Health
මලකඩ නැති ඇණයක් ඇණුනත් පිටගැස්ම හැදෙන්න පුළුවන්
පිටගැස්ම යනු ඔබ සිතනවාට වඩා භයානක රෝගයකිග පිටගැස්ම වැළඳීමෙන් 60්‍ර පමණ පිරිසක් ඇතැම්විට මියැදෙන්නට පවා පුඵවනග නමුත් එදා මෙන් අද පිටගැස්ම රෝගීන් දක්නට ලැබෙන්නේ නැතග හේතුව සෞඛ්‍ය සේවාව මඟින් පිටගැස්ම වැළඳීම වැළැක්වීමට කලක් තිස්සේ ආරම්භ කර තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නතයිග
පිටගැස්ම රෝගය ඇතිවන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නම් බැක්ටීරියාවෙන්ග පසෙහි දක්නට ලැබෙන මෙම බැක්ටීරියාව බහුල වශයෙන් ජීවත් වන්නේ සත්ව මළ :ගොම- වලින් පොහොර කරන ලද කෘෂිකාර්මික ගෙවතු හා බිම්වලයග මීට අමතරව දූවිලි සමඟ මිශ්‍ර වී නගර මධ්‍යයන්හි සෙසු ගොඩනැගිලි තුළත් අහුමුළුවල නිර්වායු තත්ත්වයන් යටතේ ටෙටනස් රෝග කාරක බැක්ටීරියාව ජීවත් විය හැකියග බැක්ටීරියාව වැඩෙන්නේ ඔක්සිජන් වායුව නැති පරිසරයන්හිදීයග ඔක්සිජන් වායුවට නිරාවරණය වූ විට ක්ලොස්ටට්රීඩියම් ටෙටනි බැක්ටීරියාව විනාශ වී යයිග
අප සිරුර තුළට බැක්ටීරියාව ඇතුලු වූ විට එය වැඩෙන්නේ එම ස්ථානයේ ඔක්සිජන් නොමැති නම් පමණිග යම් කටුවක් වැනි දෙයක් සිරුරේ ගැඹුරට ඇනුණු විට ඇතිවන තුවාලය ප්‍රදේශයේ රුධිර සංසරණයට අඩු නම් හෝ යම් තුවාලයක් වූ විට ඒ අවට පටක විනාශ වී යාමෙන් රුධිර සංසරණය ඇණහිටී නම් එම ස්ථානයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වන නිසා පිටගැස්ම බැක්ටීරියාව ලෙහෙසියෙන් වර්ධනය විය හැකියග
මෙසේ වර්ධනය වන ටෙටනස් බැක්ටීරියාව විසින් විෂ ස්රාවයන් හෙවත් ටොක්සීනයක් නිපදවයිග එය ඉතාමත් අන්තරාකාරීයග ටෙටනස් ටොක්සීනයෙන් මිලි ග්රෑමයකින් දහයෙන් පංගුවකට හොඳින් වැඩුණු මිනිසෙකු මරා දැමිය හැකියග
ටෙටනස් බැක්ටීරියාව වර්ධනය වූ තුවාලයේ සිට ටොක්සීනය ස්නායු දිගේ සුසුම්නාවට හා මොළයට ගමන් කරයිග ටොක්සීනය ස්නායු තුළට ඇතුල් වූ පසු කිසිවක් කළ නොහැකග කිසිදු ඖෂධයකින් හෝ වැක්සීනයකින් ඒවා විනාශ කිරීමට හෝ උදාසීන කර දැමීමට නොහැකග
පිටගැස්ම විෂබීජය හෙවත් ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි බැක්ටීරියාව සිරුරට ඇතුලු වී දින 6 -10 අතර කාලයකදී සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතු වේග :කලාතුරකින් මෙය එක් දිනකින් හෝ මාස කිහිපයකින් වුවද විය හැක- බොහෝ රෝගාබාධවලදී මෙන් හිසරදයල ඇගේ පතේ රුදාව හා උණ පළමුවෙන් මතු වේග
රෝගයේ විශේෂිත වූ ලක්ෂණ මතු වන්නේ ඊළඟටයග එනම් පිටගැස්ම විෂ ස්නායුගත වී ඒවා උත්තේජනයේ හේතුවෙන් ඇති වන සිරුර පුරා දක්නට ලැබෙන පේශීන්ගේ හැකිලීමයිග මෙම පේශි හැකිලීම හොඳින් දක්නට ලැබෙන ස්ථානයකි හකුපාඩග කට හැරීමට නොහැකි තරමට හකු තද වෙයිග මෙම තත්ත්වය (Lock jaw) නමින් හඳුන්වනු ලැබේග
බඩෙහි :උදරයෙහි- පිහිටි පේශිද තද වෙයිග අවසානයේදී පිටෙහි පිහිටි පේශීන් අධික ලෙස සංකෝචනය වන නිසා පිට සහ ගෙල දුන්නක් ලෙස පිටිපස්සට නැමෙයිග යම් උත්තේජනයක් කළ පමණින් පේශි දැඩිව සංකෝචනය වන නිසා පිටගැස්ම පිටුපසට නැමී යයිගග පිටගැස්ම නැමැති නම එම රෝගයට සිංහලයන් විසින් භාවිතා කරන්නට ඇත්තේ ඒ නිසයිග මුහුණෙහි පේශීන්ගේ සංකෝචනය නිසා මුහුණේ අමුතු සිනහවක් මතු වුණා සේයග මෙය ලතින් භාෂාවෙන් (Risus Sar Donicus) නමින් හඳුන්වයිග
හුස්ම ගැනීමේ අපහසුතාව ද තදින් රෝගියාට දැනෙයිග විෂ මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමත් සමඟම එමඟින් පාලනය වන හෘද ස්පන්දන වේගය අඩු කර දමයිග රුධිර පිඩනය අඩු හෝ වැඩි වී යයිග උෂ්ණත්වය එකවර ඉහළ යයිග
මළකඩ සහිත ඇණයක් හෝ කටුවක් ඇනුණොත් පිටගැස්ම හැදෙනවා යයි විශ්වාසයක් අප අතර ඇතගගඇණයක මලකඩ තිබුණු පළියට පිට ගැස්ම හැදෙන්නෙ කොහොමදරෑ එහි ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නමැති බැක්ටීරියාව තිබුණොත් පමණයි පිටගැස්ම හැදෙන්නෙග
පිරිසිදු ඇණයක හෝ ඉදිකටුවක වුවත් පිටගැස්ම විෂබීජය තිබුණොත් එය මලකඩ අල්ලා නැති වුණත් පිටගැස්ම හැදෙන්න පුළුවන්ග එදා අශ්ව ගාල්වල වැටී තිබුණු පරණ මලකඩ කාපු අශ්ව ලාඩං කකුලේ ඇනීමෙන් ඒවායේ වැඩ කළ අයට බොහෝවිට පිටගැස්ම හැදුණාග
එයට හේතුව අශ්ව ගාල්වල ඇති ගොමවල තිබුණු පිටගැස්ම විෂබීජය අශ්ව ගාල තුළ දූවිලි සමඟ විසිරී යාමේ හේතුවෙන් ඒවායේ වැටී තිබුණු මල ඇල්ලූ ලාඩංවලද සැඟවී තිබීමයිග නමුත් පිටගැස්ම විෂබීජය නැති තැනක ඇති මල ඇල්ලූ ඇණයක් හෝ ලාඩමක් අපේ කකුලේ ඇනුණාට පිටගැස්ම හැදෙන්නේ නැති බව දැන් තේරෙනවා ඇතිග
පිටගැස්ම රෝගයෙන් වැළකී සිටීම සඳහා එන්නත් හෙවත් ප්‍රතිශක්තිකරණය අද අප රටේ තිබෙනවාග පිටගැස්ම වැළැක්වීම සඳහා ඉතාමත් සාර්ථක එන්නත් තිබෙනවාග හැම දරුවෙකුටම කුඩා කාලයේදී ලබාදෙන ට්‍රිපල්:ත්‍රිත්ව- එන්නත මඟින් පිටගැස්ම හැදීම වැළැක්වෙනවාග ත්‍රිත්ව එන්නත මඟින් වැළැක්වෙන අනෙක් රෝග දෙක නම් කක්කල් කැස්ස සහ ගලපටලයයිග
පිටගැස්ම හැදෙන්නට ඉඩකඩ ඇති හැම කෙනෙකුටම පිටගැස්ම ධූලකාභය හෙවත් පිටගැස්ම එන්නත ලබාදීමට වෛද්‍යවරු හා සෞඛ්‍ය ආයතන පියවර ගනීග තුවාලයක් වී රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත එන සෑම පුද්ගලයකුටම පිටගැස්ම එන්නත කලින් ලබාදී නැත්නම් එය ලබාදීමට පියවර ගන්නේ ඒ නිසයිග
ඔබ දැනටමත් පිටගැස්ම එන්නත් තුනක් ලබාගෙන ප්‍රතිශක්තිකරණය සම්පූර්ණ කර ඇත්නම් අවුරුදු 05කට වරක් පරිපූරක වඩියක් ලබා ගැනීම නුවණට හුරුයිග
මතක තබා ගන්නග පිටගැස්ම එන්නත ලබා දීමෙන් පසු සිරුරේ ගොඩනැගෙන ප්‍රතිදේහ මඟින් පිටගැස්ම විෂබීජය විනාශ කරන්නේ නැතග එමඟින් කරන්නේ පිටගැස්ම විෂබීජය මඟින් නිපදවන විෂබීජ හෙවත් ටොක්සීනය උදාසීන කිරීමයි
curtesy :
dinamina.lk