Beauty
මල් පෙති වන් දෙතොලක අරුමය
කාන්තා දෙතොලක් මල් පෙති මෙන් හැඩකාරව, සුසිනිඳුව තිබිය යුතු බව කාගේත් මතයයි. මුහුණ මැද ඇති රෝස පෙති දෙකක හැඩය ගත් දෙතොල කාන්තා මුහුණට ගෙන දෙන්නේ අලංකාරයක්.
එහෙත් ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් යම් යම් අඩුපාඩු ඇතිව පිහිටා ඇති අතර එම`ගින් මුහුණේ අලංකාරයට හානි ගෙන දෙනවා. ඒ නිසා අලංකාර දෙතොලක් මේකප් ම`ගින් ලබාගන්නේ කෙසේදැයි අද අපි පාඩමෙන් ඔබට වටහා දෙන්නෙමු.
සාමාන්‍යයෙන් අලංකාර දෙතොලක් ලෙස සැලකෙන්නේ උඩුතොලට වඩා මඳක් පළලින් පිහිටි නියම හැඩයෙන් යුතු දෙතොලකි. එහෙත් පහත දැක්වෙන ලෙසින් වෙනස් වූ හැඩයන්ගෙන් යුතු වූ දෙතොල් ද ඔබේ සේවාදායකයන්ට තිබිය හැකියි. මේ දෙතොල් අපි මේකප් ම`ගින් නිවැරැදි කරගන්නේ කෙසේදැයි බලමු.
පහළ තොල සිහින්ව පිහිටි විට
පළමුව ලිප් ලයිනර් පැන්සලක් ගෙන උඩුතොල පිහිටි ආකාරයටම අවුට් ලයින්කර යටි තොල ස්වාභාවිකව පිහිටි තැනට පිටතින් සලකුණු කරන්න. මෙය දෙතොලේ ආලේප කිරීමට යන පාටට වඩා තද පාටක් විය යුතුයි. නමුත් කළු පාටින් මෙලෙස ඇඳීමෙන් සිදු වන්නේ දෙතොල තවත් අවලස්සන වීමයි. එලෙස සටහන් කරගත් පසු දෙතොල මත සම්පූර්ණයෙන් ම තොල් ආලේප තවරන්න.
ලොකුවට පිහිටි පිරුණු දෙතොල්
මෙම දෙතොලේ විශාල බව අඩුකර මේකප් කළ යුතු වේ. ඒ සඳහා මුහුණට වුන්ඩේෂන් ආලේප කරන විටම දෙතොල්වල ස්වාභාවික අවුට් ලයින් එක වැසී යන ලෙසට වුන්ඩේෂන් තැවරිය යුතුය. ඉන්පසු දෙතොල ඇතුළතින් ලිප් ලයිනර් පැන්සලක් ආධාරයෙන් අවුට් ලයින් එක සටහන් කරගත යුතු වේ. පසුව එම සටහන් කරගත් රාමුව තුළ තොල් ආලේපන තැවරිය යුතුය. මෙවැනි දෙතොල්වලට තද වර්ණයකින් යුතු තොල් ආලේපන වඩාත් ගැළපේ.
කුඩාවට පිහිටි දෙතොල්
කුඩා දෙතොල මුහුණේ ප්‍රමාණයට ගැළපෙන ලෙස ප්‍රමාණයෙන් මඳක් විශාලකර සටහන් කළ යුතුය. එම නිසා ලිප් ලයිනර් පැන්සලකින් දෙතොල වටාම දිගින්, ඉහළ සහ පහළ දෙසින් දෙතොලින් පිටතින් ලකුණුකර ඒ තුළ දෙතොල් ආලේපන ගැල්වීම කළ යුතුය. ළා වර්ණ මෙවැනි දෙතොලකට වඩාත් සුදුසුය.
ඉහළ තොල සිහින්ව පිහිටි විට
ඉහළ තොල සිහින්ව පිහිටි විට එය පිටතින් සලකුණුකර එහි සිහින් බව අවශ්‍ය ප්‍රමාණයට සකස්කර ගත යුතුය. නමුත් මෙය යටි තොලට වඩා ප්‍රමාණයෙන් අඩු විය යුතු බව ඔබ මතක තබා ගත යුතු වේ. නිසි ප්‍රමාණය සලකුණු කළ පසු තොල් ආලේපන යොදා පිරුණු ලස්සන දෙතොලක් ලෙස සකස් කරන්න.
ඉහළ තොලේ හැඩය නිසි ලෙස නොපිහිටි දෙතොල්
ඉහළ තොල නාසයේ සිදුරුවලට කෙළින් දැකුම්කලු ලෙස නියම හැඩයෙන් පිහිටා තිබිය යුතුය. එසේ නොපිහිටි විට එම හැඩය නිසි ලෙස සටහන් කරගන්න. එනම් ලිප් ලයිනර් පැන්සලකින් එය නිසි පරිදි ඇඳ තොල් ආලේපන ගැල්වීම කළ යුතුයි.
සම්පූර්ණයෙන් ම සිහින්ව පිහිටි දෙතොල්
ඉහළ සහ පහළ දෙපසින් ම දෙතොලෙහි පිටතින් සලකුණු කරගත යුතුය. මෙහිදී පහළ තොල මඳක් ප්‍රමාණයෙන් විශාලකර ඇඳගන්න. කෙසේ වෙතත් මෙම දේවල දී මුහුණේ ප්‍රමාණයට ගැළපෙන ලෙස එය කළ යුතුය.
සමබරව නොපිහිටි තොල්
මේකප් කිරීමට යාමේදී යමකුගේ දෙතොල් සමබර නැති බව දුටුවොත් නිසැකවම එය නිවැරැදිකර දෙතොල් ආලේපන තැවරිය යුතුය.
ලිප් අවුට් ලයිනර් භාවිතකර ඉහළ සහ පහළ දෙතොලේ සමබර නොවන තැන් නිවැරැදිකර ඇඳගන්න. මධ්‍යස්ථ වර්ණයේ තොල් ආලේපන දෙතොලේ ගැල්වීම සුදුසුය. එතරම් නෙත් ඇද නොගන්නා වර්ණ (දභඤඥ වර්ණ) භාවිතයෙන් අන් අයගේ අවධානය එතරම් ඇද නොගන්නා ලෙස සියුම්ව මෙය කළ හැකි වේ.
pasanliya.info
(under the courtesy of goodhousekeeping.lk web)