Beauty
මුහුණේ ලප කැළැල් නසන විශ්මිත දේශීය රහස් ඛෙහෙත
ඇත්තටම ඔය කුරුලෑ වගේ ආසාධන තත්වයන් නිසා මුහුණු වල ඇති වෙලා තියෙන හරිම අවලස්සන ලප කැළැල් ඉවත් කරන්න පුළුවන් විශ්මිත ගුණයක් එඩරු තෙල් වලට තියෙනවා. එඩරු තෙල් වල තියෙනවා Fatty acids කියලා පෝෂණ සන්ගටකයක්. එමගින් මුහුණේ සමේ තට්ටු epidermal skin layers තුලට හොදින් කිදා බැස ලප කැළැල් මකලා දාන්න පටන් ගන්නවා. ඒ අතරම එම මුහුණේ විනාශ වූ ප්‍රදේශ වල අලුත් ෙසෙල ඇති කරනවා. ඒ මගින් මුහුණ ලස්සන වෙනවා. එක දිගටම කරොත් අනිවාර්යයෙන් මුහුණ පෙර පැවති තත්වයට ඉතාම ආසන්න කර ගන්න පුළුවන්
කුරුලෑ නැසීමට Acne
එඩරු තෙල් වල තියෙනවා Ricinoleic acid කියලා සන්ගටකයක්. මෙමගින් අපේ මුහුණේ කුරුලෑ ඇති කරන බැක්ටීරියා cystic acne causing bacteria සමග සටන් කරනවා. එඩරු තෙල් මුහුණේ ගාන්න කලින් මුහුණ හොදින් උනු වතුරින් හොදන්න. එතකොට මුහුනේ සමේ තියෙන කුඩා විවර හොදින් ඇරෙනවා. ඊට පස්සේ එඩරු තෙල් බින්දු 2ක් 3ක් අරන් හොදින් මුහුණේ රවුමට ඇගිිලි වලින් පිරිමදිමින් ආලේප කරන්න. මේක නිදා ගන්න ඇදට යන කොට කරලා උදේට ඉවත් කර ගන්න. ඔබට අනිවාර්යයෙන් විශ්මිත වෙනසක් මේ වැඩේ එක දිගට කරොත් දැක පුළුවන් වේවි
මුහුණේ රැලි වැටීම් ඉවත් කර ගැනීමට Wrinkles and Facial lines
මන් කලින් කිව්වා නේද එඩරු තෙල් වල තියෙන Fatty Acids ගැන. මේ මගින් කරන තවත් දෙයක් තමයි මුහුණේ සම තුලට හොදින් කා වැදී සමේ collagen and elastin කියන ඉතා වැදගත් ප්‍රෝටීන් වර්ග දෙක නිෂ්පාදනය කිරීමට උත්තේජන සපයනවා. මේ නිසා මුහුණේ වයස නිසා ඇති වන රැලි වැටීම් වගේ දේවල් ඇති වෙන එක පරක්කු කරනවා. තවද මුහුණේ Oil grand infections පාලනය කරන්න එඩරු තෙල් වලට පුළුවන්. වරකට එඩරු තෙල් බින්දුව ගානේ අරන් අරන් දවසට දෙතුන් පාරක් හෙමින් සැරේ මුහුණේ ආලේප කර කරන්න.
අව්වට පිළිස්සීම් හා Rash වලට ප්‍රතිකාරයක් -Sun Burn and Itches
එඩරු තෙල් වල තියෙන සම සිසිල් කරන හා බැක්ටීරියා නසන ගුණය නිසා ඔබේ මුහුණේ සමේ මේ වෙන කොට අව්ව් නිසා යම් පිලිස්සිම් ඇති වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් ඒක පහසුවෙන්ම ඉවත් කර ගන්න එඩරු තෙල් භාවිතා කරලා. ඒ වගේම එඩරු තෙල් මගින් සමේ ඇති වෙලා තියෙන Itches / Rashes වගේ ආසධන තත්ත්වයන් වලත් හොදින් ප්‍රතිකාර සපයනවා
Moisturizer එකක් විදියට
ඒ කියන්නේ මුහුණේ තෙතමනය ආරක්ෂා කර ගන්න පුළුවන්දෙයක් විදියට එඩරු තෙල් භාවිතා කරන්න පුළුවන් කියලා. මෙතැනදී වැදගත්ම දේ වෙන්නේ අපි මේක කර ගන්නේ ස්වාභාවික දෙයකින් කියන එකයි කඩේ තියෙන කෘතීම නිෂ්පාදන සමට අහිතකරයි. Fatty acids මගින් සමේ තියෙන වියලි සලකුණු ඉවත් කරනවා වගේම Dark Eye Circles වලත් හොදින් ප්‍රතිකාර කරනවා.මේ නිසා තමයි ගොඩක් රුපලාවන්‍ය නිෂ්පාදන වලට ප්‍රධාන අමුද්‍රව්‍යක් විදියට එඩරු තෙල් යොදා ගන්නේ. හැබැයි මතක තියා ගන්න මේ වැඩේ කරන්න ගන්න ඕනේ එඩරු තෙල් බින්දු දෙකක් හෝ තුනක් පමණයි.
වැදගත්- මේ සත්කාර සදහා ඔබ භාවිතා කල යුත්තේ එඩරු තෙල් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් පමණයි(බින්දු 2-3). නිතරම විශ්වාස තැනකින් එඩරු තෙල් මිලදී ගන්න.
curtesy :
http://www.wishmalokaya.com
(under the courtesy of goodhousekeeping.lk web)