Health
මුං ඇට වලට බෙහෙත් ගහනවා කියන්නේ ඇත්තද?
එදිනෙදා අප ආහාරයට ගන්නා ධාන්‍ය වර්ග අතර මුං ඇට ශ්‍රී ලාකේය ජනතාවට විශේෂිත ආහාරයකිග වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති මුං ඇට නැවුම් බවින් යුතුව මිලදී ගන්නේ කෙසේදරෑ පරිභෝජනයට සුදුසු නුසුදුසු මුං ඇට හඳුනාගන්නේ කෙසේදරෑ යන කරුණු ගැන සැලකිලිමත් වීම මුං ඇට ආහාරයට ගන්නා ඔබට වැදගත් වන නිසාම ඒ පිළිබඳ මෙවර අපි කතාබහට බඳුන් කළෙමුග
මුං ඇට කියන්නේ වෙළෙඳපොලේ නිරන්තරයෙන් අලෙවි වන වැඩිම ඉල්ලුමක් ඇති ධාන්‍ය වර්ගයක්ග
මුං ඇට ගැන කතා කරත්දී මුලින්ම කිවයුතු කරුණ තමයි මුං ඇට මිනිස් සිරුරට ඉතාම ගුණදායක ආහාරයක් බවග මුං ඇට ආහාරයට ගැනීමෙන් ඇඟ සිසිල් වෙන බවක් ආයුර්වේදයේ සඳහන් වෙනවාග එලෙසම මුං ඇට අප ආහාරයට එක් කර ගැනීමේදී හොඳින් මේරූ මුං ඇට ආහාරයට එක් කර ගත යුතුයිග ඒ සඳහා වෙළඳපොලෙන් මුං ඇට මිලදි ගැනීමේදී හොඳින් මේරූල වියළි මුං ඇට මිලදී ගැනීමට අප වගබලා ගත යුතුයිග ලපටි මුං ඇට වේලා විකිණීවීමට තබන අවස්ථා ද වෙළඳපොළේදී අපට දකින්නට ලැබෙයිග මෙම ලපටි මුං ඇටවල පෝෂණ ගුණය ඉතාම අල්පයිග ලපටි මුං ඇට තැම්බීමට ලක් කළ විට ඒවා තැම්බීමට කල්ගත වන අතර අපට ද නොයෙය් අපහසුතාවලට ලක්වීම සිදු වේග තැම්බීමට යෝග්‍යය හොඳින් මේරූ මුං ඇටයිග හොඳින් මේරූ මුං ඇටවල ලා නිල් පැහැයට හුරු කොළ පැහැති පූර්ණ වර්ණයක් දක්නට ලැබෙයිග දිලිසෙන ස්වභාවයක් ද දක්නට ලැබෙයිග පෙනුම අනුව මුං ඇටවල ස්වභාවය විශාලව පෙනෙයිග මේ තත්ත්වයන් අනුව හොඳින් මේරූ මුං ඇට බැලූ බැල්මට සොයා ගැනීමට හැකියිග නමුත් මේවා තුළද ගුල්ලන් විදින ලද අවපැහැ ගැන්වුණල කැඩුණල සිදුරු සහිත මුං ඇට පවතී නම් ඒවා කිසිවිටකත් මිලදී නොගත යුතුයිග එවැනි මුං ඇටවල පෝෂණ ගුණයක් නැතග ඒ මන්දයත් එම ඇටවල ගුණය එහි සිටින ගුල්ලන්ල පණුවන් වැනි සතුන් උරාගෙන ඔවුන්ගේ බහිස්රාවීය ද්‍රව්‍ය මුං ඇට මතට හෙලනු ලබන නිසයිග එම බහිස්රාවීය ද්‍රව්‍යවල විවිධ විෂ වර්ගල මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය අඩංගු විය හැකිල අවස්ථා වැඩියග හොඳින් මේරූ මුං ඇට කුඩා දරුවෙකුට පවා දෙන විවිධ ආහාර සංයෝගයන්ට එක් කරනු ලබන ධාන්‍ය වර්ගයකිග ඒ මුං ඇට දිරවීමට පහසුල ගුණදායක ආහාරයක් වන බැවිණිග පැලවීමට ආසන්න වූ මුං ඇට
ආහාරයට එක් කර ගැනීමෙන් වැඩි පෝෂණ ගුණයක් මිනිස් සිරුරට ලැබෙයිග මුං ඇට වතුරේ බහා දිනක් පමණ තැබූ විට එම ඇට පැළවීමට ලක් වෙයිග මෙලෙස පැළ වූ මුං බීජවල මුං ඇටයේ ඇති සියලු පෝෂ්‍ය පදාර්ථ එක්කාසු වීම සිදු වේග එවිට එම පැළ වූ මුං ඇට ආහාරයට ගැනීමෙන් මුං ඇටයේ අඩංගු සියලු පෝෂණ ගුණ සිරුරට ලැබේග ඒ නිසා පැළ වූ මුං ඇට ආහාරයට ගැනීම ඉතා ගුණදායකයග
මුං ඇට කල්තබා ගැනීමට හා කෘමින්ගෙන් රැකීමට රසායනික ද්‍රව්‍ය එකතු කරනවාදරෑ
මුං ඇටවලටත් මැලතියන් රසායනිකය මීට ප්‍රථම යොදා තිබුණත් නිරන්තරයෙන් සිදු කෙරෙන පරික්ෂණ හා වැටලීම් මඟින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ දඩුවම් කිරීමකට ලක් කරන බැවින් මෑත කාලේ ලංකාවේ පවතින මැලතියන් තහනමක් සමඟ මෙන්ම මිනිසුන්ගේ තිබෙන දැනුවත්භාවයත් සමඟ මුං ඇට සඳහා මැලතියන් යෙදීම බොහෝ සෙයින් වැළැකී තිබෙනවාග මෑතකාලයේ අප කළ වැටලීම්වලදී මැලතියන් යෙදූ මුං ඇට හමු වුණේ නැති තරම්ග
හොඳල නැවුම් මුං ඇට තෝරා ගන්නේ කෙසේදරෑ
හොඳ මුං ඇට වෙළඳපොළෙන් සොයා ගැනීම තරමක් අසීරුයිග වෙළඳපොළේ හොඳින් මේරූ මුං ඇට වගේම පරිභෝජනයට නුසුදුසු නොමේරූ මුං ඇට වේලා විකිණීමට තබන අවස්ථා මෙන්ම ගුල්ලන්ල පණුවන් මෙන්ම කැඩුණු මුං ඇට ද විකිණීමට තබා තිබෙන අවස්ථා දක්නට ලැබෙන නිසා සාමාන්‍යයෙන් මේරීමට ලක් වූ මුං ඇට ජලයට දැමූ විට එම ඇට ජලයේ ගිලී යන අතර මේරීමට ලක් නොවූ ලපටි මුං ඇට ජලයේ පාවී යන බවක් දක්නට ලැබේග එලෙසම සාමාන්‍ය පමණට වඩා කුඩා ප්‍රමාණයේ ඇට දක්නට ලැබේ නම් එයත් නොමේරූ මුං ඇට වියළාල එනම් මේරීමට ප්‍රථම අස්වැන්න නෙළා ගත් මුං ඇට විකිණීමට තබා ඇති අවස්ථාවක් විය හැකියිග
මුං ඇට තැම්බීමට ප්‍රථම හොඳින් සේදීම අත්‍යවශ්‍ය කරුණකිග මුං ඇට හොඳින් සෝදා පෙඟීමට දැමිය යුතු අතර රාත්‍රිය පුරා මුං ඇට පෙඟීමට ලක් වූ ජලය ද ඉවත් කර යළිත් දෙතුන් වතාවක් සෝදා තැම්බා ගැනීම වැදගත් වේග
මුං ඇට තැම්බූ ජලය බීම ගුණදායයකදරෑ
මුං ඇට තම්බූ වතුර බීම ගුණදායක වන නමුත් අප බීමට ගත යුත්තේ රසායනික ද්‍රව්‍යල කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ බවට සහතික කර ගත හැකි පිරිසුදු මුං ඇට තැම්බූ ජලය පමණිග හේනකින් අස්වනු නෙළන විගස සුද්ද කළ පිරිසුදු මුං ඇට තම්බා එහි ජලය බීම යෝග්යයග නමුත් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා මුං ඇට තැමබූ ජලය පෙරා බීම සියයට සියයක්ම අනුමත කළ නොහැකග බොහෝවිට විශාල ලෙස මුං ඇට ඇසිරූ ගබඩාවල ඇති මුං ඇට කෘමි හානි උවදුරුවලින් වළක්වා ගැනීම සඳහා ධූමායනය :ටදථඪඨචබඪධද- කිරීමකට ලක් කරනවාග මෙලෙස රසායනික ද්‍රව්‍යයක් ගබඩාවලදි භාවිතා කරන නිසා මුං ඇට තැම්බූ ජලය පානය කිරීම අවදානම් සහිතයග නිවෙසේදී හෝ සාමාන්‍ය හේනක වස විසෙන් තොරව වගාකර ගත් මුං ඇට තම්බා එම වතුර පානයට ගත හැකි නම් එය ඉතාම යෝග්‍ය පෝෂණීය පානයක් වනවාග
මුං ඇට යනු ප්‍රෝටීන් අධිකල විටමින් හා ඛනිජ ලවණ බහුල ධාන්‍ය වර්ගයක්ග මිනිස් ශරීරය සිසිල් කරනු ලබන ගුණ තිබෙන නිසාම උදේ ආහාරයක් ලෙස මුං ඇට ආහාරයට එක් කර ගන්නවා නම් එය ඉතාම වැදගත්ග මුං ඇට කබලේ බැද පියලි කර ව්‍යංජනයක් ලෙස ආහාරයට එක් කර ගැනීමත් ගුණදායකය
curtesy :dinamina.lk