Beauty
බේකින් සෝඩා වලින් දත් සුදු කර ගන්න හැටි
ඔබෙත් දත් දුර්වර්ණ වෙලා ද? විශාල වියදම් යන ප්‍රතිකාර නැතුව බේකින් සෝඩා වලින් කොහොමද ලේසියෙන්ම දත් සුදු කර ගන්නේ කියල තමයි අද කියන්න යන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ක්‍රමය පටන් ගත්ත කියල දිනපතා දත් මදින එක නතර කරන්න එහෙම එපා. එකත් කරන ගමන් මේ ක්‍රමයත් අත්හදා බලන්න.
ෆ්බ්- ලිකෙ-බෙග්
ඉතාම කෙටියෙන්
බේකින් සෝඩා තේ හැඳි භාගයක් වතුර හෝ දෙහි බින්දු කිහිපයක් සමග මිශ්‍ර කරන්න.
එම මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබේ දත් බුරුසුවට දමා ගන්න.
විනාඩි 2 ක් පමණ දත් මදින්න
සති දෙකක් පමණ යන තුරු දවසක් ඇර දවසක් මෙය කරන්න
සති දෙකෙන් පසු සතියට දවසක් හෝ දෙකක් පමණ කරන්න
01) මුලික ක්‍රමවේදය
01. දෙහි හෝ වතුර සමග බේකින් සෝඩා මිශ්‍ර කරන්න
කුඩා භාජනයක් ගෙන එයට බේකින් සෝඩා තේ හැඳි භාගයක් සහ දෙහි හෝ වතුර බින්දු කිහිපයක් දමන්න. ඉන් පසු එය තලපයක් (පේස්ට් එකක්) වන තුරු හොඳින් මිශ්‍ර කර ගන්න. එවිට එය භාවිත කිරීම පහසු වේ. ඔබගේ දත් බුරුසුව හෝ ඔබගේ ඇඟිලි අධාරයෙන් මෙය ඔබගේ දත් වල ආලේප කරන්න. ඔබේ දත්වල තදින් කහට වැදුණු තැන් තියනවා නම් මිශ්‍රණයෙන් ස්වල්පයක් එතන ආලේප කර විනාඩියක් දෙකක් පමණ තියන්න. ඉන් පසු බුරුසුව හෝ ඇඟිලි ආධාරයෙන් ඒ ටික ඉවත් කරන්න.
වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙය භාවිත කිරීමට පෙර ඔබගේ දත් හොඳින් වියලා ගැනීම කළ හැකියි.
ඔබට දත් සියල්ලම සුදු කර ගැනීමට අවශ්‍ය නම් දත් බුරුසුවේ කෙඳි වල මෙම මිශ්‍රණය හොඳින් දැවටෙන සේ බුරුසුව මෙම පේස්ට් එකේ දවටා දත් මැදීම සිදු කරන්න.
බේකින් සෝඩා වල රසය තරමක් අමුතු විය හැක
02. විනාඩියක් හෝ දෙකක් පමණ ඔබගේ දත් මැදීම සිදු කරන්න.
ඔබ සාමාන්‍යයෙන් සිදු කරන ලෙස දත් මැදීම සිදු කරන්න. දත්වල පැල්ලම් ඇති ස්ථාන මැදීමට වග බලා ගන්න. බේකින් සොඩාවල ඇති රළු ගතිය නිසා එයින් එනමලයට හානි විය හැක. එනිසා විනාඩි දෙකට වඩා වැඩියෙන් දත් මැදීමෙන් වලාකින්න. පැත්තට දත් මැදීමෙන් වලකින්න. ඔබ රුපවාහිනියේ දකින පරිදි උඩට සහ පහලට පමණක් දත් මැදීම සිදු කරන්න.
තරමක් මෘදු බුරුසුවක් භාවිත කරන්න
බේකින් සෝඩා වල රසය තරමක් අප්‍රසන්න විය හැක.
03. සෝදන්න
දත් මැදීමෙන් අනතුරුව කටේ ඇති බේකින් සෝඩා ඉවතට විසිකර හොඳින් කට සෝදන්න. මේ සඳහා වතුර හෝ මුව සෝදන ද්‍රාවණයක් භාවිත කළ හැක. ඉන් පසු බුරුසුවද හොඳින් සෝදන්න.
04. දවසක් ඇර දවසක් මෙය කරන්න.
සතියක් හෝ දෙකක් පමණ වනතුරු ඔබ මෙය දවසක් ඇර දවසක් කළ යුතුය. දවස් දෙක තුනකින් ඔබට දත්වල පැහැයේ සුළු වෙනසක් දැක ගත හැකි වේවි. සතියකින් පමණ ඔබට පැහැදිලි වෙනසක් දැක ගත හැකි වේවි.
නොකඩවා බේකින් සෝඩා වලින් දත් මැදීමෙන් ඔබගේ එනමලයට හානි විය හැක. එනිසා සති දෙකකට පසු දවසක් ඇර දවසක් මැදීම වෙනුවට සතියට වරක් හෝ දෙවරක් මැදීම සිදු කරන්න.
ඔබ බේකින් සෝඩා වලින් දත් මදින කාලය තුල ඔබ දිනපතා සාමාන්‍ය ලෙස දත් මැදීමද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.
ඔබ බේකින් සොඩාවලින් දත් මැදීමට ප්‍රථම වෛද්‍යවරයකු හමුවී එය සුදුසු දැයි නිශ්චිතව දැන ගන්න. ඇතැම් අයට මෙමගින් අසාදන හා විදුරුමස් හානි වීම ආදිය සිදු විය හැක.
02) විකල්ප ක්‍රම
01. බේකින් සෝඩා හයිඩ්රජන් ෆෙරෝක්සයිඩ් සමග මිශ්‍ර කිරීම.
හයිඩ්රජන් ෆෙරෝක්සයිඩ් කියන්නෙත් දත් සුදු කිරීම සඳහා යොදා ගත හැකි තවත් ඉතා හොඳ ද්‍රව්‍යයකි. හයිඩ්රජන් ෆෙරෝක්සයිඩ් තේ හැඳි භාගයක් සහ බේකින් සෝදා තේ හැන්දක් හොඳින් මිශ්‍ර කර පේස්ට් එකක් සදා ගන්න. කලින් විධියටම එයින් දත් මැද විනාඩි දෙකකින් පමණ වතුර හෝ මුඛ සෝදනයක් මගින් සෝදා හරින්න.
හයිඩ්රජන් ෆෙරෝක්සයිඩ් ෆාමසියකින් ඔබට මිලදී ගන්න පුළුවන්. මෙය දුඹුරු පැහැති බෝතලයක දමා ආලෝකය හා ප්‍රතික්‍රියා නොකන ලෙස ගබඩා කර ඇත.
02. බේකින් සෝඩා දෙහි යුෂ සමග මිශ්‍ර කරන්න.
දෙහි යුෂ සමග බේකින් සෝඩා මිශ්‍ර කිරීම ද තවත් සාර්ථක ක්‍රමයක්. දෙහි යුෂ තේ හැඳි භාගයකට බේකින් සෝඩා තේ හැඳි භාගයක් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. පෙර පරිදිම දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැද විනාඩියකින් පමණ හොඳින් සෝදා හරින්න.
දෙහි වල ඇති ඇසිඩ් ගතිය නිසා බොහෝ දන්ත වෛද්‍යවරුන් මෙම ක්‍රමය අනුමත නොකරයි. ඒ නිසා මෙම ක්‍රමය භාවිත කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුතුය.
03) දත් බෙහෙත් සමග බේකින් සෝදා මිශ්‍ර කිරීම.
ඔබ සාමාන්‍යයයෙන් භාවිත කරන දත් බෙහෙත්වලට බේකින් සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර එයින් දත් මැදීමෙන්ද ඔබට දත් සුදු කර ගත හැක. ඔබ වෙනදා භාවිත කරන තරමටම දත් බෙහෙත් ගෙන එයට බේකින් සෝඩා ඉතාම ස්වල්පයක් ඉසින්න. එයින් දත් මැද ඉහත කී පරිදිම සෝදා හරින්න.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks