Life
මුත්‍රාගල් නිට්ඨාවට සුවකර ගත හැකිද?
ප්රශ්නය -
වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 30 කි. වසර කිහිපයකට පෙර
මට මුත්‍රාගල් ඇතිවිය. ඒ සඳහා බටහිර ප්‍රතිකාර වාර කිහිපයක් ගත්තද නැවත
නැවතත් මුත්‍රාගල් ඇතිවීම නිසා බලවත් සේ පීඩාවට පත්ව සිටිමි. මෙය නිට්ඨාවට
සුවකර ගැනිSමට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවාද?
මාතර - එම්. එස්. ජයතිස්ස මහතා
පිළිතුර -
කෙනෙකුට
මුත්‍රා ගල් ඇතිවන්නේ ආහාරවල ඇති ඔක්සලේට් වැනි රසායනික පදාර්ථ ඝණී භවනය
වීමෙන් හටගන්නා ස්ඵටික රූපී සංඝටක නිසාය. එම ක්‍රියාවලිය දිගින් දිගටම
සිදුවන්නේ ආහාර ජීර්ණයේ ඇති දුර්වලතාවයන් නිසා බව බොහෝ දෙනෙකු නොදනී.
මෙම
තත්ත්වය ස්ථිරවම මඟහැරවීමේ ආයුර්වේද ප්‍රතිකාර පවතින අතර එම ප්‍රතිකාර
නිසිලෙස සිදුකළහොත් නැවත නැවත මුත්‍රාගල් හට ගැනිSම නිට්ඨාවට සුවකර ගත
හැකියි.
දියවැඩියා රෝගීන්ගේ
දැත් දෙපා හිරි වැටෙන්නේ ස්නායු දුර්වල වන විටදී
ප්රශ්නය -
වෛද්‍යතුමනි,
මම දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ගනු ලබන අයෙක්මි. මාගේ වයස 55 කි. ටික
දිනක පටන් මාගේ දැත් දෙපාවල හිරිවැටීමක් මතුවේ. වෛද්‍යතුමනි, මෙය
දියවැඩියා රෝගය නිසා මතුවන්නක්ද? මාගේ මෙම රෝග තත්ත්වය සුවකර ගත හැකිද?
අස්ගිරිය - සී. ගජනායක මහතා
පිළිතුර
- කලක් තිස්සේ දියවැඩියාව පවතින කෙනෙකුට ඇතිවන බොහොමයක් අතුරු ආබාධ
අතරින් අත් පා හිරිවැටීම නිසා පීඩාවට පත්වන රෝගීන් බොහෝමයක් මට නිතර
හමුවේ.
මෙහිදී හිරිවැටීමට හේතුවන්නේ බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ
ස්නායුවලට අවශ්‍ය පෝෂණය වැනි කාරණාවන් දුර්වලවීම සහ විෂ සංඝටක රුධිරයට
එක්වීම නිසාය.
එම නිසා ස්නායු අන්ත සංවේදයන්ට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන් මෙම හිරිවැටීමේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිවේ.
නිවැරදි
ආයුර්වේද ප්‍රතිකාරවලදී ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා යහපත් අතට පත්කරන
ප්‍රතිකාර සහ ශරීරයේ එකතුවන විෂ කොටස් බැහැර කිරීමේ විශිෂ්ට වැඩ
පිළිවෙලක් ඇති බැවින් මෙවැනි තත්ත්වයන් සාර්ථකව සුවකර ගැනීමේ හැකියාව ඇත.
මෙම රෝග පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක 071-3007000 හෝ 071-3009088 ඇමැතිය හැකිය.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks