පිළිකා යනු ඉතා භයානක රෝග සමූහයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැම් පිළිකා හඳුනා ගැනෙනුයේ ඉතා ප්‍රමාද වී බැවිනුත්, තවත් සමහරක් පිළිකා කල්තබා හඳුනා ගත්තද එම පිළිකාවල ඉතා දරුණු ස්වභාවය නිසාමද සුවකර ගැනීම ඉතා අපහසු බවක් පෙන්නුම් කිරීමද රහසක් නොවේ. මෙවැනි පසුබිමක් මත පිළිකා රෝගීනුත්, ඔවුන්ගේ පවුල්වල අයත් තම අසරණතාව නිසාම පිළිකා සුවකර ගැනීම සඳහා කිසියම් හෝ පිළිසරණක් හඹායැම පුදුමයට කරුණක් නොවේ.
පිළිකා සුව කිරීමට හෝ යම් කාලයකට පාලනය කර තබා ගැනීමට කරනු ලබන සම්මත ප්‍රතිකාරයන් වන ශල්‍ය කර්ම, විකිරණ ප්‍රතිකාර, පිළිකා නාශක ඖෂධ සහ හෝමෝන ප්‍රතිකාර ලබාදීමේදී යම් අතුරු ආබාධ ඇතිවිය හැකි නමුත් ඒවා අවමයක් කරගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත. කෙසේ නමුත් බොහෝ පිළිකා රෝගීන් සාර්ථකත්වය ඔප්පු කර නොමැති වෛකල්පිත පිළිකා ප්‍රතිකාර වෙත ඇදී යනුයේ ඒවායින් විශ්මිත ප්‍රතිඵල අපේක්ෂාවෙනි.
මඤ්ෙÆක්කා ආහාරයට ගැනීමෙන් පිළිකා සුවකළ හැකි බවට මතයක් ලංකාව තුළ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට පටන් ගත්තේ 2010 වර්ෂයේදීය. වසර 7 කට කලින් සිදුවූ දෙයක් ගැන අද දිනයේ විමර්ශනයක් කිරීමට හේතුව කුමක්දැයි කුතුහලයක් පාඨක ඔබ තුළ මතුවන්නට පුළුවන. සම්මත ප්‍රතිකාරවලට යොමු නොවී මඤ්ෙÆක්කා ප්‍රතිකාරයට යොමුවීම නිසා අමාරුවේ වැටුනු පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් අපි දැක ඇත්තෙමු. මීට ප්‍රධානම හේතුව අනවබෝධය සහ අසරණකම බව පැහැදිලිය. එබැවින් දැනුවත් කිරීම ඉතා වැදගත්ය.
මඤ්ෙÆක්කා ආහාරයක් ලෙස සියවස් ගණනාවක්ම පරිභෝජනය කර ඇත. ලංකාවේ එක් විශේෂඥ වෛද්‍යවරයකු පළකරන ලද වාර්තාවක සඳහන් වන පරිදි පෘතුගීසින් විසින් එය අප්‍රිකාවට හඳුන්වා දී තිබිණි. ආහාරයක් ලෙස මඤ්ෙÆක්කා අල (මුල්) සහ දලු ඉතා රසවත්ය. පිළිකා නැසීමට තරම් හැකියාවක් මෙම ආහාරය තුළ තිබේද? ඉන්දියාව හෝ ලංකාව තුළ පාරම්පරික වෙදකම තුළ පවා පිළිකා නැසීමට මඤ්ෙÆක්කා යොදාගත් බවට සඳහනක් නැත.
මඤ්ෙÆක්කා පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස හඳුන්වා දී තිබුණේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියකින් තොරවය. වසර 7 කට ප්‍රථම තමාට ෙමෘත්ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව වැළඳී තිබූ පිළිකාවක් (Transitional cell carcinoma) නිසා එක් වකුගඩුවක්ද, ඒ පැත්තේම මුත්‍ර නාලියද, මුත්‍රාශයේ කොටසක්ද ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර ගැනීමට එක් විශ්‍රාමලත් විශේෂඥ වෛද්‍යවරියකට සිදුවිය. ඉන් අනතුරුව ඉතා නිවැරැදි ලෙස විකිරණ ප්‍රතිකාරයද ඇය ලබා ගත්තාය. සම්මත ප්‍රතිකාරයේ සාර්ථකත්වය පෙන්නුම් කරමින් වසර 7 ක කාලයක් පිළිකාව නැවත මතු නොවී තිබිණි. ඇයට කරන ලද ශල්‍ය කර්මයේ ස්වභාවය බැලූ කළ තරමක් පැතිරී තිබූ පිළිකාවක් බවට අනුමාන කළ හැකිය. එසේ පැතිරී තිබූ පිළිකාවක් වසර 7 ක කාලයකට නැවත මතු නොවීමට කරගනු ලැබූ ප්‍රතිකාරය ඉතා සාර්ථක එකක් විය යුතුමය. නමුත් අවාසනාවකට වසර 7 කට පසුව නැවතත් ඇයගේ මුත්‍රාශය තුළ පිළිකාව මතුවී ඇති බවට සොයා ගැණුනි. මෙය කලින් පැවති පිළිකාවේ ද්විතීයික අවස්ථාවක් හෝ එසේ නොමැතිව අලුතින්ම මුත්‍රාශය තුළ මතුවූ පිළිකාවක් වීමටද ඉඩ ඇති නමුත් ඒ ගැන ස්ථිරවම පැවසීම ඉතා අපහසුය. කෙසේ නමුත් සිරුරේ කිසියම් අවයව පද්ධතියක කොටසක පිළිකාවක් ඇතිවීමට බලපාන කාරණාව එම පද්ධතියේ අනෙක් කොටස්වලටද බලපාන බැවින් මේ ආකාරයට අලුතින් පිළිකාවක් ඇතිවීමේ හැකියාවද ඇත. එය ,field cancerization, ලෙස හඳුන්වනු ලබයි. මෙවැනි පිළිකා රෝගීන් බොහෝමයක් සායනයන් තුළ අපි දැක ඇත්තෙමු. ඒ කෙසේ වෙතත් දෙවැනියට මුත්‍රාශය තුළ මතුවූ පිළිකාවටද ඇය සාර්ථකව ශල්‍ය කර්මය කරගන්නා අතර එහිදී පිළිකාව මුත්‍රාශයේ මාංශපේශි දක්වා පැතිරී තිබුණේද? එසේ නොමැතිව
මතුපිට ස්ථරයේ පමණක් අපිච්ඡදයට සීමා වූ පිළිකාවක් ලෙස තිබුණේ දැයි පැහැදිලිව සඳහන් කර නොතිබිණි. එම පිළිකාව අපිච්ඡදයට පමණක් සීමාවූ ඉතා හොඳින් ප්‍රභේදනය වූ පිළිකාවක් නම්, එම ශල්යකර්මයෙන්ම වසර ගණනාවකට නැවත මතු නොවී පාලනය කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබේ.
කෙසේ නමුත් මේ අවස්ථාවේදී අනෙක් ඕනෑම පිළිකා රෝගියකු කරන්නා සේ ඇය ද පිළිකා සුව කිරීම සඳහා ඇති අනෙකුත් ප්‍රතිකාර ගැන සොයා බලන්නට විය. එහිදී අන්තර්ජාලයේ වූ එක් වෘත්තීමය නොවන වෙබ් අඩවියකින් පිළිකා සඳහා කිරීමට යෝජනා කරනු ලැබූ මCඳ්ෙC¹ක්කා ප්‍රතිකාරය ගැන ඇය දැනුවත් විය. එම ප්‍රතිකාරය මසක් කර තම පිළිකාව එමගින් සුව වූවාය යන නිගමනයට ඇය පැමිණියේ පර්යේෂණයක් සිදුකර නිගමනයක් ලබා ගැනීමට සිදුකළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදයේ සියලුම පියවරවල් උල්ලංඝනය කරමිනි.
ඉහත වෙබ් අඩවියේ සඳහන් කළ මCඳ්ෙC¹ක්කා ප්‍රතිකාර සඳහා මූලික වූ ඉතිහාස කරුණ ඊළඟට විමසා බලමු. දශක ගණනාවකට පෙර ඇෆ්ගනිස්ථානයේ සේවය කළ බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකුගේ නිරීක්ෂණයක් මීට මුල් වී තිබිණි. ඔහුගේ නිරීක්ෂණය වූයේ ඇප්රිකොට් නම් ගසේ ගෙඩි ආහාරයට ගන්නා නිසා එම ඇෆ්ගනිස්ථාන වැසියන් තුළ පිළිකා ඇතිවීම ඉතා අඩු බවය. ඇතැම් විට එම වෛද්‍යවරයා බ්‍රිතාන්‍යයේ මිනිසුන් අතර පිළිකා ඇතිවීමේ ප්රවණතාවත් ඇෆ්ගනිස්ථාන වැසියන් අතර පිළිකා ඇතිවීමේ ප්රවණතාවත් සංසන්ධනය කළා විය හැකිය. දශක ගණනාවකට පෙර පිළිකා පිළිබඳ දැනුම වෛද්‍යවරුන් අතර පවා ඉතා අඩු වූ බැවින් එම බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාගේ නිගමනයට සමාව දිය හැකිය. පිළිකා පිළිබඳ හොඳ දැනුමක් ඇති ඕනෑම කෙනෙකු දන්නා කරුණක් වනුයේ මිනිසුන් ජීවත් වන ආයු කාලය වැඩිවත්ම පිළිකා ඇතිවීමේ හැකියාව වැඩිවන බවය. සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ඉතා අඩු ඇෆ්ගනිස්ථානයේදී ඉහත සඳහන් කළ කාල වකවානුවේදී මිනිසුන්ගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 30 ත් 40 ත් අතර ඉතා අඩු අගයක පැවතුනි. එබැවින් එම මිනිසුන් බොහෝ විට පිළිකාවක් සෑදීමට තරම් කාලයක් ජීවත්වන්නේ නැත. බොහෝ දෙනෙක් ඉතා අඩු වයසකදී ආසාදන නිසා මියගොස් තිබිණි.නමුත් මහා බ්‍රිතාන්‍යයේ මේ වනවිට සෞඛ්‍ය පහසුකම් ඉතා හොඳින් දියුණුව පැවැති නිසා ආසාදන නිසා මිය යැම ඉතා අඩු මට්ටමක පැවතුනු බැවින් මිනිසුන් වැඩි කාලයක් ජීවත් විය. එවිට පිළිකා සෑදීමේ අවස්ථාව වැඩි වූ බැවින් බ්‍රිතාන්‍යයේ පිළිකා රෝගීන් ඇෆ්ගනිස්ථානයට වඩා ඉතා බහුලව හමුවිය. එබැවින් ඇෆ්ගනිස්ථානයේ මිනිසුන් අතර පිළිකා බහුල නොවීමට හේතුව ආහාරයට ගන්නා ඇප්රිකොට් නොව ඔවුන් පිළිකා සෑදීමට ප්‍රථම අඩු වයසින් මියයැම බව පාඨක ඔබට හොඳින් පැහැදිලි වනවා ඇත. කෙනෙක් වයසට යන විට පිළිකා ඇතිවීමේ හැකියාව වැඩිවන බවට හොඳම නිදසුන ලංකාවේ පිළිකා මර්දන ව්‍යාපාරය මගින් මුද්‍රණය කළ ප්‍රකාශ කර ඇති වසර 2010 ලංකාවේ පිළිකා දත්ත පොතය. එහි එක් එක් වයස් කාණ්ඩවල අයගේ පිළිකා ඇතිවී තිබෙන ප්‍රමාණයන් දක්වා ඇති ස්ථම්බ ප්‍රස්ථාරය නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ වසර 40 ට පෙර පිළිකා ඇති වූ රෝගීන් ප්‍රමාණය ඉතා අඩු බවත් වයස 40 ට පසු ශීඝ්‍රයෙන් පිළිකා රෝගීන් ගණන වැඩි වන බවත් ය.
කෙසේ වෙතත් ශාක වලින් පිළිකා නාශක ඖෂධ වෙන්කර ගත් අවස්ථා ඕනෑ තරම් ලෝක ඉතිහාසයේ ඇත. එබැවින් මCඳ්ෙC¹ක්කා වල පිළිකා නාශක හැකියාවක් ඇත්නම් මේ වන විට එය ඖෂධයක් බවට පත්කර වෙළෙඳපොළට ඇවිත් ඇතුවාට කිසිම සැකයක් නැත. පැක්ලිටැක්සේන් පිළිකා නාශක ඖෂධය වෙන්කර ගත්තේ ශාකයකිනි. නමුත් එක් මාත්‍රාවක් සාදා ගැනීමට නම් ශාකයේ කි. ග්රෑ. 6 ක් වත් ඒ සඳහා යොදා ගත යුතු විය. එය ශාකයේ ඇති ස්වභාවයෙන්ම ශරීරගත කළ නොහැකිය.
එබැවින් මCඳ්ෙC¹ක්කා පමණක් නොව පිළිකා සුව කිරීමට කියා පොලොස්, දෙළුම් ආදී දේ ආහාරයට ගන්නා අයට ද කිව යුත්තේ මෙයමය. කෙසේ වෙතත් මේවා ආහාර ලෙස ලබා ගන්නා දේවල් බැවින් ශරීරයට විෂ නොවන නිසාත්, පිළිකා රෝගීන් ඒවා පරිභෝජනය කළාට වරදක් නැත. නමුත් සම්මත ප්‍රතිකාරයෙන් ඉවත් වී පිළිකා ප්‍රතිකාරයක් ලෙස ඒවා යොදා ගැනීම මුලාවකි. කෙසේ වෙතත් සම්මත ප්‍රතිකාරය නිසා සුවවන හෝ යටපත් වන පිළිකාවල ප්‍රතිකාරයේ සාර්ථකත්වයේ ආරෝපණය මCඳ්ෙC¹ක්කා හෝ පොළොස්වලට ලබා දීම ඉතා අසාධාරණය.