Kitchen
මසාලා රසක් එක්ක ඉදෙන කුකුළුමස්
ඕන වෙන දේවල් :-
කුකුළුමස් ග්‍රෑම් 700 ක්
අඩු මේද යෝගට් එකක් (රස ගැන්වීම් නැති)
බැදපු තුනපහ
කෑලි මිරිස්
රම්පෙ
කරපිංචා
තලාගත් ඉඟුරු
තලාගත් සුදු ළුණු
මසාලා පව්ඩර් තේ හැඳි 2 – 3 ක්
සූදුරු තේ හැන්දක්
මහදුරු තේ හැන්දක්
සියඹලා ටිකක්
රස අනුව ලුණු
හදන්නේ මෙහෙමයි :-
කුකුළුමස් සාමාන්‍ය තරමේ කොටස්වලට කපාගන්න. තලාගත් සුදු ළුණු, ඉඟුරු, ලුණු, මිරිස් කුඩු, සියඹලා සහ මසාලා පව්ඩර් එක තේ හැන්දක් එකට කලවම් කරලා මේ කුකුළු මස්වල තවරා පදම්වෙන්න හරින්න.
විනාඩි 15 ක් තිබුණම ඇති.
දැන් මැටි හට්ටියකට මේ පදම් වූ මස් දමන්න. එයටම උණු වතුර කෝප්පයක් එකතු කරලා තැම්බෙන්න හරින්න. සූදුරු සහ මහදුරු එකතු කරන්න. වතුර සම්පුර්ණයෙන්ම හිඳී අවසන් වෙන්න නොදෙන එක හුඟක් වැදගත්.
මස් හොඳින් තැම්බූ පසු ලිපේ ගින්දර අඩු කර එයට යෝගට් එක දමන්න. හොඳින් මිශ්‍ර කරමින් ඉතිරි මසාලා පව්ඩර් එයට එකතු කරන්න.
හොදි ගතිය හිඳෙන තෙක් පිසගන්න.