාවික scrub එකක් කිරීමෙන් රළු බව අවම කර ගන්න පුළුවන්. ඔලිව් තෙල් සහ සීනි අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් අරගෙන හොඳින් මිශ්‍ර කරලා වියුණු දෑත් වල ආලේප කර විනාඩි 15කින් පමණ මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න.
03. නියපෙළ
නියපොතු වල ගොරෝසු ගතිය පමණක් නොව, වියළි බවින් වලක්වා ගන්න, නියපොතු වල සිනිඳු බව රැක ගන්න නින්දට පෙර පොල් තෙල් හෝ ඔලිව් තෙල් නියපොතු වල අලේප කරන්න.
04. දෙතොල් සම්බාහනය
ස්භාවිකව තොල් වල තෙතමනය රැක ගැනීම අඩපණ වුණාම තොල් වියලෙන්න, පැලෙන්න ගන්නවා. මේ තත්ත්වය අවම කරන්න අමන්ඩ් තෙල් හෝ මී පැණි තොල් වල අලේප කර විනාඩි 5ත් 10ත් අතර කාලයක් සම්භාහනය කරන්න. එහෙමත් නැත්තන් ඔයාට තොල් වලට නිවසේදීම lip balm එකක් සකස් කර ගන්නත් පුළුවන්. හරිම පහසුයි. බටර් වලට රෝස වතුර ස්වල්පයක් එක කරලා හොඳින් මිශ්‍ර කර තොල් වල අලේප කරන්න විතරයි තියෙන්නේ.
05. කකුල්
අපේ කකුල් දෙක තමයි නිතරම සහ වැඩිපුරම කුණු දූවිලි එක්ක ගැටෙන්නේ. ඒ වගේම නිතරම හිරු එලියට නිරාවරණය වීමෙන් පිළිස්සීමට, වියලීමට ලක් වෙනවා. කකුල් පැලීම කියන්නෙත් ගොඩක් අයට කරදරයක් වුනු තත්ත්වයක්. ඒ නිසා කකුල් දෙකට අමතර සත්කාරයක් සහ විශේෂ අවදානයක් ලබා දිය යුතුයි. රාත්‍රී නින්දට පෙර හොඳින් පිරිසිදු කර ගත් කකුල් සහ යටි පතුල් වල රත් කර ගත් ඔලිව් තෙල් ආලේප කරන්න. ඊට පස්සේ කකුල් වලට මේස් දෙකක් දමා ගෙන නින්දට යන්න. කකුල් වල සුමුදු බව රැක ගන්න මේක හොඳ ප්‍රතිකාරයක්.
(under the courtesy of hirutv.lk blog web)