Health
මුඛ පිළිකාවේ ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාවට
පසුගිය ජූලි 27 වැනිදා ලෝක හිස සහ ගෙල පිළිකා දිනය සමරනු ලැබීයග එහිදී හිස හා ගෙල ආශ්රිත පිළිකා දිනය සැමරුවද ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බැලීමේදී 90්රකටත් වඩා මුඛය තුළ හටගනු ලබන පිළිකා පිළිබඳ එහිදී අවධානයක් යොමු කරනු ලැබීයග විශේෂයෙන් මේ තත්ත්වය ශ්‍රී ලංකාවට සම්බන්ධව නම්ල නම් කළ යුත්තේ මුඛ පිළිකා දිනය ලෙසයිග ඊට හේතුව ලෝකයේම රටවල් අතුරින් විශේෂයෙන් පිරිමි පාර්ශවයේ අංක 01 පිළිකාව බවට පත්ව ඇත්තේ මුඛ පිළිකාවයිග ඒ අනුව අප රටේ පවතින පිළිකා වර්ග අතරත් ප්‍රධාන පිළිකාව මුඛ පිළිකාව වීමෙන් පෙනී යන්නේ එය තවමත් අපට විසදාගත නොහැකි කෙතරම් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් යන්නයිග
කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් අත් මිදීම සඳහා මේ වනතෙක් අප අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහිදී අවධානයට ලක් කළ යුතුයිග ලෝකයේ මෙන්ම ලංකාව තුළ පවතින මීට බලපාන හේතු සොයා යෑමේදී එම හේතු වළක්වා ගැනීමට අප රටක් වශයෙන් සැලකිය යුතු මට්ටමේ අවධානයක් යොමු කර නැති බව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක්ග නමුත් අප රටට සාපේක්ෂව අනෙකුත් රටවල් ඒ සඳහා ඉතා හොඳ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබීම ද විශේෂත්වයක්ග
නමුත් ජාතික පිළිකා මර්දන ව්යාපාරයල සෞඛ්‍ය අමාත්යංශයල පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පිළිකා පර්යේෂණ ආයතනය මඟින් විවිධාකාර ව්‍යාපෘති හරහා එදා පටන් අද දක්වා මේ පිළිබඳ අවධානය යොමු කළත් එම අවධානය ගැටලුවේ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවේග
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ මෙරට සිදු කෙරෙන පිළිකා සම්බන්ධ වෛද්‍ය පර්යේෂණවල දත්ත වාර්තා විශ්ලේෂණ සිදු කරන්නේ යම් කාලයක සිට ද එදා පටන් මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ අංක එකේ පිළිකාව බවත් ලෝකයේ වෙනත් කිසිදු රටක මුඛ පිළිකාව අංක එකේ පිළිකාව නොවන බවත් පැහැදිලියග එම නිසා ශ්‍රී ලාංකීය ජනතාවගේ නිරන්තර අවධානය ඊට යොමුවිය යුතු වුවත් අවාසනාවට එසේ සිදු නොවීම ඉතාමත් කණගාටුවට කරුණක්ග දිගින් දිගටම මේ තත්ත්වය අප රටේ පැවතීමත් දකුණු ආසියාවේ ඉහළ මට්ටමේ සාක්ෂරතාවක් පවතින රටක් ලෙස මුඛ පිළිකාව නැවැත්වීම තබා අඩු කිරීමටවත් නොහැකි වීම කෙතරම් අභාග්‍ය සම්පන්නදරෑ
මුඛ පිළිකාව සුලබ වීමට හේතු පිළිබඳ විමසා බලන විට මූලිකවම අප අවධානය යොමු කළ යුතු වන්නේ අපගේ ජන සංස්කෘතියටයිග මුඛ පිළිකා ඇතිවීමේ ප්‍රධාන හේතු කාරකය වන බුලත් විට මෙලෙස අපගේ ජන සමාජය සමඟ තදින්ම බද්ධව පැවතීමත් ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ජනතාවට නොමැති වීමත් ඉතාමත් කණගාටුවට කරුණක්ග කෙසේ වෙතත් බුලත් විටක අඩංගු වන එවැනි පිළිකා කාරක ද්‍රව්‍ය 2ක් පිළිබඳ මූලික වශයෙන් හඳුනාගත හැකියිග ඒවා පුවක් සහ දුම්කොළයිග මෑත ඉතිහාසයේ බොහෝදෙනා දුම්කොළ පිළිකා කාරක බව අවබෝධ කොටගෙන ඒවා විටත් සමඟ භාවිතා නොකළත් පුවක් ආහාරයට ගැනීම මඟින් ද පිළිකා ඇතිවන බව ඔබ දන්නවාදරෑ ඇතැම් අය මේ බව පිළිගන්නවා තබා විශ්වාස කිරීමටවත් අකමැති බව ඉතාමත් ප්‍රසිද්ධ රහසක්ග මේවා සමාජය සමඟ කෙතරම් තදින් බද්ධ වී පවතිනවාද යත් මඟුල් ගොදරකදීල මල ගෙදරකදීල පිංකමකදී මුලිකත්වයක් හිමිකර ගනු ලබන බුලත් හෙප්පුවේ පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වීම කෙතරම් භයානක සහ අභාග්‍ය සම්පන්න දරෑ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුද්‍රණය කරනු ලබන පිළිකා කාරක ලැයිස්තුවේ ප්රමුඛ පෙළේ පවතින පිළිකා කාරකයක් ලෙස මේ වන විටත් පුවක් නම් කර අවසන්ග නමුත් ගැටලුව වන්නේ කෙතරම් වැඩසටහහන් හරහා පුද්ගලයාගේ දැනුවත් භාවය සඳහා කටයුතු කළද අද වනවිටත් බොහෝ අය බුලත් විට කෑමට ඇබ්බැහි වී සිටීමයග සාමාන්‍යයෙන් මුඛ පිළිකා වැළඳී ඇති පිරිස් අතර බහුලව දැකගත හැක්කේ වයස අවුරුදු 50 - 70 අතර වයස් කාණ්ඩවල අයයිග එසේ වුවත් මිනිසාට වැළඳෙන පිළිකා අතුරින් ඉතාමත් පහසුවෙන් හඳුනාගත හැකි වැළඳුණහොත් වැඩි ප්‍රමාණයක් මිය යන පිළිකාවක් වශයෙන් මේ පිළිබඳ හැඳින්විය හැකියිග
තවද මිනිසාට වැළඳිය හැකි පිළිකා අතුරින් පූර්ව පිළිකා තත්ත්වයක් ලෙස තිබී පසුව පිළිකාවක් බවට පත් වන පිළිකා විශේෂයක් ලෙස ද මුඛ පිළිකාව පිළිබඳ හඳුන්වාදිය හැකියිග මිනිස් සිරුරේ ඇතිවන බොහෝ පිළිකා කල්තබා හඳුනා ගැනීමට නොහැකි නමුත් මුඛ පිළිකා පූර්ව පිළිකා තත්ත්ව ලෙස හඳුනාගත හැකි වීම ඉතා විශේෂයිග ඒ වගේම ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා රෝගීන් 100 දෙනෙකුගෙන් 30 පමණ පිළිකාව සෑදීමට පෙර මුඛ අධෝ ශ්ලේෂ්මල ෆයිබ්රොසියාව නම් පූර්ව පිළිකාව තිබූ බවට හඳුනාගෙන ඇතග
මෙම තත්ත්වය වසර ගණනාවක් තිබීමෙන් පසුව එය පසුකාලීනව පිළිකාවක් බවට පත් වේග මෙම පූර්ව පිළිකා තත්ත්වය ඇති කරන පුවක්වල අඩංගු පිළිකා කාරක මේ වනවිටත් විද්‍යාත්මක පර්යේෂණ මත තහවුරු කරගෙන අවසන්ග
අධෝ ශ්ලේෂ්මල ෆයිබ්රොසියාවේ මුල් කාලීන රෝග ලක්ෂණ වන්නේ මුඛයේ ඇතිවන දැවිල්ලයිග විශේෂයෙන් අදාළ පුද්ගලයා බුලත් විට භාවිතා කරන අයෙක් නම් ඒ පිළිබඳ අවධානය තව තවත් වැඩි කළ යුතුයිග මෙසේ මුඛය ආශ්‍රිතව ඇතිවන දැවිල්ලට පසුකාලීනව මුඛය ආශ්රිත පටකවල තිබෙන ඇදෙන සුලු බව නැති වී යාම නිසා ඒ ආශි‍්‍රත ශ්ලේෂ්මල පටලය ඝන වී අවසානයේ ඒවා සිමෙන්ති බදාම වැනි ස්වභාවයකට පත් වේග මෙසේ ඝනකම් වූ මාංශ පේශි නිසා මුඛය විවර කිරීම පවා ඉතා අපහසු විය හැකියිග මෙය ඉතාමත් සෙමින් සිදුවන ක්රියාවලියක්ග බොහෝදුරට බුලත් විට සැපීම පුරුද්දක් ලෙස සිදු කරන්නේ තරමක් ආර්ථික අතින් පහළ මට්ටමක සිටින අය බැවින් ඔවුන්ට තිබෙන අනෙකුත් ගැටලු නිසා ඉහත රෝග ලක්ෂණ පිළිබඳ තිබෙන අවධානය ගිලිහී යා හැකියිග අවසානයේ මුළු මුඛයම විවෘත කර ගැනීමට නොහැකි වීම මත පිළිකාමය තත්ත්වයක් ඇති වී තිබෙන බව පවා හඳුනා ගැනීම අපහසුයිග වෛද්‍යවරයෙක් වෙත අවාසනාවට රෝගියෙකු පැමිණෙන්නේ ඉහත අවදානම් සියල්ලටම මුහුණ දී අවසානයේ වීම ඉතාමත් කණගාටුදායකයිග
බොහෝදුරට මෙම පිළිකාවකදී වෛද්‍යවරයෙක් වෙත රෝගියෙකු මුල්කාලීනව පැමිණෙන්නේ නැතග මෙම පූර්ව පිළිකා ලක්ෂණවල සිටින අයෙක් නොකඩවා වෛද්‍ය සායනවලට සහභාගී වුණොත් පිළිකාවක් ඇති වීමේ මුල් අවස්ථාවේදීම වළක්වා ගත හැකියිග මේ රෝගී තත්ත්වයේ භයානක බව තේරුම් ගැනීමට බොහෝදෙනා අවාසනාවන්ත වීම ඉතාමත් කණගාටුවට කරුණක්ග
කටේ සුදු ලප ඇති වීමත් පූර්ව පිළිකා තත්ත්වයක් ලෙසින් හැඳින්වේග සුදු ලප ඇති වීම හා අධෝ ශ්ලේෂ්මල ෆයිබ්රෝසියාව ඉතා සුලබ පූර්ව පිළිකාවක් ලෙසින් හැඳින්වේග ඒ නිසා තමන්ගේ මුඛයේ සුදු ලපයක් තිබෙනවා නම්ල එසේත් නැත්නම් සුදු සහ රතු ලපයක් තිබෙනවා නම් තරමක් භයානක පූර්ව පිළිකා ලක්ෂණ ලෙස ඒවා හඳුනාගත යුතුයිග තවද කලාතුරකින් දැකගත හැකි රතු ලප ඉතාමත් භයානක අතර එවැනි ලප 90්‍රක් පමණ අවසන් වන්නේ පිළිකා බවට පත් වීමෙන් අනතුරුවයිග නමුත් ඔබ මතක තබා ගත යුත්තේ මුඛය තුළ ඇතිවන සෑම රතු ලපයක්ම පිළිකාවක් විය නොහැකි නමුත් ඒවා පිළිබඳ ඉතා හොඳ අවධානයකින් පසුවිය යුතු බවයග ඒ නිසා පූර්ව පිළිකා තිබෙන සෑම අයෙක්ම ඉතාමත් ක්‍රමානුකූලව වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි වෛද්‍ය සායනවලට යා යුතුයිග මුඛය තුළ ඇතිවන ඉරිතැලීම්ල මස් වැදලිල සුදු ලපල රතු ලපල කට විවර කිරීමේ අපහසුවල කට දැවිල්ලල දිව සෙලවීමට අපහසු වීම වැනි තත්ත්වයක් ඇති වී ඇති බව හඳුනාගත හොත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් විශේෂයෙන් දන්ත වෛද්‍යවරයෙක් වෙත යා යුතුමයි
curtesy :
dinamina.lk