ප්රශ්නය - සර්වාංග වෛද්‍යවරියක වූ ඔබ දීර්ඝකාලීනව පෞද්ගලික මට්ටමින් පිළිකා රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කරන බව අපට දැන ගන්නට ලැබුණා. ඒ අතර පසුගිය දිනෙක කළ විදේශ සංචාරයකදී මුවාගේ වැදැමහ සහ මැංගුස්ටින්, තක්කාලි, කෝමාරිකා, අලිගැටපේර තෙල්, පරවි මල් ඇතුළු ශාක සාර සහ සත්ත්ව කොටස් 10 කින් සාදන ලද පිළිකා නාශක ඖෂධයක් සාදන ආකාරය ගැන ඔබට අත්දැකීමක් ලැබුණු බවත් අපට දැනගන්නට ලැබුණා. මේ සියල්ලටම කලින් අපට කියන්න ආයුර්වේදය මගින් පිළිකාව සුවපත් කළ හැකිද?
වෛද්‍ය රේණුකා අල්විස් - පිළිකා රෝගය සුව කළ හැකි වන්නේ එක්තරා මට්ටමකදී විතරයි. එතැනින් එහාට පුළුවන් වෙන්නේ පිළිකාව පැතිර යැම වැළැක්වීමයි. පිළිකාව පැතිර යැම වැළැක්වූ තැන සිට එය ටිකින් ටික සුවපත් කෙරුණ අවස්ථා ගැනත් අප අසා තිබෙනවා. මැංගුස්ටින් සහ කෝමාරිකා මුල් කරගෙන හදන ඖෂධයන් ගැන උදාහරණයක් මට කිව හැකියි. වරක් මේ ඖෂධය මගින් ගැබ් ගෙල පිළිකාව හැදුන කාන්තාවකට ප්‍රතිකාර කරනු ලැබුවා. මාස 3 ක ප්රතිකාරවලින් පසු ඇගේ ගැබ් ගෙල ප්‍රදේශයේ පිළිකා සෛලවලින් 80% ක් අතුරුදන් වුණා. තවත් මාස 2 කට පසු ඉතිරි සෛල 20% ක් අතුරුදන් වුණා.
ප්රශ්නය - ඔබ කියන අලුත් ඖෂධය මගින් සිදු කරන්නේ කුමක්ද?
වෛද්‍ය රේණුකා අල්විස් - ඔබ කියන්නේ මැංගුස්ටින්, මුවාගේ වැදැමහ, තක්කාලි, කෝමාරිකා ඇතුළු ද්‍රව්‍ය 10 ක් අඩංගු ඖෂධය ගැන නම් එයින් කාර්යයන් දෙකක් සිදු වෙනවා. පළමුවැන්න තමයි මුල් කාලයේදීම හඳුනා ගන්නා පිළිකා සෛල විනාශ කිරීම. දෙවැන්න තවදුරටත් පිළිකාව පැතිර යැම වැළැක්වීම. මේ දෙකෙන් කොයික කළත් පිළිකාව සුවපත් කරන්නට ආරම්භයක් ගන්නට පුළුවන්.
ප්රශ්නය - පිළිකාවක් හැදෙන්නේ කොහොමද?
වෛද්‍ය රේණුකා අල්විස් - පිළිකාව කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. එය වර්ධනය වන්නේ අවට තිබෙන පටක සහ ග්රන්ථීන් කා දමමිනි. මෙහෙම කලක් ගත වනවිට පිළිකා සෛල පවතින ප්‍රදේශය තුළ විස එකතු වීමට පටන් ගෙන වටපිටාවේ තිබෙන සෛල මහත් වේගයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. තවත් කලක් යනවිට ඒ ප්‍රදේශය ඉදිමෙනවා. ඊළඟට ඒ හරහා යන රුධිරය ඔස්සේ ඇඟ පුරාම මෙය පැතිර යනවා.
සාමාන්‍යයෙන් නිරෝගී සෛලයක ක්‍රියා පිළිවෙත තමයි වර්ධනය වෙලා නැවත දෙකට බෙදෙමින් තිබී සුදුසු කාලයේදී මිය යැම. පරණ සෛල මිය යන විට අලුත් සෛල එතැනට එනවා. එහෙත් පිළිකා සෛල මැරෙන්නෙ නැහැ. ඒවා සිරුර පුරා පැතිරෙමින් දෙගුණ වෙනවා. පිළිකාවක් හැදෙන්නේ පහත සඳහන් කාරණා නිසයි.
mangus1. DNA විකෘතිතා හට ගැනීම
2. ජානමය හේතු
3. දුම්කොළ, ඇස්බැස්ටෝස් තන්තු, ආසනික් යනාදිය ශරීරගත වීම විකිරණවලට සහ පාරජම්බුල කිරණවලට හසුවීම
4. දුම් ඉරීම, සිගරට් බීම, සුරුට්ටු බීම. අන් අය නිකුත් කරන සිගරට් සුරුට්ටු දුම් ආඝ්‍රාණය කිරීම සහ දුම්කොළ අනුභව කිරීම.
5. මත්පැන් පානය සහ ස්ථුල භාවය
6. ක්‍රියාකාරී ජීවිතයක් ගත නොකිරීම
7. සූර්ය තාපයට අධික ලෙස බඳුන් වීම (මෙය චර්ම පිළිකාවලට හේතුවකි.)
8. ගැමා කිරණවලට ලක්වීම.
ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවද?
වෛද්‍ය රේණුකා අල්විස් - උණ, මහන්සිය, සිරුර වේදනා ගෙනදීම, ශරීරයේ තැන් තැන්වලින් අසාමාන්‍ය ලෙස රුධිරය ගැලීම, දිගින් දිගටම පවතින වියළි කැස්ස, ආහාර නොදිරවීම සහ ගිලීමට අපහසු වීම, හිටි හැටියේම බර අඩුවීම, හමේ ස්වභාවය වෙනස් වීම.