Beauty
මනාලියක් වීමට සැරසෙන ඔබට සම පැහැපත් කරන ස්වාභාවික Face Masks 4ක්
සුන්දර මනාලියක් ලෙස පති කුලයට යාම සෑම යුවතියකගේම පාහේ සිත්තුල තිබෙන මිහිරි සිහිනයක්. ඉතින් මනාලියක් වන දිනය පැහැපත්ව සිටීමට යුවතියන් කැමතියි. මේ ලිපිය ලියැවෙන්නේ ඔවුන් වෙනුවෙන්. නිවසේදීම පහසුවෙන් සුළු වෙලාවක් තුලදී සාදාගත හැකි මෙම ස්වාභාවික face masks ඔබේ සමට අමුතුම එළියක් ගෙන දේවි.
මෙම face mask මුහුණේ ආලේප කිරීමට පෙර scrub එකකින් සම පිරිසිදු කරගන්නට අමතක කරන්න එපා. මී පැණි සහ සීනි එක්කල ස්වාභාවික scrub එකක් නම් එය වඩා සුදුසුයි.
දොඩම් සහ කෙසෙල් face mask එක
කපාගත් ඉදුණු කෙසෙල් හොඳින් පොඩි කර ගන්න
එයට දොඩම් යුෂ සහ මී පැණි මේස හැන්දක් බැගින් එකතු කරන්න
පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 15-20 තබන්න
මද රස්නයක් ඇති ජලයෙන් සෝදා හරින්න.
පිපිඥා සහ බිත්තර white toning face mask
කුඩා පිපිඥා ගෙඩියක බාගයක් පමණ කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩර් කරගන්න.
කිරිපිටි මේස හැඳි දෙකක් එක් කරන්න
බිත්තරයක සුදු මදය ද එක්කර හොඳින් මිශ්ර කරගන්න.
මිනිත්තු 15ක් පමණ තබා සෝදා හරින්න.
පලතුරු යුෂ face mask එක
කුඩාවට කපා ගත් අන්නාසි කෝප්ප ¼ ක් සහ ගස්ලබු කෝප්ප ¼ ක් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
කෝමාරිකා සාරය මේස හැඳි 2ක් එක් කර හොඳින් මිශ්ර කරගන්න.
මිනිත්තු 15ක් පමණ තබා මද රස්නයක් ඇති ජලයෙන් හොඳින් සෝදා හරින්න.
මිශ්රණයේ ඉතිරිය ශීතකරණයක් තුල තබා සිනා තුනක් ඇතුලත නැවත භාවිතයට ගත හැකියි.
කහ සහ සඳුන් face mask එක
කහ කුඩු හා සඳුන් මේස හැඳි එක බැගින් කිරි හෝ රෝස වතුර සමඟ මිශ්ර කරගන්න.
මුහුණේ සහ බෙල්ලේ ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා මද රස්නයක් ඇති ජලයෙන් සෝදා හරින්න.
ඉන්පසුව පුළුන් කැබැල්ලක් කිරිවලින් පොඟවා කහ කුඩු තවත් මුහුණේ රැඳී ඇත්නම් ඒවා පිරිසිදු කරගන්න.
රෝස පෙති සහ ආමන්ඩ් face mask එක
නැවුම් රෝස පෙති අහුරක් පමණ ගෙන පැය දෙක තුනක් සිහිල් ජලයේ දමා තබන්න
එම රෝස පෙති හොඳින් අඹරා ගන්න.
මී පැණි මේස හැඳි 1ක් පමණ දමා හොඳින් මිශ්ර කරගන්න.
එම මිශ්රණයට almond essential oil බිංදු දෙක තුනක් එක් කරගන්න.
ආලේප කර විනාඩි 15ක් පමණ තබා මද රස්නයක් ඇති ජලයෙන් සෝදා හරින්න.
මේ සෑම face mask එකක්ම ඉවත් කිරීමන් පසුව moisturizer එකක් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks
Related