Beauty
මුහුණට දෙන සාත්තුව දෙපාවලටත් දෙන්න
නිරෝගීමත් පා යුගළක් සඳහා සම්බාහනය සුදුසුය. එසේ වුවත් පාද වතුරේ දමා ගෙන සිටීමෙන් හෝ ජලයෙන් සේදීමෙන් මුළු ගතම ප්රබෝධමත් වෙයි. සමකාසන්නයේ පිහිටි උෂ්ණාධික රටක් වන ලංකාවේ අපට අත්, පාද හා මුහුණ අවදි වූ විගස කෑමට පෙර නින්දට පෙර සේදීමෙන් ගතට අපූරු ප්රබෝධයක් ඇති වෙයි.
පාදවල දුගඳ නැසීමට
මද උණුසුම් ජලයට
ලැවැන්ඩර් සුගන්ද තෙල්
ක්ලෙරි සේජ් සුගන්ද තෙල්
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් පාදවල දුගඳ නැති වේ.
පාදවල දැවිල්ලට
නිදිකුම්බා තැම්බූ වතුරේ දෙපා දමා සිටින්න. පසුව එළඟිතෙල් වලට නාමල් රේණු මිශ්ර කර පාදවල ආලේප කර විනාඩි 30 කට පමණ පසු සෝදා හරින්න.
පාදවල වියළි බවට
එළඟි තෙල් ආලේපය
තල තෙල්වලට මී පැණි බිංදු කිහිපයක් දමා ආලේපය
යටි පතුල්වල ඝන බවට
මද උණුසුම් ජලයට අබ කුඩු හා ඉඟුරු කුඩු තේ හැදි 01 බැගින් දමා එම වතුරේ දෙපා දමා සිටින්න. පසුව තලතෙල් වලින් දෙපා සම්භාහනය කරන්න.
පා දෝවනය
පා දෝවනයෙන් බලාපොරොත්තු වන්නේ ප්රාණවත් බවක් ප්රබෝධමත් බවක් සහනයක් ලබා ගැනීමය.
සිසිල් බවකට
සිසිල් ජලයට සුදුහඳුන් කුඩු හා සැන්ඩ්ල් වුඩ් සුගන්ද තෙල් බිංදු කිහිපයක් දමා එම ජලයේ දෙපා දමා සිටීමෙන් සිසිල් බවක් ඇති වේ.
පාදවල දහදිය දැමීමට
මද උණුසුම් ජලයට
ලැවෙන්ඩර් සුගන්ද තෙල්
ජුනිපර් සුගන්ද තෙල්
ක්ලෙරි සේජ් සුගන්ද තෙල්
සයිප්රස් සුගන්ද තෙල්
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් දහදිය දුගඳ නැති වේ.
පාදවල වෙහෙසකර භාවයට
මද උණුසුම් ජලයට
ජුනිපර් සුගන්ද තෙල්
රෝස් මෙරි සුගන්ද තෙල්
ලැවෙන්ඩර් සුගන්ද තෙල්
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් පාදවල වෙහෙස කර භාවය නැති වේ.
ප්රබෝධමත් භාවයකට
මද උණුසුම් ජලයට
ජුනිපර් සුගන්ද තෙල්
රෝස් මෙරි සුගන්ද තෙල්
ලැවැන්ඩර් සුගන්ද තෙල්
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් ප්රබෝධමත් භාවය ඇති වේ.
නින්ද නොයෑම
පා දෝවනයක්
මද උණුසුම් ජලයට ඉඟුරු කුඩු තේ හැදි 01ක ප්රමාණයක් දමා එම වතුරේ දෙපා දමා සිටින්න. පසුව රත් කරන ලද තල තෙල් හෝ එළඟි තෙල් පාදවල ආලේප කරන්න.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි